ඉවරායි

අපිට කියලා තිබ්බ යුතුකම් හා වගකීම් අහවරයි.
තව දවස් 2යි.
එන අවුරුද්දෙත් මේ වගේම එකක් මේ විදිහටම තියේවි.
අපේ එවුන් ලස්සන ඇඳුම් ඇදලා එදාටත් ඒවි.
අවිල්ල කාල බීල යාවි.
අර මෙලෝ රහක් නැති DJ එකේ දාඩිය දානකන් නටාවි.
ඕන්නම් වලියක් දෙකක් දා ගනීවි.
මහන්සියි කියලා යන්න යාවි.

අමතක කරන්න එපා.
ඒ අන්තිම දවස.
එදා NAT එකේ එකට බැනුම් අහපු අපි
KG Hall එකෙන් හරි Audi යෙන් හරි
එලියට බැහැලා යන්නම යාවි.
“මම යන්නම්” කියලා කියන්නවත් ඔයාට අමතක වේවි.
මේ පුංචි රටේ කවදා හරි හමු වේවි කියලා කිව්වට
අපි ආයේ හම්බවෙන්නෙ නෑ හලෝ.

ප.ලි – Alumina එකටවත් එන්න. ඔය ලස්සන මූණ ඉදලා හිටලවත් බලා ගන්න. එන්නං .

3 Comments (+add yours?)

  1. පිටස්තරයා
    Dec 05, 2010 @ 10:10:24

    එන්නේ නෑ බන් ඔය බලාපොරොත්තු වුනාට. ඇවිල්ලා කලින් යයි.

    නියම ලිවිල්ල.

    Reply

  2. sanji
    Dec 05, 2010 @ 23:02:28

    හිතට වදිනව post1k දිනුක……..

    Reply

  3. asa
    Jul 01, 2011 @ 10:05:49

    mekanam hithatama weduna
    මේ පුංචි රටේ කවදා හරි හමු වේවි කියලා කිව්වට
    අපි ආයේ හම්බවෙන්නෙ නෑ හලෝ.

    Reply

Leave a comment