සඳක් ලදිමි

ඇය සඳට උපමා කලෙමි.
මගේ සඳ ගැන වර්ණනා කලෙමි, කවි ලිව්වෙමි
සදේ ලප සැගවුවෙමි, එළිය පමණක් දුටුවෙමි.
පුරා හදක් පැතූ මට ලැබුනේ අමාවකක් පමනි.
මා හිත හදා ගත්තෙමි. දුක් වුනෙමි.

හිරු, සදු කැරකෙමින් දින ගෙවුනි.
තාරුකා ගැලපී දිනක් ලැබුනි.
මගේ ලෝකෙටත් සඳක් උදාවිය.
අලුත් සඳක් මා අසල විය.

ඔයා හරි හුරතල්… කැමතිද මගෙ හාවා වෙන්න…

කලින් උපමා කල සඳ මගේ නෙත් අසල විය.
උපමාව රූපයකයක් වී ඇත.

මන් හිතුවට වඩා සඳ ලස්සනයි… මාත් කැමතියි…

මම පුදුම වෙමි. සිහිනයක් යැයි කොනිත්තා ගත්තෙමි.
තාමත් ඇය මා අසලයි. මා පුදුම වෙමි.

ඇත්තටම! මට හරි පුදුමයි. හීනයක් වගේ..

මගේ සිතුවිලි ඇගේ වචන විය.

ප.ලි – පුරා හද ඇති රැයක් ලෙස දැනෙයි ජීවිතේ…

3 Comments (+add yours?)

  1. කුරුටු ගෑ ගී පවුර
    Aug 17, 2015 @ 11:15:45

    ඔහොම දැනෙනවා… හැබැයි පරිස්සමෙන්… ඔහොමම දැනෙන තව කට්ටියක් අංගොඩත් ඉන්නවා…

    Reply

  2. දුණුමන්ත
    Sep 28, 2015 @ 16:11:24

    කෙල්ලෙක් හම්බවුනාම,
    ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ලෙ තමයි ඒ
    මම හිතන විදියටමයි හිතන්නෙ
    මටම මවාපු කෙනා
    කොච්චරනම් අහිංසකද?
    අපෙ අම්මලට මට වඩා ආදරෙයි
    මගෙ වාසනාව
    ඒ වගේම,
    කිසිම ඇදයක් පේන්නෙ නෑ
    අධෝවාතය ගියත් සුවදයි

    බැදල ටිකදවසක් ගියාම හීනෙ එලිවෙනවපුතේ…
    එතකම් සුවය විදපං
    ගෝතම බුදුන්වහන්සෙත් කිවානෙ ගිහියකුට ඇති වටිනාම වස්තුව කාන්තාව කියල🙂

    Reply

    • බාස්
      Oct 21, 2015 @ 15:46:24

      සිද්දියට ගැලපුනත් නොගැලපුනත්,කතාව ඇත්ත.🙂

      Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: