සඳක් ලදිමි

ඇය සඳට උපමා කලෙමි.
මගේ සඳ ගැන වර්ණනා කලෙමි, කවි ලිව්වෙමි
සදේ ලප සැගවුවෙමි, එළිය පමණක් දුටුවෙමි.
පුරා හදක් පැතූ මට ලැබුනේ අමාවකක් පමනි.
මා හිත හදා ගත්තෙමි. දුක් වුනෙමි.

හිරු, සදු කැරකෙමින් දින ගෙවුනි.
තාරුකා ගැලපී දිනක් ලැබුනි.
මගේ ලෝකෙටත් සඳක් උදාවිය.
අලුත් සඳක් මා අසල විය.

ඔයා හරි හුරතල්… කැමතිද මගෙ හාවා වෙන්න…

කලින් උපමා කල සඳ මගේ නෙත් අසල විය.
උපමාව රූපයකයක් වී ඇත.

මන් හිතුවට වඩා සඳ ලස්සනයි… මාත් කැමතියි…

මම පුදුම වෙමි. සිහිනයක් යැයි කොනිත්තා ගත්තෙමි.
තාමත් ඇය මා අසලයි. මා පුදුම වෙමි.

ඇත්තටම! මට හරි පුදුමයි. හීනයක් වගේ..

මගේ සිතුවිලි ඇගේ වචන විය.

ප.ලි – පුරා හද ඇති රැයක් ලෙස දැනෙයි ජීවිතේ…

තොටියෙක්මි

පීනාගෙන යන්න ගඟට ඇයව,
මා පාරුවට නග්ගා ගත්තෙමි.
ඇයට ගගේ වගතුග කියා දුනිමි.
ජලයෙන් පෙණ පිඩු එන ලස්සන,
ගල්වල වැදී ජලයෙන් එන සිලි සිලි සද්දය,
හිටිගමන් උඩ පනින මාළු ගැන,
මැණ්ගිරි ඩිඟිකෝ කවි මෙන්ම
ජලයේ ගැඹුරු තැන් ගැනද ඇයට කියා දුනිමි.
ජලයේ සිටින නපුරු සතුන් ගැන කියා දුනිමි.
උන්ගෙන් බේරෙන්න කියා දුනිමි.
උන්ගෙන් බේරෙන ආකාරය දැන් මමත් නොදනිමි.
ඇයත් මමත් තාමත් ගගේ යමු.
පාරුවේ බොහෝ අය සමග දැන් හිතවත්ය.
මා ඇයව පාරුවට ගන්න අත දුන් කෙනා පමණි.
පාරුවේ තොටියා මමයැයි ඇය සිතනවාද මම නොදනිමි.

මම ඇයට පෙම් නොකළේමි.
ඇය මට පෙම් කල බව මා සිතා සිටියෙමි.
මම එය සිත සිතා කල් ගත කළෙමි.
මුකුත් නොකළෙමි.
ඇය මට පෙම් කර නැත.
හිතට දුකක් නැතිමුත් එය සිත සිතා කල් ගත කරමි.
මුකුත් නොකරමි.
නොදැනුවත්වම මම ඇයට පෙම් කර ඇත.

.ලිගඟත් කවදා හරි මුහුදට වැටෙනවා ඇත. එතකම් යමි.

ඉරිදාට…

අද දවසත් පුළුවන් ඉක්මනට ගෙවිලා යාවි.
ඇයි මං ඉරිදට මෙච්චර ආදරේ
සතියෙ දවස් පහට අච්චර අකමැති?
කොයි දවසටත් පැය 60යි. හෝරා 24.
ඒත් මට ඒක තේරෙන්නෙ නැති හැටි.
මංම මවාගත්ත ලෝකයේ
සතියෙ දවස් 5 මමම අකමැති වෙලා.
ඉරිදට විතරක් කැමති වෙලා.
කොච්චර වැඩ තිබ්බත්
ඉරිදා තියෙන නිහඩ බවට තනිකමට
මන් හරිම ආසයි.
මං කැමති හින්දම ඉරිදා මාව දාලා යනවා.
සඳුදා අඟහරුවාදා මගෙ වටේ කරකැවෙනවා.
ඉරිදට අකමැති අයත් ඇති.
හුගක් අය වගේ,  මං තාම බලන් ඉන්නෙ සිකුරාදා එනකන්.

.ලිඇවිල්ලා ඒකත් ඉවර වෙනකන්.

පුදුම රස්නයක්

dark_sky-1831

රත්වෙලා කරකුට්ටන් වුනු
තනිකඩ මගේ පොළොවට
අහසම කළු කරලා, ගොරවලා,
නුඹෙන් ආපු මහා මේඝයෙන්වත්
ඇති වෙන්න තෙමිලා
මගේ තිබබ මීහරක් ගිණියම
මැකෙයි කියලා මන් හිතුවෙ.
නුඹ දෙන්නෙත්
කඳුලු බින්දු දෙක තුනක් පමණක්නම්
තියාගන්න ඒකත්
මට දැන් ඕන කරන්නෙ
මාව සීතල කරන්න පුලුවන්
හිම කන්දක්, අයිස් වැස්සක්…

ප.ලි – ඒත් ස්තුතියි ඔබට. මට දුන්නු වැහි බිදු දෙක තුනට.

අඹ මලුත් පිපී දස අත

මල්සරාට හී විදින්න
සතර අතේ පිපි අඹ මල්…
පහුගිය කල් වලට වඩා
මේ කාලේ පුදුම වෙනස්…
එහෙනම් සැරසෙව්!
ඊළග වසන්ත කාලෙට
තව දෙතුන් දොහොකින්
කා හැකි කාට කාටත්!
ඔව් ඔව් අමු අඹ
කන කෙනාගෙ මූණ ඇඹුල්වෙන
බලන් ඉන්න උන්ගෙ කටට කෙළ උනන

.ලිමේ සැරේවත් කමුද අඹ?

යහපාලනේ

සල්ලි ටිකක් ගන්න බැංකුවට ගියා
NDB එකක් නෑලු WTC එකේ
කවුද යකෝ මුදල් ඇමති?
මේකද යහපාලනේ?

හවස පට්ට බඩගිනී
කන්න PNS එකට ගියා
ඔක්කොම කෑම ඉවරයි
මේකද යකෝ යහපාලනේ?

එලියට බැස්සම හොදටම වැස්ස
අපි යනවෙලාවටම වහිනවා රෙද්ද
මොකටද අපි මුන්ට ඡන්දෙ දුන්නෙ?
කැබිනට් ඇමතිලා අච්චරලු මෙච්චරලු
වැස්සට වග කියන්න එකෙක් නෑ
මේකද යහපාලනේ?

තෙමීගෙනම ස්ටේශමට දිව්වා
කෙහෙල් ලෙල්ලක් පෑගිලා තව පොඩ්ඩෙන් හොම්බෙන් යනවා
මිනිහෙක්ට පාරෙ යන්න නෑනෙ
මේකද යකෝ යහපාලනේ?

විනාඩි 5යි පරක්කුවුනේ
කෝච්චිය ගිහිල්ලා
මේකද යහපාලනේ?

ඔක්කොම කරලා මේක දාන්න හදනකොට
ඉන්ටර්නෙට් එක සොලෝ
මේකද යකුනේ යහපාලනේ?

ප.ලි – අනේ මන්දා මෙහෙම ගිහින් දවස් 100ට පස්සෙ මුන් මොනා කරාවිද කියලා.

අනාගතේ බැනුම් අසයි

මට ඕන විදිහට උඹව හදාගන්න
මන් කොච්චර හැදුවත්
හැමදාම තෝ හැදුනෙ
වෙන එවුන්ට ඕන විදිහට
එක එකාගෙ විදිහට තෝ නටනවා නම්
මන් තෝව අතෑරලා දානවා
තෝ නටපන් ඕන විදිහකට
හැබැයි මාව පච නොවෙන විදිහට

ප.ලි – අනේ මන්දා තෝ කවදා හැදෙන එකෙක්ද කියලා

Previous Older Entries

Follow

Get every new post delivered to your Inbox.

Join 945 other followers

%d bloggers like this: