රත්වෙලා කරකුට්ටන් වුනු
තනිකඩ මගේ පොළොවට
අහසම කළු කරලා, ගොරවලා,
නුඹෙන් ආපු මහා මේඝයෙන්වත්
ඇති වෙන්න තෙමිලා
මගේ තිබබ මීහරක් ගිණියම
මැකෙයි කියලා මන් හිතුවෙ.
නුඹ දෙන්නෙත්
කඳුලු බින්දු දෙක තුනක් පමණක්නම්
තියාගන්න ඒකත්
මට දැන් ඕන කරන්නෙ
මාව සීතල කරන්න පුලුවන්
හිම කන්දක්, අයිස් වැස්සක්…
ප.ලි – ඒත් ස්තුතියි ඔබට. මට දුන්නු වැහි බිදු දෙක තුනට.
Mar 09, 2015 @ 11:27:05
ඒක අැත්ත……. අවශ්‍යතාවය සහ ලැබීම අතර ගැටුම… ඉල්ලුම සහ සැපයුම අතර පරතරය….
Mar 30, 2015 @ 20:32:39
කුණු දිය පර්වතය ගැන හොයද්දි මේක දැක්කෙ. උඹ මොකෙඔ බන් හැන්ගිල ලියන්නෙ.