Second UCSC

ලංකාවටම අළුත් දේවල් කරපු අපේ ucsc එකෙන් කරන තවත් අළුත් දෙයක් තමා සෙකන්ඩ් යූසීඑස්සී කියන්නෙ. හැමදාම යන lms එකට ත්‍රිමාන මුහුණුවරක් දෙන එක තමා මේකෙ මූලික අරමුණ. දවස්වල තමා මේක පටන් අරන් තියෙන්නෙ. මුලින්ම අදහස වෙලා තියෙන්නෙ second life එ‍ක වගේ මුල ඉදන් කරන්න. අපේ ආචාර්ය කෙනෙක් යටතෙ අපේම අක්ක කෙනෙක් තමා මේ අවුරුද්දෙ මේකෙ වැඩ බාර අරගෙන තියෙන්නෙ. මේකට තව තුන් හතර දෙනෙක්ම උදව් කරනවා. මුලින්ම කලේ මේක කරන්නෙ මොකෙන්ද කියල හොයන එක. හෙන කට්ටක් කාල හොයාගෙන තියෙනවා ඕපන් සිම්(OpenSim) කියල c# සර්වර් එකක්. ඒක වැඩ කරන හැටි බලල අක්ක තනියම c# වලින් ශ්‍රවනාගාරයක්, පච බංකු වගේ එවයෙන් විශ්ව විද්‍යාලයක්ම හදලා. මම සෙට් වුනේ මාර්තු වලදි. මුලදි කරන්න තියා හිතා ගන්නත් බැරි වුනා. මම ආපු මාසෙම sloodle කියල moodle මොඩියුලයක් හොයා‍ගත්ත. මම නෙමෙ ඉතින්. ඒකෙන් ඕපන් සිම් එකයි මූඩ්ල් එකයි සම්බන්ද කරන්න පුළුවන් වුනා. මම freeswitch දාල වොයිස් චැට් කරන හැටි හොයා ගත්ත. මම නෙමෙ ඉතින්. අක්කයි තව අයිය කෙනෙකුයි උදව් කලා. පස්සෙ තව එක්කෙනෙක් ආව. එයත් එක්ක එකතු වෙලා ලින්ඩන් ස්ක්‍රප්ට් වලින් පොඩි ඇල්ගො එකක් කරන හැටි හැදුවා. දැන් නම් වැඩෙන් 75% කි විතර ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. තාම ලිනක්ස් වලට හරියට වැඩේ ඔබා ගන්න බැරි වුනා. ඇත්තට බැළුවොත් 60% විතර ඉවරයි. මේ අගෝස්තු වලදි වැඩේ ඉවර කරන්නයි ඉන්නෙ. ඉවර කලාම ආයෙ ලියන්නම්.

6 Comments (+add yours?)

  1. chethaka
    Jun 02, 2010 @ 16:26:08

    ela ela..🙂

    Reply

  2. මාධව හබරකඩ
    Jun 02, 2010 @ 16:49:25

    භොඳයි හොඳයි. සුභ පතනව. මමත් ඔය මූඩ්ල් එක චුට්ටක් අත පත ගාල තියෙනව, ලෝකල් සර්වර් එකකට දාල, නමුත් මොකුත් දන්නෙ නෑ. කැම්පස් එකේ මූඩ්ල් එකත් එච්චරම භාවිතයක් නෑනෙ.

    Reply

  3. සනිදු ලක්මාල්
    Jun 02, 2010 @ 20:24:44

    මචං මට හිතෙන විදියට ඕකෙන් වැඩක් වෙන්නේ BIT අයට තමයි..

    Reply

  4. vg® (පුංචි එකා)
    Jun 02, 2010 @ 23:43:28

    හොඳ අදහසක්
    සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙂

    (UCSC BIT සිසුවෙක්.)

    Reply

  5. පිටස්තරයා
    Jun 02, 2010 @ 23:54:06

    අසුරයෝ දිගටම ලියපන්..

    අර ළඟදි සෙට් වුන බඹරා ගැනත් ලියපන් ඔය ගමන්ම!!!!

    Reply

  6. රවින්ද
    Jun 05, 2010 @ 08:30:34

    හෆොයි අපේ ලැබ් වල තියන පට්ට මැෂින් වලින් ඕකට යන්න පුළුවන් වෙයිද මන්දා?😀

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: