අපෙ නංගි ගෙදර ඇවිත්

වැනි වැනී ගෙට ඇවිල්ලා අල්මාරියෙ දොර ඇරලා මගේ හැබිලිය ඒක ඇතුලට වීසි කලා.

“මම ආවා” කියලා පිටිපස්සෙන් බදා ගත්තා.

“අත ඇරහන් වදේ”

“තමුසෙට තමා අපිව අගේ නැත්තෙ. මේ මට කොල්ලෙක් මේක දුන්නා. කොල්ලෙක් මට කැමතී කිව්වනෙ. මට ලිවුමකුත් දුන්නා. ”

“කෝ දැන් ලිව්ම? හිටපන් මම අම්මට කියන්න.”

“කියන්න දෙයක් නෑ. මම ඒක අම්මට දුන්නා.”

දෙන්න උත්තර නැති නිසා මම ඇඳුම් මාරු කරන්න පටන් ගත්තා.

“තමුසෙට නම් ගානක් නෑ. පොඩි අයියට කිව්ව නම් කොල්ල හොයලා  කෝල් කරලා බනින්නෙ.”

“එහෙනම් ඌට කියහන්”

මම සපත්තු දෙක ගැලවීමට ඇඳ උඩ වාඩි වුනෙමි.

ලගදී සැදුන පැපොල් ලප කැලැල් තවමත් ඇගේ මුනේ ඇත. අව්වෙ කට්ට කෑම නිසාම කුඩා කලට වඩා මූණ කළු පාට වී තඹ පැහැති වී ඇත.

“එගොල්ලෝ මගේ පොතේ ලිව්වා. මට අයියගෙන් අහගන්න ඔනේ. මට ඔවා තේරෙන්නෙ නෑනෙ.”

ඇය බෑගයෙන් නිල් පැහැති පොතක් එලියට ඇද්දේය. ජාතික ශිෂ්‍යභට බලකායේ දින පොතක් වූ එය ඇගේ ප්‍රියතම පොත වන අතර මගේ අප්‍රියම පොතය. අපේ නංගීගේ සමරු සටහන් පොත වන එහි ඇති සියලුම සටහන් මට කියවීමට හෝ ඇසීමට සිදුවී ඇත.

“මේක මම කිවන්නද ?”

“මට මොකටද? අන්න අරහෙට ගිහිල්ල කාටවත් ඇහෙන්නෙ නැතුව කියවනවා”

මට දෙකක් ඇන එය කියවිමට පටන් ගත්තේය. මම එය අසන බවක් පේනෙන්ට නෙපෙන්වා දිගටම මගේ වැඩේ කලෙමි. පට්ට රස්නය නිසා නා ගැනීමට තුවාය සෙවීමට කුස්සියට ගියෙමි. එන විටත් ඇය එය ශබ්ද නගා කියවයි.

“අයියෙ මේ මොකක්ද ලියලා තියේනනෙ? මට කියලා දෙනවකො.”

“මට මේ වැඩ තියෙනවා. මල සමයන් බලන්න වෙලාවක් නෑ”

“අනේ. මේක ලිව්වෙ රොයල් එකේ සාර්ජන්.  පළමු දින දැන අදිනුවේ නැතත් අද  ………” ආයෙ පටන් ගත්තාය.

මම නා කියා ගන්න  ගිහිල්ල දොර වහ ගත්තෙමි. ඒ පාර දොරට තට්ටු කරනවා.

“අයියෙ ඔයා ඇතුලෙද ? මම මේක ඔයාට ඇහේනන මෙතනින් වාඩි වෙලා කියන්නද ?”

මම වචකයක් වත් නොකියා නා ගත්තෙමි. පැමිණ පරිගණකයේ සින්දුවක් දා ගත්තෙමි. ඇගේ කියවිල්ල අඩු වුනේ නැත.

“අපෙ රෝසා ඉන්නෙ. අයියා දන්නෙ නෑනෙ එයාට රෝසා කියන්නෙ ඇයි කියලා. ඒකි ගිහිල්ලා කැන්ටිමේ අන්කල්ට කියලානෙ මොක්ද අන්කල් අපිට තාම හරියට සාර්ජන්ට කිරි තේකක්වත් දෙන්න බැරි වුනා කියාලා.

ඒ කටනම් මටත් හිනා ගියේය. මගේ හිනාවෙන් පනක් ලැබුන ඇය කියවීම නැවත ඇරඹිය.

“මේකි ගිහින් පාන් දෙන තැන කියලනෙ උණු පාන් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ කියලා. ”

බැරිම තැන මම සින්දුව කියන්න පටන් ගත්තෙමි.

“අනේ මේක කිවලා දේනකො.”

බැරිම තැන මම එය කියවන්න ගත්තෙමි. පළමු සටහනේම මට තේරෙන්නෙ නැති චචන දෙක තුනක් තිබුනි. මලලසේකර සරණ ගිය විට ඇය මට නක්කලේ දාන්ට විය.

“අයියො තමුසෙ කොහොමද කැම්පස් ගියෙ? ……………..”

අමාරුවෙන් එක තේරුම් කර දී නින්දට ගියේය.

” අනේ මේකත් තියෙනවා. මේකත්”

නිදි මතක් නැතත් කන පැලෙන්න නිදිමත බව ඇගෙව්වෙමි. නමුත් බේරුමක් නොමැත.

” ජීවිතයම fuck වෙන්න කියන්නෙ මොකක්ද ? ”

“මොකා ? ”

මම පොත ගෙන බැලුවෙමි. කොල්ලෙක් ඇගෙ පොතේ කුණු හරප ලියා ඇත. කෙල්ලෙග්ගෙ පොතක කුණුහරප ලියන එක හෙන වැඩේ කියලා හිතන අපතයොත් ඉන්නවනෙ.

මම නිදාගන්නට ඇස් වැසුවෙමි. ඇය තාම කියවයි.

“ඔයා ඔය අහගෙනද ඉන්නෙ ?”

දැන් ඉතින් මාසයක් යනකම් කඳවුරු විස්තරය ඇසීමට සිදු වනු ඇත. මගේ කන පිරවී දොරෙ ගලනා ඇත.

ප. ලි – මොනා උනත් මට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කෙල්ල. මම එච්චර ආදරේ නොකලත්.

9 Comments (+add yours?)

  1. නදී
    Oct 01, 2011 @ 08:34:04

    නංගිනේ හලෝ

    Reply

  2. Prbath Neranja
    Oct 01, 2011 @ 12:40:14

    This is Great…i feel sad coz i dont have a sister, even brother for that matter…i wish i have sister to fight with…but i know that you will never get everything you want in life…how sad..

    Reply

  3. නදී
    Oct 01, 2011 @ 23:28:07

    මට සහෝදරයෙක් නෑ.මල්ලියෙක් හිටිය නම් මේ වගේ රන්ඩුවෙන්න තිබ්බ.

    Reply

  4. තීස්ස දොඩන්ගොඩ
    Oct 02, 2011 @ 07:14:17

    වචනයෙන් විස්තර කරන්න බැරි මොකක්දෝ කණසල්ලක් හිත තුල ඇති කරන්න මේ කථාව සමත් වුනා… හරිම අපූරු සටහනක්….
    නදී කියන කථාවේ අනෙක් පැත්ත… මටත් නගෙක් නෑ නෙව.. ඒකද මන්දා දුක හිතුනෙත්…
    කථාවේ අන්තිම පේලිය සටහන එක මිටට ගනී…
    ජය..!!

    Reply

  5. සෝරෝ
    Oct 11, 2011 @ 08:39:54

    සහෝදර ප්‍රේමය කියන්නේ ඒකට නේ බං… ඔන්න ඔහේ අහං හිටපං….. 😀

    Reply

  6. piyadasun
    Nov 01, 2011 @ 00:05:16

    කියාගන්න බැරි මොකක්දෝ දුකක් ඇති වුනා මේක දැකලා
    නංගියෙක් නොහිටියත් , හැම දෙයක්ම මා එක්ක බෙදා ගත්ත අයියෙක් මට හිටියා. ඒත් එයා ආයෙ නො එන්නම ගියා. දැන් අවුරුදු 8 ක්. ඉස්සර වගේ හැමතැනම හැමතිස්සෙම එයාව පේන්නේ නෑ. ඒත් අඩුම ගානෙ දවස් දෙකකට සැරයක් වත් හිත හීරෙනවා. මතකය කියන්නේ පුදුම දෙයක් සමහර දේවල් අපිට කවදාවත් හිතලා මතක් කරන්න බැරි වුනත් වදින වෙලාවට එක සැරේ මතු වෙනවා.
    අද උදේ හිත පෑරුවේ අවුරුදු 7 ක 8 විතර කොල්ලෙක් ඌ ඇඳගන හිටපු ටී ෂර්ට් එකේ තිබ්බ ලාංඡනය කොහේ දි හරි දැකලා පුරුදුයි වගේ. ඒක මගේ අයියාට අවුරුදු 15 ක් විතර කාලෙදි තෑගි ලැබිච්ච ෂර්ට් එකක තිබ්බ ලාංඡනය මයි. ඒක මතකයට ආවේ කොහොමද?
    කමක් නෑ කොච්චර දුක වුනත් මතකය වටිනවා

    Reply

  7. piyadasun
    Nov 02, 2011 @ 00:19:02

    නංගිලා ආසයි අයියා කෙනෙක් ඉන්නවා කියන්න. “අපේ අයියාත් නිකම් ඉන්න එකක් නෑ ..” . “හම්බු වෙයි එහෙනම් අපේ අයියාගෙන්..” නංගිලා ඒවට කැමතියි.ආදරේ නැතෙයි කිව්වට උඹ නංගිට ආදරෙයි. ඕක ලොකුවට මතු වෙලා එන්නේ , උඹලා බැඳලා වෙන්වෙලා ගියාටත් පස්සෙ. එතකොට වෙන අය නංගිගෙ ජීවිතේට ඇවිල්ලා ඉඳියි , උඹේ ජීවිතෙත් එහෙම තියෙයි. ඒත් ගලක් යටින් ගලන වතුර පාරක් වගේ ආදරය එහෙමම තියෙයි. නංගිට කරදරයක් වුනොත් උඹ බොක්කෙන්ම ඒවට මැදිහත් වෙයි. ඒවට උඹට අත දාන්න අයිතියක් නැති වුනත් උඹ එහෙම කරයි. අයියා-නංගී කියන්නෙ ලෝකෙ තියන සොඳුරුම බැඳීමක්.

    Reply

  8. dimuthu
    Nov 16, 2011 @ 08:00:37

    dimuthu-
    mata me kathawa mavila penawa ban.bcoz ubala katha karana heti nangi wada dena heti mama dakala thiyenawane

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: