අප්පච්චියා………….

මගෙ බුදු අප්පච්චියා බුදුන් දැක නිවන් දැකපන් මගෙ බුදු අප්පච්චියා

කෝමදෝ මේ දුක් හිතකින් වාවා ගන්නේ

කෝමදෝ ආයේ හැබහින් දැක ගන්නේ

අම්මාවෝ …………….

වල් පැල වද දෙනවෝයා අද නුඹ නැති දා

කාගෙත් බඩ දනවෝයා හක වී නැති දා

අගේට උන්නා ඇස්වහ වැදුනද අපෙ අප්පෝ

අම්මාවෝ …………….

අපේ මත්තෙම නැහී අප හැරදා ගිය මයෙ දෙයියා

වෙලේ කමතේ නැතේ අද උඹබෑ හඬ මයෙ මීමා

අම්මාවෝ …………….

සංගීතය/ ගායනය – රන්වල බලකාය

මිතුරු සරෝරුව සින්දුවෙ පද ටික හොයන්න කියලා මම ගම අවුලඤ්ඤං ප්‍රසංගයේ සමරු කළඹ අයියා කෙනෙක්ගෙන් ඉල්ල ගත්තා. එතකොටයි මේක දැක්කෙ. මම හිතන් හිටියේ මේක අප්පච්චිට කියන ගීතයක් කියලා. මේක ලයනල් රංවලගේ අදහසකට අනුව සිසිර දිසානායකද කොහෙදො ලියලා තියෙන්නෙ. සහන් රංවලත් වැඩේට සෙට් වෙලා. තමාගෙ අප්පච්චි වගේ හිටපු මී හරකා මැරිලා ඒ දුකට අඩන මිනිහෙකුගේ විලාපයක් තමා සින්දුවෙ තියෙන්නෙ. සින්දුව අන්තිම වෙනකම් තේරෙන්නෙ ඒක කියන්නෙ මිනිහෙකුට කියලා. එකම එක පේලියක් විතරයි තියෙන්නෙ මී හරකෙක් කියලා කියන. දුකම කතාව තමා මේක ලයනල් රංවල මහත්තයගෙ අන්තිම සින්දුවලු. මේකෙ වචන වල මොකක් හරි අවුලක් නිසා කියලා තමා කියන්නෙ. අදෝනාවක් වගේ ඇහුනට පට්ට සින්දුවක්.

ප.ලි – මම ඉල්ල ගත්ත පොත නැති වුනා. තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න. සල්ලි වලට හරි ගන්නම්.(ගම අවුලඤ්ඤං සමරු කළඹ)

2 Comments (+add yours?)

  1. ආගන්තුකයා
    Sep 14, 2010 @ 00:24:59

    කාගෙවත් අදහසකට කවුරුවත් ලියපු එකක් නෙමෙයි.. මේක ගොයම් කවියක් මට මතක හැටියට.. ගාලේ පාළුයි අප්පොච්ච්චේ හෝ හෝ හෝ.. නගුල නාඩන් අප්පොච්චේ හෝ හෝ හෝ… මේක නම් මම කියවපු එකක් නෙමෙයි.. අපි එක පාරක් ලංකාවේ සාම්ප්‍රදායික ගොවිතැන ගැන කරපු පොඩි රිසර්ච් ටයිප් වැඩකදි හම්බවෙචිච එකක්.. මට මතක හැටියට පරණ නාට්‍යයක මේක කියන පොඩි දර්ශනයක් තියෙනවා.. මට මතක හැටියට අඹ යාළුවොද මන්දා.. එච්චරයි මම මේක වෙන තැනක අහලා තියෙන එකම තැන. උඹ ලියපු එක දැක්කාම ආයි මතක් වුනා…

    Reply

    • අසුරයා
      Sep 14, 2010 @ 12:47:59

      ඔව් මම පිලිගන්නවා. මේකට පද වලට අරන් තියෙන්නෙ ගොයම් කවි වලින් තමා. හැබැයි එවාම නෙමේ. මම ඔය ගෙයම් කවි දැකලා තියෙනවා. තනුව හදලා තියෙන්නෙ හොරණෑ කරුවන්ගෙ තාලවලට කියලා තමා මතක.

      Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: