කුරුල්ලන් සමග කුරුට්ටෙක්

රාත්‍රියේදී කුලී නිවසේ නිහඩ බව බිදෙන්නේ කිරලුන් රංචුවකගේ කෑමොරයෙනි. ස්වභාදහමට කෙතරම් කැමති වුණත් ලෝකය පෙරළෙන්නාක් මෙන් බොරුවට කරන මේ සද්දයට මා කැමති නැත. උන්ට දවසක වෙන්නේ කොටියා ආ කතාවය. කුඩාකල පුස්තකාලයෙන් කියවූ සිරිලක අවේණික කුරුල්ලෝ කෘතිය මා කුරුල්ලන් ගැන කියවූ මුල් අත්පොතයි. බාලදක්ෂ ලොග් පොතේ කුරුල්ලන් දසදෙනාත් මා තනිව තොරතුරු රැස්කල ඒවායි. උසස්පෙළ කේවල ව්‍යාපෘතිය ලෙස කල අපේ ගමේ කුරුල්ලෝ ලෙසින් ව්‍යාපෘතියක් කළෙමි. කොළඹ විශ්‍යවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුල් වු පමණින්ම දකින් පක්ෂීන් සම්බන්ධ කුටියත් එහි සිටිනා නම අමතක වන රුවුළ දිග ආචාර්‍යවරයාත් කුරුල්ලන් පිළිබඳ මතකට අලුත් කරත් ඒ පිළිබද අවදානයක් මා යොමු කලේ නැත.

නමුත් කිරලා නිසාත් මා නිතර බලන මුහුණුපොතේ අප රටේ ඡායාරූප ශිල්පීන්ගේ අලංකාර ඡායාරූප නිසාත් ඊයේ සිටත් දෙතුන් වරක් ඇසූ “ඇය යන්න ගියා මැකිලා” සින්දුවත් නිසා කුරුල්ලන් ගැන මා ලද අත්දැකීම් කිහිපයකුත් මගේ ආකල්ප කිහිපයක් සටහන් කිරීමට සිතුණි.

වරක් අපි සිරීපාද රක්ෂිතයට අයත් සප්ත කන්‍යා කඳු වැටිය තරණය කිරීමට ගියෙමු. පාර වරද්දා ගත් අපි දිඹුල් ගාලකින් යාම නිසා අන්ත අසරණ තත්වයට පත් විය. පසු දින නියම මාර්ගයේ ගියද අප දුර්වල තත්වයේ වූ බැවින් පළමු වතාවට අපි පසුබැස්සෙමු. අපි එම සංචාරයේ වනාන්තරයට ඇතුල් වුනේවත් නැත. රැලේ හොදම ආබාධිතයා වූ මා අනෙකුන්ට පස්සෙන් පැමිණියෙමි. තාර පාරක පැමිණි මා දෙමලිච්චන් රංචුවක් දුටිමි. ලංකාවේ දෙමලිච්චන් යනු අමුතු පක්ෂියෙකු නොවුණත් මොවුන්ගේ තිබූ වර්ණය මා පුදුම කළේය. එය පෙර කී කෘතියේ රතු දෙමලිච්චන් මෙන් රතුම රතු පැහැය  විය.  මොවුන් සිරිලකට ආවේණික රතු දෙමලිච්චන් බව තේරුම් ගත් මා හැකි වෙර දමා අප පිරිස වෙත ගියේ මොවුන්ගේ ඡායාරූපයක් ගැනීමටය. නමුත් පිරිස මට තරමක් දුරින් ගමන් කල අතර නැවත කැමරාවක් රැගෙන ඒමට තරම් අපේ සිත ශක්තිමත් නොවීම නිසා ඡායාරූපයට ගැනීමට අපට නොහැකි විය. එතරම් දුර්ලභයැයි කියන පක්ෂීන් ග්‍රාමීය සීමාවේදී දැකීම මා කුතුහලයට පත් කළේය. පක්ෂී විශේෂඥයන් තම අධ්‍යනය වනාන්තර සීමාවේ පමණක් කිරනවාද? ඔවුන් එක මතකයට කොටු වී ඇද්ද යැයි මට සිතුනත් එය කල් යත්ම වියැකී ගියේය.

එය නැවත මතුව ආවේ අප විශේෂ පුහුණුවකට නුවරඑළිය පීඩෘ නම් කඳවුරට ගොස් සිටියදී වුණු සිද්ධියක් නිසාය. දිනක් අපිව කඳවුරේ පාගමනකට යැව්වේය. මානවකයන් හා බාලදක්ෂ නායකයන් ලෙස අපේ කොටස් දෙකක් වූ අතර දිගින් දිගටම වූ බහින් බස් වීමකින් පසු මානවකයන් පාගමනේ මුලින් යෑමට තීරණය වුණි. තරමක් දුර පාගමන ගියද මානවකයන් පාසටහන් වෙනස් කර තිබීම නිසා පාගමනේ සම්පූර්ණ අරමුණ වෙනස් විය. පාසටහන් සොයා ගැනීමට නිසා අපට කැලයේ රිසි සේ ඇවිදීමට හැකිවේ. නමුත් අපේ සගයෙක් එය හොරා පොලිස් තරගයක් කර ගත්තේ අපිට පසු පසින් පාගමන ඉවර කිරිමට වැර දරන මානවකයන් නිසාය. කාලයකට පසු අපි කුඩා දරුවෙන් මෙන් බිම පෙරළෙමින්, බඩගාමින් හැංගිමුත්තන් ක්‍රීඩාවක් කල අයුරු තවමත් සිහිවේ. එක් වරක මා ඉතා ඉහළින් සර්පන්ටයින් ගසක මුදුනේ වු රතු, දුඹුරු හා නිල් පැහැති කුරුල්ලන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු දුටුවෙමු. ඇටි කුකුළාගේ හා කොහාගේ මෙන් පෙදයක් ඔවුන් විය. මෙය ලංකාවට ඇවේනික කැහිබෙල්ලන් නේද කියා සිතුනත් මා අසල ගසකට මුවා වී සිටි සගයාගෙන් ඇසුවේ එය තහවුරු කිරීමටයි. තදින්ම තරගයේ සිටි ඔහු කටවහන් පාත් වෙලා වරෙන් කිවූ නිසා රිසි සේ ඔවුන් බැලීමට නොහැකි විය. පෙනෙන නොපෙනෙන උසින් මා දුටුවේ කැහිබෙල්ලන් නොවේද? සිංහරාජයේ පමණක් දක්නට ලැබෙනවා යැයි කී දුර්ලභ පක්ෂීන් පීඩෘ වැනි කුඩා වනයක සිටින්නේ කෙසේද?

ලංකාව යනු සංචාරක පක්ෂීන් විශාල වශයෙන් එන පෙදෙසකි. ඔවුන් හැතැප්ම දාස් ගාණක් ගෙවා ලංකාව වැනි කුඩා දූපතක් සොයා එන ආකාරය පුදුමය. නමුත් ඔවුන් සියල්ල විදේශිකයන් වන්නේ කෙසේද? ඔවුන් ඇතැමෙක් බිත්තර දමන්නේ මෙහේය. පැටවුන් සමග වැඩි කාලයක් ජීවත් වන්නේ මෙහේය. අප රටින් පිටරට ගොස් නැවත පැමිණෙන අයට අපි විදේශිකයන් කියන්නේ නැත.

කුරුල්ලන් බැලීමට කුමන යන කොළඹ බොහෝ පිරිස් දියවන්නා ඔයේ සිටින පක්ෂීන් හෝ අත්තිඩියේ සිටින පක්ෂීන්ගෙන් අඩක්වත් දැක නැත යන්න මගේ සිතුවිල්ලයි.

ප.ලි – සිතනා විදිහට අප සොයනා දේවල් වෙනත් ලෙසකට සිතා අධ්‍යනය කල යුතුය. යමෙක් අපිට කියා දුන් දෙයම සත්‍ය යැයි සිතා සිටීම මෝඩකමකි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: