තවත් පිටුවක්…

කොහෙම පටන් ගන්නද අවසානයක් මෙහෙම ලියන්න.
කොහොඹ ගහ යට අපේ කන්තෝරුවෙ කරපු දේවල් දෙයියනේ.
මුල මතක නැති වන තරමට අග හරිය මාර ජොලි.
උඹෙන් ඉගෙන ගත් දේ බෙහෙමයි.
අපි මැච් ගැහුවා, පිරිත් ඇහුවා, ට්‍රිප් ගියා කොච්චර සතුටුද?
ඒවායෙ වුන අවාසනාවන්ත සිද්ධි වලදීද්
අපෙ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ හිටිය වුන් දාල එන්ට වුනා.
මේකෙ ලිපි බලලාත් තෝ පල යන්න කියන්නෙ නැතිව
දිගටම ලියපන් කිව්ව ඒ මනු+ස්+සයාවත් තනිකරලා ආවා වගේ හිතෙනවා.
නෙත්ලෝල, කන්ලෝල, මනලෝල හැම ලෝලයකම අය
දාල එන එක ඉතින් ප්‍රිය විප්පයෝගම තමා.
ආයෙ ඉතින් නාවල පාරෙ කරක් ගහන්ට,
කොට්ටං ගහ යට බයිලා ගහන්ට,
තිත්ත මල් පේර කන්ට, කොට්ටම්බයක් තලන් කන්ට
ඔරුවෙ තණකොල අරං යන වුන් බලන්ට…
මෙලෝ දෙයක් නෑනෙ.
එනකොටත් ආයෙත් හැරිලා බැලුවෙ
තවත් පාළුවට යන අපේ මුල්ල දිහා
මම නම් ඉතින් එලියට බැහැලා ආවා.
වරදක් වුනානම් සමා වෙයන්.
උඹලාට ජය!

ප.ලි – දුකයි තමා. දුක්වෙන්න නම් හේතුද නැත්තෙ.

3 Comments (+add yours?)

  1. තිස්ස දොඩන්ගොඩ
    Mar 02, 2013 @ 13:54:53

    මොකක්ද බොලේ ඔරුවෙ තණකොල අරන් යන කතන්දරේ?

    Reply

  2. බණ්ඩා.
    Mar 22, 2013 @ 06:53:20

    එලියට බැස්සේ අලුත් තැනකට ගොඩ වෙන්න නිසා.
    ජය වේවා අලුත් තැන අලුත් ජීවිතයට!!

    Reply

  3. Rohita Hemachandra (@rohita_h)
    Mar 31, 2013 @ 11:03:28

    ඇත්ත තමයි කතාවනම්…
    ඇයි අච්චි කඩෙ බත් කැව හැටි…

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: