ශාන්තිකර්ම වලින් ඉතිහාසය

ලංකාවේ ශාන්තිකර්ම වල උපත් කතා බොහොමයක් තොරතුරු ඓතිහාසික සංසිද්ධීන්ට අදාළ භාරතයට සම්බන්ධකම් ඇති ඒවාය.

පත්තිනි දෙවඟනගේ උපත මධුරාපුරය හා සම්බන්ධ වී ඇත. සූනියම් යාගයේ උත්පත්තියට මුල් වූ මහ සම්මත රජු භාරතීය සම්භවයක් ඇති රජෙකි.

දෙවොල් මඩුවේ පුරාවෘත්තයට අනුව රුවන්වැල්ලේ ප්‍රථමයෙන් පවත්වන ලද මඩු යාගය හිස රුජාවක් සංසිඳවනු සදහා කේරළයේ රජ කළ සේරිමාන් රජුට කරන ලද්දකි. මේ යාගයේම පුද ලබන දෙවොල් දෙවි දක්ෂිණ භාරතයේ ස්වර්ණ කුදුප්පර නුවර සිට නැව් නැග පැමිණ, සිය තෙද බල පා සීනි ගම් තොටින් ගොඩ බැස්සේය. ස්වර්ණ කුදුප්පර නුවර පිහිටියේ කාලිංගයේ බවත්, දෙවොල් සත්කට්ටුව යනු බොළඳ සිටාණන් හට දාව සිරීමා කුමරියගේ කුසන් උපන් දරුවන් සත් දෙනා බවත් පැවසේ.

සන්නි යකුට උත්පත්තිය ගෙන දුන් ලිච්ඡවී රාජ පරම්පරාව බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධකම් ඇති භාරතීය රජ පෙළපතකි. සංඛපාල රජු යනු ලිච්ඡවී පරම්පරාවේ රජකි. රිද්දි යාගයේ පුද ලබන රිද්දි බිසෝවරු විල්ලෝඩි දේශයේ ඉපිද ලංකාවේ වලවේ ගංතෙරට ආසන්න උසන්ගොඩින් ගොඩබට පිරිසකි. මහාසෝන් සමයමට පසුබිම් වූ පුරාවෘතිය භාරතීය හින්දු සාහිත්‍යය සමග මිශ්‍ර වී ඇත. බස්ම අසුරයා දවා පුළුස්සන ලද සොහොනෙන් මහාසෝනා උපන් බවට විශ්වාසයක් ඇත.

කොහොඹා කංකාරියට සම්බන්ධ මලය රජුගේ උත්පත්තිය රාමායණයට සම්බන්ධව ගෙතී ඇත. මලය රජු තුන්කට්ටුව ලෙස හදුන්වන්නේ සීතාගේ කුස උපන් සඳලිඳුත් තවුසා විසින් මලකින් හා ඊතණ ගසකින් මවන ලදැයි පැවසෙන මල රජ හා කිත්සිරුත් යන තිදෙනාය. කළුයාකාගේ මව හිමාලයේ විල් තෙරකට අධිපති කුවේණි නැමැත්තියක් බව පැවසේ. ඊරා යකා උපන්නේ ශයිරාෂ්ඨ දේශයේය.

වඩිගපුර නුවර වඩිග රජුන්ටත් තුසරි බිසවුටත් උපන් ඔඩ්ඩි කුමාර හෙවත් සූනියම් යකාය. කාසි රටෙහි අඬිගුරා දාව ආඬි මවගේ කුසයෙන් අභිමාන යකා උපනී. තොට යකාගේ උපත්තිය මහා සම්මත රාජ පරම්පරාවට සම්බන්ධය. කළු කුමාරයාගේ එක් උත්පත්තියක් නීල මහා යෝධයා සමග ගජබා රජු සොලී රටේ ආක්‍රමණය සදහා පිටත්ව ගිය බවත් සොලී රටේදී ස්ත්‍රී පුරයට ගිය නීල එහිදී මරුමුවට පත්ව කළුකුමාර නමින් උපන් බව කියැවේ.

මේ අනුව පැහැදිලිව සිංහල යාගකරනයට සම්බන්ධ පුරාවෘත්ත යක්ෂ දේව උපත් බොහෝමයකට භාරතීය සම්භවයක් ඇති බවකි. ඈත අතීතයේ පටන් සමීප සම්බන්ධතා පැවුත්වූ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව හා භාරතය අතර ඇතිවූ මෙවන් සබදතා ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. මහා සම්ප්‍රදායක් වූ භාරතීය සංස්කෘතියේ බලපෑම් චූල සම්ප්‍රදයක් ලෙස සැලැකිය හැකි ශ්‍රී ලංකාව කෙරෙහිද ඇති වීම වැළැක්විය නොහැකි කරුණකි.

ඇබෑසිය – චූල සම්ප්‍රදායේ ඇති නැටුම් හා ජන ගායනා භාරතයේ මහා සම්ප්‍රදායේ නැටුම් හා ජන ගායනා සමග විමසන්න.

ප.ලි – මෙය ජයසේන කෝට්ටගොඩ මහතාගේ පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය පොතේ පිටු 254 – 256 තිබූ විස්තරයක අනුවාදයකි. මෙහි තද අකුරින් දක්වන නම් ඇත්තන් ලංකාවේ සිටි බව හා ස්ථාන ලංකාවේ බවට ඔප්පු කිරීමට, අදාළ ශාන්තිකර්මයේම උපත් කවි හා ඔබේ සාමන්‍ය දැනුම ප්‍රමාණවත් වනු ඇත.

අපේ පැත්තෙ කෙනෙක්

කොට්ටාවෙ ජාලිස් වෙද මහත්තයා ගැන දැන ගත්තාම තමා මට හිතුණෙ අපේ පැත්තෙ හිටපු වීර චරිත මොනාද කියලා හොයලා බලන්න. 1848 නිදහස් අරගලයෙදි සේනාධිපති ලෙසට කටයුතු කරපු පුරන් අප්පු මී මුත්තා මොරටුව පැත්තෙ. එයිටත් කලින්, අවුරුදු 12 ඉදන් 120 වෙනකන් සටන් කරපු, පරංගින්ටයි උන්ට කඩේ ගියපු අයටයි පුදුම හිස රදයක් වෙලා හිටපු ටිකිරි කුමාරයා නැත්නම් රාජසිංහ රජුරුවො හිටියෙ සීතාවක. ඒ කියන්නෙත් කොළඹ දිස්ත්‍රික්කෙම තමා. වෙසමුණි රජුරුවො වගේම හොරණට නම දුන්න හිරන් කසුබ් වගේ අය ගැන කතා නොකරම ඉමුකො.

එච්චර ලොකු ඉතිහාසයක් නැතත් මහරගම වැදගත් චරිතයක් නැද්ද කියලා මන් කල්පනා කළා. වීරකමයි වැදගත් කමයි පැත්තකට තියලා අඩුගානෙ විශේෂ කෙනෙක්. ඉස්කෝලෙදි කාගෙත් හිතවතා වෙච්ච රංජි අයියා ගැන ලගදි දැක්කම මට කෙනෙක්ව මතක් වුණා. රංජි අයියා නෙමේ. අපේ ඉස්කෝලෙ මුල්ම විදුහල්පති වුණ සොයිසා සර්ව.

පුද්ගලයෙක් විදිහට මනුස්ස පාට තිබ්බ නිසා හොද මනුස්සයෙක් වෙන්න ඇති. අපි පොඩි කාලෙමනෙ සර් විශ්‍රාම ගියෙ. එතුමා කරපු කතා දෙකක මට මතක හිටපු පොඩි කොටස් දෙකක් නිසා මට ඔහු විශේෂ චරිතයක් වුණා.

2001 හරි 2002 හරි තිබුණ ගුරු උපහාර උළෙලකදි උන්දැට විශේෂ කතාවක් ලැබුණා. ඒකෙත් තමන් ඉස්කෝලෙ මේ තත්වයට ගේන්න ගත්තු උස්සහය කිව්වාම මට ඇත්තටම ඔහු ගැන ආඩම්බර හිතුණා. එදා මිශ්‍ර පාසලක් වුණ අද මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ කොටසක් ලෙස තමා අපෙ ඉස්කොලෙ පටන් අරන් තියෙන්නෙ. ළමයි එකසිය ගානකින් මට මතක විදිහට.

ඉස්කෝලෙ පිටීම පස්සෙ පිට්ටනියෙ තියෙනවා ළිං දෙකක්. ඕකෙ බිත්ති දෙකට චූ කරපු නැති කොල්ලෙක් මහරගම ජනාධිපතියෙ ඉන්නෙ නැතුව ඇති. එදා ඉස්කෝලෙ ළමයින්ට බොන්න වතුර ඇන්න ඇවිත් තියෙන්නෙ ඔය ළිං දෙකෙන්ලු. හෙට දවසෙ ළමයින්ට බොන්න උඩහ වතුර ටැංකියට (මට මතක විදිහට අදටත් පිට්ටනියෙ තියෙන ලොකු ටැංකියට) වතුර ඇදලා තියෙන්නෙ විදුහල්පතිතුමාම තමා. ළිං දෙකේ ඉදන් වතුර ටැංකිට දුර මීටර් දෙසියක් විතර ඇති. ඒ මදිවට උඩහටම අදින්න ඕනි. ළමයි එකසිය ගාණකට වතුර ඇද්ද කිව්වාම ප්‍රින්සිපල් කෙනෙක්.

අද බන්ධනාගාරය වගේ වට කරලා ගහලා තියෙන තාප්පය හරි පොඩියි ඒ කාලෙ. ලංකාවට මුල්ම ඔලිම්පික් පදක්කම දිනපු ඩන්කන් වයිට් ලැගලා හිටපු ගෙය තිබ්බෙ අපෙ පිට්ටනිය ගාව. ඒක තමා පස්සෙ කාලෙක විදුහල්පති නිල නිවාසය වගේම ඉස්කෝලෙ කාර්්‍යාලය වුණේ. ඔය ගේ ගාවම දැන් පිට්ටනිය මැද තියෙන කොහොඹ ගස කිට්ටුවම තිබු බෝ ගහක්. ඒ බෝ ගහ හැදිලා තිබුණෙ තල් ගහක් වට කරගෙන. කවුරුත් කිව්වෙ බෝතල් ගහ කියලා. අපේ රුස්වීම ගත්තෙ පිට්ටනියෙ ඔය ගහ ගාව.

දවසක් ඒ රුස්වීමට ආපු විදුහල්පතිතුමා කියපු කවියක පද තුනක් මට සෑහෙන කාලයක් මතක තිබ්බා. ලගදි තමා ඒකෙ සම්පුර්ණ පද ටික හොයා ගත්තෙ. කුංකුණාවෙ හාමුදුරුවො පන්සලේ බිත්තියකට ඇදෙන කූඹි රංචුවක් දැකලා තමා මේ කවිය කිව්වා කිව්වෙ.

අනේ කුහුඹුවනේ
තොපටත් රජෙක් ඇත්තෙ
අපිට ඇයි නැත්තේ
අපේ කරුමෙද මෙහෙම වෙන්නෙ

රජෙක් ලැබුණෝතින්
කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම්
සාදු කාරෙන් ගිගුම් දෙන්නම්

ප.ලි – අද විදුහල්පති කෙනෙක් මේ කවිය කිව්වොත්…

ගමට නමක්

අපේ තාත්තාට අනුව…………

මහරගමට කලින් කියලා තියෙන්නෙ හික්ගස්හන්දිය කියලා. දැන් මධ්‍යමහා විද්‍යාලය තියෙන තැන ගම්මාන පාර ගාව ලොකු හික් ගහක් තියෙලා තියෙනවා. (ඔය කාලේ හයිලෙවල් එක තියෙලා නෑ.) හැට ගණන් වල හාරලක්ෂෙ මන්කොල්ලයක් වෙලා තියෙනවා. (ඒකට චිත්‍රපටියකුත් ගහලා තියෙනවාළු.) ඒකෙ හොරු ටික අල්ල ගෙන බලපුවම මහමොලකාරයා ඇතුලු බහුතරය මහරගම උන්දැලලු. කොහොමත් ඒ කාලෙ මහරගම ලොකු හොර කම් වෙලා තියෙනවාලු. (දැනුත් ඉතින් වෙනසක් නෑ. ) ඒ නිසා මහ + හොර + ගම පස්සෙ මහරගම වුනාලු. (ඉස්සර ලක්ෂයක් තියන මිනිස්සු ඒක තියනවා කියලා පෙන්නන්න කොඩියක් දානවාලු. ඒකටලු ලක්ෂෙට කොඩිය දානවා කියලා තියෙන්නෙ. මේක නම් ඇත්තද දන්නෙ නෑ. )

නල්ලවත්ත පාරේ ඒ කාලේ දෙමලෙක් ඉදලා තියෙනවාලු. ඒක නිසා නල්ලවත්ත පාර කියලා දාලා තියෙන්නෙ. මම ඉස්සර හිටියෙ ඒ කිට්ටුව. දැන් ඉන්නෙ පමුණුවෙ. පමුණුවට නම හැදුනෙ කොහොමද කියලා නම් තාත්තා දන්නෙත් නෑ. ඒත් ඉස්සරම මේ පැත්තට පාන්කඩ පමුණුව කියලා තමා කියලා තියෙන්නෙ. ඉස්සර ගාමන්ට් වලින් විසිකරන රෙදිකෑලි විකුනලා තියෙන්නෙ මේ පාරේ. ඒ නිසයි ඒ නම ආවෙ. දැනටත් මහරගමට වඩා පමුණුව ප්‍රසිද්දයි රෙදි වලට.

ඉස්සර පන්නිපිටිය හැදිලා තියෙන්නෙ පණ්ඩි + පිටිය කියලා දන්නවා ඇතිනෙ. ඉස්සර එහෙ හැම ගේකම ඌරො ඉදලා තියෙනවාලු. ඌරු + කොටුව කියන එක පාලියෙන්නෙ පණ්ඩි පිටිය කියලා දාලා තියෙන්නෙ. ඒ නම නම් කොයි කාලෙ ආවද දන්නෙ නෑ. කොහොම හරි අපෙ තාත්තාල ඒ කාලෙ ඒ පැත්තට කියලා තියෙන්නෙ කොස්ගහ හන්දිය කියලලු.

රුක්මල්ගම හදලා තියෙන්නෙ හැත්තැ ගනන් වලලු. ඒ කාලෙ මිනිස්සු පදිංචි කරන්න හදපු ගමට දාපු නිකන් දාපු නමක් තමා රුක්මල්ගම. දැන් ලේසියට රුක්මලේ කියනවා. තව ලග පාත ඒවා දන්වානම් කියන්න හොදේ…..

හෙල බසෙන් ලෝකයට

ඇනකොන්ඩා කියන ලෝකයේ ලොකුම උරගයාගේ නම ලෝකයට ගිහින් තිබෙන්නේ හෙනකඳයා යන සිංහල වචනයෙන් කියනවනේ. හෙනකඳයා කියන්නෙ ලංකාවේ ජීවත්වන කුඩා සර්පයෙකුටලු.  මන් මේ කියන්න යන්නේ ඒ පිළිබදව නොව හෙලදිවෙන් ලෝකයේ රටවලට ගියා යැයි සැලකෙන වචන කිහිපයකි.

සිංහල භාෂාව පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි… ආදී වූ භාෂා කිහිපයකින් සෑදුන බවට මතයක් ඉංග්‍රීසි පඬිවරුන් හා ඇතැම් භික්‍ෂූන්වහන්සේලා විසින් පිළිගෙන රටට ඉදිරිපත් කර තිබුනි. 1924 දී කුමාරතුංග මුනිදාස පඬිවරයා විසින් වර්තමාන සිංහල භාෂාවට පාදක වී ඇත්තේ හෙල බසෙන් බව සාක්‍ෂි සහිතව ඔප්පුකරන ලදී. මෙහි හෙල බස යනු සිංහල භාෂාවේ මුල් භාෂාව මිස දෙකම එකක් නෙවන බව සැලකිය යුතුය. නමුත් ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් ඊට ඉඩක් නොලැබුන අතර හෙල හවුල ලෙස සංවිධානයක් කුමාරතුංග මුනිදාසයන් ආරම්බ කලහ. සිංහලයාගේ මහාස්‍යයට ලක්වුන එම සංවිධානය, ඇතිවූ බාදා නිසාම 1955 වන විටදී පිරිහී ගියේය. පිරිහුන හෙල හවුල වෙල්ලාල ජයමහ සූරීන් හා අරිසෙන් අහුබුදු සූරීන් ඉදිරියට ගෙන ගියහ.

ලෝකයේ මිනිසුන් ව්‍යාප්ත වීම පිළිබදව මත කිහිපයකි. එය හෙල දිවයිනෙන් ව්‍යාප්ත වූ බවට ප‍්‍රබල මතයකි. හෙල දිව යනූ වර්තමානයේ ලංකාවම නොව එය මූලස්ථානයක් වූ ඔස්ට්‍රේලියාව තරම් විශාල වන්නට ඇතැයි සැලකෙන, ඉන්දියාව හා යාවුන බිමකි. හෙල හා දඹය යන්න කන්දට සමාන පදයන්ය. තැනින් තැන නැගුන කඳු වැඩිමනක් ඇත්තේ ලංකාවේය. හෙල දිව හා දඹදිව යන සමාන පද භාවිත කර ඇත්තේ එකම රටකට බව ඔප්පුවේ. මහාචාර්‍ය ඬේවිඞ් ෆෝලි විසින්ද මෙලෙස තවත් රටවල්, ගංඟා, නගර වල නම් හෙල බසින් අභාශය ලද බවට සාක්‍ෂි ඉදිරිපත් කරන ලදී.

හෙල හවුලේ පණ්ඩිතයන් හා විදේශ ඉතිහාසඥයන් විසින් මෙසේ ඉදිරිපත් කර ඇති වචන කිහිපයක් මෙසේය. මේවායේ අර්ථය, සන්ධි විසන්දි, අක්‍ෂරවින්‍යාස වල නොගැලපීම් තිබීමටපුළුවන. නමුත් ඒවා ශබ්ද කරන ආකාරය අනුව තරමක් සිතා බලන්න.

කා+අපිරි (පිරිනැතිහිස)     – අපිරිකා    – අප්‍රිකා        1*
නි+ගර (ගෙයක්නැති)       – නිග්‍රෝ
පිරි+මිදිය(පූර්ණ මිදීම)      – පිරිමිදි    – පිරමීඩ
සිංහපුර        – සිංගපෝර් (දෙමළ)   – සිංගප්පූරුව
නිල්නදිය     – නීල් නාහර් (අරාබිබසින්)    – නයිල්නදිය (ඉංග්‍රීසිබසින්)
කසුබු          – කාශ්‍යප    – කාශපියන්    – කැසිපියන් (මුහුද)    2*
රමණිය         – රාමාණියා    – රොමානියා    3*
දැනුබ් ගඟ     – ඩිනියුබ් ගඟ            3*
දනව+මාර්ග     – ඩෙන්මාර්ක්
අසුර           – අස්සූර්                4*
අසුරයන්    -ඇසිරියන්            5*
මැද+දෙරණ    – මෙඩිටේරියන්
මැද+ගස්+කරය    – මැඩගස්කරය
ඇත ඇත      – ඇතැන්ස්           6*
පත්තිනි        – ඇතීනා    – ඇතැන්ස්    6*
හෙලිගො ලෑන්ඞ්, හෙලිගෝ ලෑන්ඞ් බොක්ක    7*
මායා ඉන්කා ශිෂ්ඨාචාරය   8*

1 – නීග්‍රෝ මිනිසුන් සිටි නිසා
2 – හිරණ්‍ය කසුබු ලෙස කි.පූ 26057 දී හෙලදිව රජ කල ප‍්‍රබල රජ කෙනෙකි.
3 – මහාරාවනා රජුගේ බිසව මන්දෝදරී දේවියගේ සොයුරු ‘දැනුබ් කුමරා’ දකුණු යුරෝපයට ගොස් ‘දැනුබ් ගඟ’ ආශ්‍රිතව ‘රමණිය’ යන නගරය පිහිටවන ලදී.
4 – යුප‍්‍රටීස් – ටයිග්‍රීස් ගංඟා ආශ්‍රිත නගරයකි.
5 – යුප‍්‍රටීස් – ටයිග්‍රීස් ගංඟා ආශ්‍රිත වාසය කල ගෝත‍්‍රයක්ය.
6 – අතීතයේ හෙලදිව වැසියන් අසුරයන්විය. සුරා බොන්නන් සුරයන් විය. සුරයන් සමග වෛරයෙන් පසුවූ දේවයානී නොහොත් පත්තිනි දේවිය තම පුතුන් තිදෙනාට ශිල්ප උගන්වා ප‍්‍රහාරක ගුවන්යානා සාදවා ඉන්දියාව, අෆ්ගනිස්ථානය, ඉරානය. තුර්කිය, හරහා ග්‍රීසිය දක්වාද පහර දුන්නහ. අවසානයක් නොපෙනන බැවින් සක‍්‍රයා විසින් ඇත ඇත යන්න ඇතැන්ස් වූබව හින්දුන්ගේ මතයයි. නමුත් රෝමය සෑදුවේ ඇතීනා දෙවගන බව ග්‍රීසිය අතීතය පවසයි. ඇතීනා යන නමත් පත්තිනි යන්නත් ආසන්න වශයෙන් එකම උච්චාරනයක් ලබාදේ.
7 – ඩෙන්මාර්කයට උතුරින් ඇති දූපතක් හා බොක්කකි. හෙලිගෝ යන වචනයක් ඩෙන්මාර්ක බාසාවේ නොමැත.
8 – මායා අසුර නොහොත් විශ්වකර්ම දේවයා විසින් පාතාලයේ මායා අසුර අධ්රාජ්‍ය බිහි කරන ලදී.

මීට අමතරව අම්මාට බොහෝ රටවල අම්මා, මව යන වචන වල උච්චාරන වලට සමාන වචන පරිහරනය කරයි. විමසිල්ලෙන් බැලූව හොත් තවත් වචන  ඕනෑ තරම් ඔබට සොයා ගත හැක. අභ්‍යාවකාශයට පිටසක්වල ජීවීන් සෙවීමට යවන ලද ඇතැම් යානා වල සිංහල හඬ පටි යවන ලද බවට දුසුමාන ආරංචි ඇත. අතීතයේ අසුරයන් පිටසක්වලද පාලනය කල බවට දේවකතා වල සදහන් වීම මෙවාට හේතු වන්නට ඇත. හෙල බසෙන් පාලි, සංස්කෘත, බ්‍රහ්මන, දෙමළ, හින්දි… ආදී භාෂා ගණනාවක් බිහිවී ඇත.

%d bloggers like this: