ආ පයින් ගිය දුරක්

අවුරුදු ගානකට පස්සෙ අම්මයි මායි පයින්ම ගෙදර ආවා. ඉස්සර මට මතකයි අම්මා එක්ක ඉස්කෝලෙට දුවනවා. අම්මා මගෙ අතින් අල්ලගෙන ඇදගෙන යන්නෙ. හතාමාරට පටන් ගන්න ඉස්කෝලෙට යන්න ගෙදරින් බහින්නෙ 7.15ට. මම පොඩි නිසා පැය කාලකින් එහෙට දුවන්න බෑ. බස් එකේ යන්නත් තව ටිකක් පස්සට යන්ට ඕන නිසා පයින්ම තමා ගියේ.

මම කවදාවත් පයින් යන්ට බෑ කියලා නෑ. ඒක අපෙ අම්මාගෙ පරම්පරාවෙන් එන දෙයක්. ආතා එක්ක නවරෝහලේ ඉදනුත් පයින් ආවා මතකයි මට. තාත්තා එක්ක බයිසිකලේ එන්නෙ නැති දවසට කඩේ ඉදලා බස් එකේ මහරගමට ඇවිල්ලා එතන ඉදන් පයින් එනවා ගෙදරට අම්මත් එක්ක. එහෙම එනකොට අම්මා කියනවා ‘පුතා හොදට ඉගෙනගෙන ශිෂ්‍යත්වෙ පාස් වෙලා රෝයල් එකට යන්න ඕනෙ. මයෙ පුතා ඉන්ජිනේරුවෙක්ම වෙන්න ඕනෙ’.මම ඒ දවස්වල දන්න ලොකුම ඉස්කෝලෙ කොළඹ රෝයල් එක. ඒකට යන්න මම කොච්චර ආසාවෙන් හිටියද.

කොහොම හරි ශිෂ්‍යත්වය නම් පාස් වුනා. ඒත් රෝයල් තියා මෙලෝ මගුලකට යන්න ලකුණු තිබ්බෙ නෑ. ඒත් අම්මාට සතුටුයි. මට අරන් දුන්නා ටී.වී එකක්. ඉස්සර බලන්න ඕනෙම එකක් තිබ්බොත් හැන්දි ආතාලෑ අහට ගිහින් තමා බැලුවෙ. ළිදක් කපන්න කලින් වතුර ගත්තෙත් එහෙන්. අපි ගෙදට්ට ලයිට් ගත්තාට පස්සෙ වැඩියෙන්ම සතුටු වුන දවස එදා වෙන්ට ඇති. ඒත් ඒ සතුට තිබ්බෙ ටික කාලයයි. ඊට අවුරුද්දකට විතර පස්සෙ නංගිගෙ කන විදින්න ගිය දවසෙ ඒක හොරු ගෙනිහින් තිබ්බා.

ඉන්ජිනේරු හීනෙ අම්මාගෙ හිතේ හැමදාම තිබ්බා. උසස්පෙලට වාණිජ්‍ය කරන්න යන්න ඇහුවම උඹ ගණන් කරන්නම ඕනෙ කිව්වෙ අම්මා. මට වාණිජ්‍ය කරන්නත් කිසිම ඕන කමක් තිබ්බෙ නැති නිසා මම ගණිතයම කලා. අම්මා ඇර අනිත් ඔක්කොම මට කිව්වෙ බාලදක්ෂ එක්ක ඕක කරගන්ට බැරි වේවි කියලා. මම දන්න අදුනන ඔක්කොම කට්ටිය ඕක පාස් වෙලා නැති නිසා පළවෙනි සැරේ B 1යි C 2යි ආවම මට හිතා ගන්න බැරිවුනා. කොටින්ම පළවෙනි වාරෙන් පස්සෙ කිසිම සබ්ජෙක්ට් එහෙකට ලකුණු 50ක වැඩිය ඇවිලලා නෑ. දෙවනි සැරේ අම්මා මට කෝල් කරලා රිසාල්ට් කියන කොට මම හිටියෙ මාතලේ. එදා අපෙ බාලදක්ෂයො 2වැනියා වෙලා හෙන සතුටින් හිටියෙ. අම්මා A 2යි B 1යි කියන කොට මගෙ සතුට ආයෙත් වැඩි වුනා.

ඉංජිනේරුවෙක් කිව්වාම අම්මා හිතේ තියාගෙන හිටියෙ කෝච්චි වල එන්ජින් හදන එකෙක්. නැත්නම් ලොකු බිල්ඩින් හදන එකෙක්. අන්තිමට ඉන්ජිනේරුවන්ගෙන් පොඩිම එකා කියන මෘදුකාංග ඉංජිනේරුවෙක් වුනා. මොකෙක් හරි පුතා ඉංජිනේරුවෙක් නිසා අම්මා කැමතියි. එහෙව් ඉංජිනේරු පුතා එක්ක අදත් අම්මා පයින් යනවා. කඩයක් ගාව නැවතුන අම්මා ඉස්සර වගේම  ‘අයිස් පලමක් අරං දෙනන්ද? ‘ කියලා ඇහුවා. ඉස්සර වගේමයි නේද.

ප.ලි – අපරාදෙ. මට ඒක අම්මාගෙන් අහන්න තිබ්බා.

15 Comments (+add yours?)

  1. rachiyo
    Aug 20, 2011 @ 08:58:16

    නියමයි මචන්! මට මතක් වුනේ කාලෙකට කලින් එකෙක් ලියලා තිබ්බ මේ බ්ලොග් එක.

    http://lishwish.blogspot.com/2010/03/blog-post_13.html

    Reply

  2. anujarosha
    Aug 20, 2011 @ 09:11:57

    මං සාමන්‍යයෙන් බ්ලොග් කියෙව්වට කමෙන්ට් දාන්න කම්මැලි. ඒත් මේකට නම් නොදා බැරි උනා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිරා.

    Reply

  3. Himalaka Kalhara
    Aug 20, 2011 @ 09:16:10

    ඇහැට කඳුලක් ආවා…
    මට මගේ අම්මට ඒ ඉන්ජිනේරු හීනෙ හැබෑ කරල දෙන්න බැරි උනොත් 😦

    Reply

  4. ~ChAnDiKa~~
    Aug 20, 2011 @ 09:24:20

    අම්මට සිරි මෙන්නන මචන් අපි කාගෙත් ඉරණම උඹ සුපිරියටම ලියලා 🙂 සිරාවටම සිරා

    Reply

  5. Chrishan Randika Jayakody
    Aug 20, 2011 @ 09:53:06

    Uparimai !

    Reply

  6. Gtz
    Aug 20, 2011 @ 10:11:03

    මේක ඇත්ත කතාවක් ‍ද?

    Reply

  7. deeps
    Aug 20, 2011 @ 10:42:55

    පොඩි කතාවක් අස්සේ තියන කතා ගොඩ!!

    Reply

  8. Gayan Wijewickrama (@GayanMW)
    Aug 20, 2011 @ 13:41:34

    නියමයි බෙලෙක්කයා

    Reply

  9. chethaka
    Aug 20, 2011 @ 13:55:15

    කියල වැඩක් නෑ මචන් පිස්සු හැදෙනවා.. නියමයි !!!

    Reply

  10. ආගන්තුකයා
    Aug 20, 2011 @ 14:57:04

    මටත් තියෙනවා උඹට වඩා වෙනස් කතාවක්. මට උවමනා වුනේ කලා කරන්න. කරන්න වුනේ එකක් අන්තිමට නැවතුනේ උඹ නැවතුන තැනින්මයි. ජීවිතේ කියලා කියන්නේ ප්ලෑන් කරන්න බැරි එකක්. ඊළඟට වෙන්නේ මේකයි කියලා කියන්න බැරි දෙයක්. යට ගියාව හීනයක් ඒ හීනෙන් අවදිනොවන තාක් ඒක සුන්දරයි..

    Reply

  11. Kalana Wijethunga
    Aug 21, 2011 @ 08:29:23

    නියමයි !

    Reply

  12. Prasad Livera
    Aug 22, 2011 @ 09:13:09

    නියමයි බෙලෙක්කයා… උඹට හොඳට හිතට දැනෙන්න ලියන්න පුලුවන්… දිගටම ලියපං.

    Reply

  13. Janitha
    Sep 15, 2011 @ 00:47:01

    The truth of Dinuka…………..

    Reply

  14. podi akka
    Jun 15, 2013 @ 20:31:21

    attatama dinuka oyalage amma nisa tamai ada oya tanaka innawanam ekata hetuwa.ape ammala wage neme lamai ganamai balanne.oyage ktawa kiyewwama mata matak une.oya kasturi teacherge clz enakota bus eke yanna tiyana salli nati kragattama man gawa tiyana salli hari hoyala dunnama oya epa kiyala painma gedara yanawa.man ane paw kiyala hitanawa.eth eka oyage hobby eka kiyla terunama wadiya hitanne na.api denna godak welawata eka igena gatta.oya ada inna tatweta man godak satutui wagema mata adambarai mage malli kenek kiyanna.oyalage amma mawa campus yawanna gattu uthsahaya.e karanawa eda mata hiranti nanda nikam hari mage kanata damma nam ada mage jiwite mita wada godak wenas lassana wenna tibba.giya de giya.oya oyage atitaya wagema nadayo mataka ekata magen saliyut ekak…..

    Reply

  15. Chandula
    Nov 28, 2014 @ 16:06:27

    Superb 🙂

    Reply

Leave a reply to anujarosha Cancel reply