සමු ගනිමි

අවු 13කට කලින්
පොඩියට පටන් ගත්ත ආදරය
පපුවට රාජ්‍ය ලාංචනය ආවට පස්සෙත්
අමතක කරන්න බැරිවුනා.
මගෙන් වෙච්ච අසාධාරනකම් නිසා
වැලේ වැල් නැති වෙලා හිටිය කාලෙත්
මම ඔයාව දාලා ගියේම නෑ.
මෙලෝ රහක් නැති
නිකමෙක් වෙන්න හිටිය මාව
වැදගත් මහත්තයෙක් විදිහට වෙනස් කරන්න
ඔයා හුගක් උදව් වුනා.
කූඩාරමක් ඇතුලෙ තුරුල්වෙලා නිදා ගනිද්දි
එක බත් එක බෙදාගෙන කද්දි වුන
රසවත් සිද්දි වගේම
පල්ලෙහා පිට්ටනියෙ තිබ්බ
වැස්සට තෙමෙන පුංචි කාමරයෙ වුන දේවල්
මට කවදාවත් අමතක වෙන එකක් නෑ.
අන්තිමට ඔබේ නම
පිට්ටනි තුනක දෝංකාරය දීලා
ඔබේ නැති වුන කිරුල ආයේ ගෙනත් දුන්නා.
එහෙව් කෙරුන් මේ පම්පෝරියෙන් පස්සෙ
ආදරේ කරන්න වෙලාවක් නැති වෙලා ගිය නිසාම
තාවකාලිකව අවසන් වේවි…

ප.ලි – ඒත් තිබ්බ ආදරය කවදාවත් නැති වෙන්නෙ නෑ. ඒ මගේ හැටි.

3 Comments (+add yours?)

  1. Janitha
    Jul 06, 2011 @ 14:47:37

    අපි හැමෝම ඒ ආදරේ එදා පොඩියට පටන් ගත්තා, රාජ්‍ය ලංචනේ පපුවට ආපු දවසේ ඉදන් වගකීම් ගොඩක් පැවරුන, අපි වගේම ආදරය කරන තවත් පිරිසක් එකතු කරගෙන ශක්තිමත් වෙන්න. අපි හැමෝම එකට මහන්සි වෙලා වැඩ කරපු ඒ සොදුරු කාලේ අමතක වෙන්නේ නැහැ. අට්ටලේ, කුඩාරමේ, ගිනිමලේ වටේ, පා ගමන් වලදී, කදවුරේදී කොච්චර දේවල් වුනාද,. සොදුරු මතකයන් ඔක්කොම පල්ලෙහා පිට්ටනිය ලග තියෙන අපේම අපේම පුංචි ගෙදර පොධි ගැහිලා හැමදාමත් තියේවි. අපි එනකම් ඒවා බලන් ඉදිවී. අපේ ආදරය කියල පොතක් ලියන්න දේවල් අපි ගාව තියෙනවා නේද සහෝදරයෝ. අපි ආදරය කල වගේම අදරේ කරන තවත් කවුරු හරි එනකම් එයාව තනි කරන්න එපා, එයාට දරා ගන්න බැරි වෙයි. එදා වගේ ආදරේ කරන්න වෙලා නැති වුනත් හැමදේම හරියට වෙනවද කියල හොයල බලන්න අමතක කරන්න එපා….
    අපිට අපේ ජිවිත ලස්සන කරගන්න උදවු කරපු, අපි හැමදාමත් ආදරේ කරපු ආදරේ කරන එයාව හැමදාමත් ලස්සනට ආඩම්බරෙන් බැබලෙනවා දකින්න අරි ආසයි…

    Reply

  2. Rusiru Boteju
    Jul 07, 2011 @ 21:01:36

    කතාව නම් තේරුනා හැබැයි පොඩි සමරිසි පෙමක අහුමුළු පේනවා

    Reply

  3. Basa
    Jul 27, 2011 @ 22:19:15

    haththiawwe magul natanna epa

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: