හොදම යාළුවා

හීනෙන් මොකට පෙනුනද මන්දා…
දැක්ක විදිහට ඔහේට වඩා මම උසයි.
උඹ වෙනස් වෙලාම නෑ.
උඹව වෙනස් නොකර තියාගන්න මම කොච්චර බැලුවද?
උඹ නිසා මම කොච්චර වෙනස් වුනාද?
සල්ලි වලට මිනිස්සු වෙනස් වෙනවා කියලා
තාමත් පිලිගන්න මම කැමති නෑ.
අඹ ගස උඩ හොරෙන් තැඹිලි බීපු හැටි…
වෙලේ සරුංගල් ඇරපු හැටි…
ඇලේ මාලු අල්ලපු හැටි…
උඹට දැන් මතකද මන්දා.
දෙල්ගහවත්තෙ ඕවිටේ හැම ගහකටම…
පමුණුවෙ හැම පාරකටම…
ඇලේ හැම දියබරියෙක්ටම වගේම
පතිරගොඩ වෙලේ බෝක්කුවටත්
අපේ සුවඳ මතක ඇති.
ගමටම කියල යන්න යද්දි
ගේ ඉස්සරහ හිටපු
දුප්පත් කොල්ලාව අමතක වුනාද?
පොසොන් මාසෙ ලංකාවට ආපු කෙනාගෙ රහස කියන්න
පෝයට වරෙන් දන්සල් වදින්න.

ප.ලි – හැම රහසක්ම දැන ගත්තු උඹට මේ රහස විතරක් නොකියා ඉන්න එක මාර වදයක් මචං.

3 Comments (+add yours?)

  1. පිටස්තරයා
    Jun 01, 2011 @ 21:50:25

    අමු වැඩි වගේ.. අනිත් එක මේ පමුණුවෙ එහා මෙහා දුවන සීන් ටික හැමෝම වගේ පාවිච්චි කරනව නේද?

    කියන්න හදල තියෙන දේනං ටිකක් තේරුනා වගේ.

    Reply

  2. nadeesha
    Aug 20, 2011 @ 00:43:21

    අනේ මන්ද ඉතින්…
    ගොඩක් දේවල් ඉබේම ප්ලග් වෙනව කියවනකොට.

    Reply

  3. dimuthu
    Oct 14, 2012 @ 23:39:27

    mr pasindu :D:D

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: