පැමිණීම……

මහීකාන්තාව දිව්‍යලෝකයට වැඩලා.
හිටපු අපායෙන් ලගදි බිමට වැටිලා.
දැන් යන්න ලෝක හොයනවා.
මා ලොකු දේවිය ගිය තුසිතයට යන්න වරම් ඉල්ල ගත්තා.
එහෙ යන්න පින් කරාවිද මන්දා.
එහෙම වුනොත් ප්‍රේම පාරමිතාවත් හරි.
ගලගොඩ කුමාරිහාමි වගේ
සුදලියට ගහයිද කියලයි බය.
රිද්දි බිසෝවරු මට උදව් කරවි.
බ්‍රහ්ම ලෝක වලට යන්නද දන්නෙ නෑ හිතන් ඉන්නෙ.
උමා බිසව් වගේ තුන්කල් බලන්නෙ නැතිව
සෝමා දේවි වගේ ඉස්සරහටම ගියොත් හොදා.
මැණික්පාලිගෙන් පටන්ගෙන
අපෙ අම්මගෙන් ඉවරකලත්
එයාගෙ ගුණ ඉවර කරන්න බෑ.
එහෙව් මඳෝරි කවදා හරි
මගේ නාග ලෝකයටත් ඒවි.

ප.ලි – පැය ගානකට මාත් හෙට දිව්‍යාලෝකෙ පැත්තෙ යනවා.

1 Comment (+add yours?)

  1. අසුරයා
    Feb 11, 2012 @ 08:41:12

    මෙහි සිටින කාන්තාවන් ඉතිහාසයට හා සිංහලයන්ට සම්බන්දය.

    මහීකාන්තාව – මිහිකතට අදිපති දෙවඟන ලෙස හැදින්වේ. මහිතලයට අදිපති ලෙස පත්තිනි අම්මාත් හැදින්වේ.

    මා ලොකු දේවිය – සිදුහත් කුමරුගේ මව මහාමායා දේවිය මා ලොකු දේවිය නම් වේ. මහබිය ලෙසද හැදින්වේ. මැය අවසානයේ තුසිතයට ගිය බවත් බුදුන් තුසිතයට වැඩ ධර්මය දේශනා කල බවත් සදහන් වේ.

    ගලගොඩ කුමාරිහාමි – මහනුවර යුගයේදී සිටි මරුවල්ලියේ ගලගොඩ කුමාරිහාමි සුදලියේ පණික්කිරාලට පරදවයි. ඇගෙන් පැවතෙන මරුවල්ලියේ පරම්පරාව උඩරට රජුට සේවය කර ඇත.

    රිද්දි බිසෝවරු – දීපංකර බුදුන් දවසින් ඇරබෙන රිද්දි යාගයට මුල්වල බිසෝවරු 7ක් වේ. ලංකාවේ පැරණිම ජනකතා අතර ඇති කතාවකි.

    උමා බිසව් – කතරගම මහාසේන (කතරගම දෙවියන්)ගේ මව උමා දේවියයි. උමා ජෝතිශ්‍ය නම් අදටත් ඇති පොත ඇයගේ කෘතියකි. ජෝතිශ්‍ය විද්‍යාව පිලිබද හසල දැනුමක් තිබූ තැනැත්තියකි.

    සෝමා දේවි – සද්ධාතිස්ස රජුගේ දියණිය වන අතර වළගම්බා රජුගේ බිසවයි. රජතුමා බේරා ගැනීමට කරත්තයෙන් පැන සතුරන් මගහැරවූ බැවින් ඇය ජාතික වීරවරියකි.

    මැණික්පාලි – හැදුනු ලොව මුල්ම රජු මනු වෙයි. මැණික්පාලිය ඔහුගේ බිසවයි. කොටහළු යාගය, හෙල විවාහ චාරිත්‍ර, කෝලම් නැටුම් ආදියේ මැය ගැන කියවේ.

    මඳෝරි – රාවනාගේ බිසව මන්දෝදරියයි. එය හෙල බසින් මඳෝරිය වේ.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: