ම‍‍ගේ ගැන

මම මගේ ගැනම කියා ගන්නවා කියන්නෙ මම පොර කියන එකනේ. මම ඉතින් හැමදාම පන්සිල් ගත්තෙ නැතිවුනාට හොඳ බෞද්ධයා. බොරු කියන්නෙ කාට හරි වරදක් වෙන් නැති තරමට තමා. වැඩියෙන් පොරොන්දු වෙලා තියෙන්නෙ බාලදක්‍ෂ පොරොන්දුව වුනාට එක තමා මම වැඩියෙන්ම කඩ කරන්නෙ. අනුන්ට මම කොහොමත් උදව් කරනවා. හැබැයි කඩේ යන්න බෑ. කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් මම බෑ කියන්නෙ කලාතුරකින්. මම විශ්වාසය කියන එකට සෑහෙන්න ගරු කරනවා. කවුරුහරි ඒක නැති කරගත්තොත් ඉවරයි. පොඩ්ඩක් සිරාවට ඉන්නෙ බාලදක්‍ෂ කරනකොට තමා. මම ඉතින් සහය බාලදක්‍ෂ නායකනෙ. පිලිවෙලට ඉන්න එපායැ. අනෙක් වෙලාවට පට්ට ආතල් එකේ තමා ඉන්නෙ. මම හැමොටම බනිනවා කියල තමා මගේ යාළුවො කියන්නෙ. ඒ වුනාට කාගෙවත් හිත රිද්දවන්න මම කැමති නෑ. මගේ යාළුවෙක් තරහ වුනොත් කොහොම හරි යාළුකරගන්නවා. මම දන්න දෙයක් කොහොම හරි කාට හරි උගන්නන්න මම කැමතියි. මොකක් හරි ලෝකෙට කරල ලංකාව ආයේ මහා රාවන රජුරුවන්ගෙ කාලෙට කලින් වගේ ලස්සන තැනක් කරන්න තමා බලාපොරොත්තුව.

නම නම් රාජපක්‍ෂ පතිරගේ දොන් දිනුක තිලංග පෙරේරා. පෘතුග්‍රීසීන්ගේ මෙලෝ රහක් නැති වාසගමක් තමා තියෙන්නේ. ලංකාවේ වැඩියෙන්ම හොරු ඉන්න ගමක තමා ඉන්නෙ. මහරගමට නම හැදුනෙත් ඉස්සර හිටපු හොර මුලක් හින්දනේ. මහරගමට වැඩියෙන්ම කට්ටිය එන පාංකඩ පමුණුවේ හෙන දුරක් ගියාම අපෙ ගෙවල් තියෙන්නෙ.

මහරගම ජනාධිපති විද්‍යාලයට තම ඉගෙන ගන්න ගියේ. මොනවා වුනත් මම මගේ ඉස්කොලයට මාර ආදරෙයි. ඒ කාලේ ඉගෙන ගත්තට අමතරව වැඩකට ඇති වැඩකට කලේ බාලදක්‍ෂ තමා. මම ජනාධිපති විද්‍යාලයේ 46 වැනි ජනාධිපති බාලදක්‍ෂයා. ලංකාවෙම 4849 වැනියනේ.

දහම් පාසල් ගියේ ලංකාවේ ලොකුම දහම් පාසල සිරි වජිරඤාණ ධර්මායතනයට. අපෙ අම්මා, මල්ලි, නංගි ඔක්කොම ඒකෙ ලොකු තනතුරු දරපු/දරන කට්ටිය තමා. මම නම් නිකන්ම නිකමෙක්. දහම් පාසලට කෙසේ වෙතත් මම පන්සලට හරි ආසයි. මඩිහෙ හාමුදුරුවො, රාහුල හාමුදුරුවො, සෝම හාමුදුරුවො වගේ ලංකාවේ බුද්දාගම ආරක්‍ෂාකරන්න කැප වෙච්ච හාමුදුරුවරු හිටපු පන්සලක්නේ. දැන් අමරපුර මහා නිකායේ අනු නායක ත්‍රිකුණාමලයේ ආනන්ද හාමුදුරුවො තමා මට මුලින්ම අකුරු ඉගැන්නුවෙ.

අම්මා මාව බලෙන්ම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට දැම්මනේ. අකමැතෙන් ගියාට මම හුගක් දේවල් ඉගෙන ගත්තා. කොහොම හරි පරිගණක විද්‍යාව කරන්න කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනයට ආවා.

විශ්ව විද්‍යාල ජිවිතය නම් මට මාර ආතල්. කොළඹ තිබ්බට මේක පරාදීසියක්. මට යාළුවො ගොඩක් හම්බ වුනා. ලංකාවේ වටේම රවුම් ගහන්න වරම් හම්බ වුනා. කඳු නගින එක මගේ විනොදාංශයක්නෙ. කඳු නැග්ග වගේම පිටිසර ගම් වල ඉස්කෝල වලට ගිහිල්ල උගන්නන්නත් මට පුළුවන් වුනා.

මුලින්ම ඉතින් වැඩ කරන්න ගියෙ අපෙ විශ්ව විද්‍යාලේම තැනක. හරියටම කිව්වොත් Network Operating Center එකේ. ලංකාවෙ නෙට්වර්ක් ගැන ඉගෙන ගන්න හොද පොට් එකක් තමා එතෙන. මම නම් කලේ එහෙම දෙයක්ම නෙමේ. මට තිබ්බෙ මනඃකල්පිත විශ්ව විද්‍යාලයක් තනන්න. ඒකෙන් මම සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. අදටත් ලංකාවෙ ඒ වගේ වැඩක් කරන්න ගිය කට්ටිය හරි අඩුයි.  කැම්පස් එකේ හිටපු ලස්සනම කාලෙ වගේම දුකම හිතෙන කාලෙත් ඒක වුනා. ජීවිතේ අමතක නොවන අත්දැකීම් ගනනාවක්ම ඒ කාලෙදි විදින්න පුලුවන් වුනා.

කොහොම හරි අන්තිමට පෙරේත පාදෙන් උපාදිය ගොඩ දා ගත්තා. 2010 අගෝස්තු 31 වෙනිදයින් තමා ජීවිතේ ලස්සනම කාලෙ අවසන් වුනේ. ඒ අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ ඊ මාර්කටින් අයි කියලා කම්පැනි එකක PHP  මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක් ලෙස රස්සාවක් ලැබුනා. විශ්ව විද්‍යාලෙ ගත්ත ආතල් එක්ක බලනකොට රස්සාව නම් කරුමයක් විතරයි. ඒත් ඉතින් කොල්ලෙක් වුනාම මේ දුක විදින්න වෙනවානෙ. මොනා කරන්නද.

මට මේ ජීවිතේ ලැබුන හුගක් දේවල් වලට මම කැමතියි. හැමදේම සර්ව සම්පූර්ණ නොවුනට ඒවා මගෙ ගානට ඇති. නමුත් මම ආසාවෙන් බලාපොරොත්තු වුන කිසිම දෙයක් හම්බවෙලා නෑ. ඒ මොකද මන්දා. ලබා ගන්න බැරි දේවල් කියා ගන්නත් බැරි වෙන කොට මෙහෙම එක එක විකාර ලියලා දානවා.

19 Comments (+add yours?)

  1. push
    Jun 02, 2010 @ 14:33:12

    මහරගම ඉදලා මහරගමටම බැන්නා නේද?කැත වැඩ හොදේ?

    Reply

  2. Kiyanna behe
    Jun 02, 2010 @ 16:05:30

    Ane monawath liyanna behe.

    Reply

  3. janitha
    Nov 29, 2010 @ 06:42:43

    Machan its a nice work,all the best. Add some more for my self.Good, you have tell the truth about you. 🙂

    Reply

  4. UJ
    Mar 14, 2011 @ 05:33:36

    Ela ela belekkaya.Digatama Liyanna.wish u all da best mchn.

    Reply

  5. para..
    Jul 31, 2011 @ 21:44:39

    එල කොල්ලෙක් බන් උඹ..

    Reply

  6. පාණ්ඩෙ
    Aug 01, 2011 @ 16:49:03

    මටත් ආසයි උඹ වගෙ ලියන්න.
    ඒත් එදා ඉදලම මට හොදට ලියන්න බෑ.
    තව ලියන්න.
    උඹට ආයුබොහ් වෙවා.

    Reply

  7. තිස්ස දොඩන්ගොඩ
    Oct 31, 2011 @ 20:46:58

    ඕ ගමේ හාදයෙක් නෙව – ධර්මායතනයේ අහල පහලම තමා මමත්… 🙂

    Reply

  8. Manoj
    Dec 25, 2011 @ 19:19:32

    +1

    Reply

  9. kasun
    Jan 22, 2012 @ 09:54:43

    laba ganna bari wuna dewal athara laba ganna bari wechcha kenek ahema innawada

    Reply

  10. මයි ඉසුරු
    May 26, 2012 @ 23:09:14

    ඕයි, මං අදනේ උඔ ගැන කියෙව්වෙ. මට ඔය බහුබූත වලින් වැඩක් නෑ. උඔ අර ඕන උදව්වක් කරනවා කියලා තියෙනවනේ. එහෙනම් අර මං කිව්ව ඉන්ටර් නැසනල් ඉස්කුල් වැඩේ ගොඩ කියලා හිතා ගන්නද ?

    Reply

  11. LASITH
    Aug 28, 2012 @ 05:01:36

    Machan Dinuka(Modaaa)….uba nam elama kollek……..Scouting waladi ubai Janiyai, Indrarajayai nohitiyanam mama samaharavita Presidents award eka ganne nathiwennath ida thibba. Any way machan ubath ekka hamathissema touch eke inna bari unata ubala karana onama wadakata support karanna mama innawa……..

    Reply

  12. Rasika
    Jan 25, 2013 @ 15:04:41

    harima hodai hama babama gee pada wela dennako.

    Reply

  13. AI
    May 07, 2013 @ 18:01:26

    Niyamay, Hodata liyala thiyenawa. Digatama liyanna belekkaya. Be blog eke dana post kiyawanna harima asa hithenawa. Wish u all the best.

    Reply

  14. podi akka
    Jun 15, 2013 @ 20:16:22

    dinuka oya hoda jiwithayak gata kranawa.ohommama tawat lassana wenna kiyla man prartana kranawa.oyata galapena lassana kellek tamai dan adu.oyata budusaranai…….

    Reply

  15. Sudharshi
    Sep 20, 2014 @ 11:31:24

    //නමුත් මම ආසාවෙන් බලාපොරොත්තු වුන කිසිම දෙයක් හම්බවෙලා නෑ. ඒ මොකද මන්දා.//

    මේක තමා ජිවිතය.. බෞද්ධයෙක් හැටියට ඔයා දන්නවා ජිවිතයේ ගොඩාක් තියෙන්නේ සිතන දේ නොසිදුවන.. නොසිතන දේ සිදුවන රාමුවක්. ඒක නිසා ඒ ගැන දුක් වෙන්න එපා.. මොකද දුක කියන්නේ සත්‍යයක්.. ඔයා හිතන දේ ලැබුනොත් සැපක් තියනවා කියලා හිතුවත් ඒ කිසිම දේක සැපක් නැහැ. සැපයි සැපයි කියලා ලැබෙන දේ අන්තිමේදි දුකටම තමා හේතු වෙන්නේ.

    මම නම් හිතෙන්නේ ඔයාට මනුෂ්‍යෙයෙක් වශයෙන් හ පිරිමි ළමයෙක් වශයෙන් ඔයාට ලැබෙන්න ඔනේ ඔක්කෝම දේවල් ලැබිලා තියෙන්නෙ.. අංග සම්පුර්ණ මනුෂ්‍ය ආත්මයක්.. හොඳ හිතක්…. හොඳ අධ්‍යපනයක් .. වැදගත් දෙමව්පියන්.. තව ඉතින් වෙන මොනවාද… 🙂

    තව භෞතික දේවල් ගැන බලාපොරොත්තුවක් ඇති.. ලැබෙයි ඔයාට. නමුත් ඒවා මගින් ඔයා වගේ මනුශ්‍යයෙක් කිලිටි වෙන්න දෙන්න එපා…

    භෞතික දේවල් වලට වඩා තමන් තුලින් අනෙක් අයව සුවඳවත් කරන්න පුලුවන් නම් ඒ තමා හරිම ජීවිතය …..

    “න පුප්ප ගන්ධො පටිවාතමේති.. න වන්දනං තගර මල්ලිකා වා සතව ගන්ධො පටිවාතමේති.. සබ්බාදිසා සප්පුරිසො පවාති”

    මේකෙන් කියවෙන්නේ .. මල් වල තියන සුවඳ උඩු සුළඟට යන්නේ නැහැ. නමුතු බුදු පසබුදු වරුන්ගේ සිල් සුවඳ උඩු සුළඟට පවා විසිරෙන බවයි”

    මෙයිනුත් තේරේන්වා නේද ඇත්තටම මේ ලෝකයට අවශ්‍ය භෞතික දේවල් නොවන බව.

    අවසාන වශයෙන් කියන්න කැමැතියි මොනාහරි දේවල් ලැබුනොත් ගන්න බුක්ති විඳින්න… සැප ලබාගන්න… නමුත් ලැබීම හා නොලැබීම හමුවේ නොසැලී සිටින්න.. ඇලෙන්න එපා.. ගැටෙන්න එපා.. ඔයාට තෙරුවන් සරණයි.. නිරෝගි සුව.. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

    Reply

  16. සුජීව
    Sep 27, 2014 @ 05:49:10

    [[නම නම් රාජපක්‍ෂ පතිරගේ දොන් දිනුක තිලංග පෙරේරා. පෘතුග්‍රීසීන්ගේ මෙලෝ රහක් නැති වාසගමක් තමා තියෙන්නේ. ලංකාවේ වැඩියෙන්ම හොරු ඉන්න ගමක තමා ඉන්නෙ. මහරගමට නම හැදුනෙත් ඉස්සර හිටපු හොර මුලක් හින්දනේ. මහරගමට වැඩියෙන්ම කට්ටිය එන පාංකඩ පමුණුවේ හෙන දුරක් ගියාම අපෙ ගෙවල් තියෙන්නෙ.]]

    ඔබතුමා දන්නවද දන්නේ නැහැ පෙරේරා කියන්නෙත් හෙළ වදනක්ම බව. ඔය රාවනා සමයේ ලංකාපුරයේ සුලබව පවතී කිතුල් ගස් මැදීමේ ව්‍යාපාරයෙන් ආපු එකක්. ඒ කාලේ තිබ්බ පෙරේරා මුදියන්සේලාගේ, පෙරේරා පටබැඳි, වාහල පෙරේරාගේ, පෙරේරා රාජපක්ෂ පතිරගේ ආදී ලෙස පැවතෙන නම් වල අනික් වචන හැලුණු නිසා ඔන්න මේ පෙරේරා වචනේ සැහෙන්න තියෙන්නේ.

    ඉහත කතාව ගැන සෙසු පෙරේරා ලා කරදර වෙන්න එපා. මෙතරම් හෙලවදන් ගැන අපිට කියන මේ මහත්තයා ලස්සන හෙළ වදනකින් එන තම වාසගම ගැන දුක්වෙන එක මගේ හිතට හරි වේදනයි.

    Reply

  17. Vilo
    Apr 08, 2016 @ 10:26:41

    Machan ubata suba pathanawa, ubata hondata liyanna puluwan, digatama liyanna Thilanga !

    Reply

  18. Gayan
    Feb 15, 2017 @ 13:31:24

    Machan ube posts patta pata pata. keep at it. yana yana thena thena jaya jaya..!!

    Reply

Leave a reply to Kiyanna behe Cancel reply