වෙන කාගෙද

අපේ ලෝකය හරිම ලස්සනයි. හරියට දිව්‍යලෝකයක් වගේ. අපි ගෝත්‍රික ජනතාවක් තමා. ඒත් අපි සොබාදහමත් එක්ක හොදට ජීවත් වුණා. ගහ කොළ සතාසිව්පාවා පවා අපිත් එක්ක හුගක් සමීපයෙන් කල් ගෙව්වා. වෙන කාගෙවත් ලෝකයක් අල්ලන්න සිහින මැව්වෙ නෑ. කාටවත් කරදරයක් නොවී දෙයියනේකියලා හිටියා.

ඒත් එකපාරටම වෙන දේසෙක එවුන් ටිකක් ඇවිල්ලා මේක උන්ගෙ විදිහට හදන්න ගත්තා. උන් අපේ තිබ්බ ගෝත්‍රික අදහස් පිළිකුල් කළා. අපිව පෙනුණෙවනචාරීන් විදිහට. උන්ට ඕන වුණේ අපේ ලෝකය උන්ගෙ වගේ කරගන්න. උන් අපේ ගහකොළ නැති කරලා දැන්මා. සාමකාමීව හිටි අපේ මිනිස්සුන්වගැනුන්ව ළමයින්ව මරලා දැන්මා.

අන්තිමට අපි තීරණයක් ගත්තා. උන්ට විරුද්ධව සටන් වදින්න. හැම පැත්තෙම අපේ එවුන් එකට එකතු වුණා. එක රජෙක් වටේ. මේක අපිට පුරුදු නැතිදෙයක් නෙමේ. අපි රණ සුරයො. අපි අපේම විදිහට උන්ට පහර දුන්නා. ඇත්තටම කිව්වොත් උන්ට එළව එළවා පහර දුන්නා. උන් දින්නොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා එකෙක් වැටුනොත් සීයක් නැගිට්ටා. එකා පිට එකා වැටුණත් අපේ ධෛර්‍ය අඩු වුණේ නෑ. අන්තිමේදි අපි දින්නා.

ආ බය වෙන්න දෙයක් නෑ. මේ ලංකාවෙ වුණ දෙයක් නෙමේ. අප්‍රිකාවෙ සූලූ ගෝත්‍රයකුත් නෙමේ. ඇමරිකාවෙ රතු ඉන්දියන්වරුන්ගෙ කතාවකුත් නෙමේ.ඔස්ට්‍රේලියාවෙ පිජංජරාවොත් නෙමේ.

ප.ලි – අද මම අවතා චිත්‍රපටිය බැලුවා.

4 Comments (+add yours?)

  1. පූසා
    Jan 01, 2013 @ 18:45:40

    තවත් ග්‍රහ ලෝකෙක තිබ්බ පුංචි රටක ඕකටම ටිකක් සමාන සිද්ධියක් උනා! ඒ රටේ අවුරුදු 30කටත් වඩා වැඩි කාලයක් යුද්ධයක් තිබ්බා. කොහොම හරි අලුත් රජෙක් ඇවිත් යුද්ධේ ඉවර කළා. දැන් මාර වැඩේ කියන්නේ යුද්ධේ නැති රටේ රජා පිස්සු කෙලිනවා. රජාව අයින් කරන්න ආයෙත් යුද්ධයක් කරන්න වෙයි වගේ!😀

    Reply

  2. chethakau
    Jan 01, 2013 @ 22:19:57

    කාටවත් කරදරයක් නොවී දෙයියනේ කියලා ජීවත් වෙන්න මේ ලෝකෙ නෙමෙයි පිටසක්වලවත් ඉඩක් ලැබෙයි කියල හිතන්න අමරුයි🙂

    Reply

  3. බණ්ඩා
    Jan 04, 2013 @ 21:43:21

    උඔටත් හිතෙන දේවල්…

    Reply

  4. තිස්ස දොඩන්ගොඩ
    Jan 23, 2013 @ 11:09:02

    මම හිතුව ‘සිකුරු හතේ’ වත් බැලුවද කියල..

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: