ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න…

සංචාරකයෙකි.
ගවේෂකයෙකි.
රට පුරා කඳු තරණය කරන්නෙකි.
සුන්දර කඳු මුදුනක, දිය ඇල්ලක මුදුනකට ගිය හැන්දෑවක
මුලු පරිසරයම මී දුමෙන් වැසී යාමට මොහොතකට පෙර
ඔහුට මතක් වන්නේ ඇයයි.
මිතුරන් සමග නොව ඇය සමග තනීවීමට ඇත්නම්…
දුර්ග ගෙවා ආ මග අමතක කර
නෙළු මල් පිපුණු පිනි වැටුණ තණ පත් මත ඇවිදින්න
මගේ සිහින සානුවේ
වලාකුළු වලින් වැහුණු තැනක
කූඩාරමක් ගහගෙන
සීතලට තුරුල් වෙලා ඉන්න
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න…

මීදුම් දුමාරයේ
සීතල හැන්දෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැළුණු ඈත නිම්නයේ

නිශා නින්ද ඇහැරවා
මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැළුණු ඈත නිම්නයේ

වලාවකින් හැඩ දමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැළුණු ඈත නිම්නයේ

බාගන්න

ප.ලි – තේරුමක් නැහැයි කියූ ගී පදවලට මා දුන් තේරුමයි. සැබෑ තේරුම මමද නොදනිමි. පද මෙන්ම සින්දුවේ සංගීතයත් මතක් කර දෙන්නේ ඒ සංචාරකයායි.

Advertisements

මම කැමති කෑලි

නිල නෙතුයි, නා දළු දෙතොලුයි, රන තිසරුයි, ඉරයි හඳයි තරුයි, වලාකුළුයි… හැම තැනම එකම දේවල්. ඒ අතරෙ මේ පේලි වෙනස් වගේ.

පෙරවදනක් නැතී
හේෂාරවය කරන රුදුරු අතීතය
නෙතු මල් වස්සන කොඳ කැකුළි
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
ඉඟ නෙරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු
ඉඟි පපා සිනාවෙන විටයි අගේ
ඇඟ සමබර කර එන්නෙ කොහොමද හමනා විට ආදරේ කුණාටුව
අප හරහට උන් ඒ තරු ගලපා
කවි පන්තියේ එළිවැට අසයි මගෙන්
තනි ඇතා සේ හිතින් හිතපු මල්වියේ අරුමේ
ගී පිරිතක් විඳී ජීවිතේ

පලි – පද හල සළුවක නුරා හැඟුම් පොදි කතා ගොඩක් පැවසෙයි

අප්පච්චියා………….

මගෙ බුදු අප්පච්චියා බුදුන් දැක නිවන් දැකපන් මගෙ බුදු අප්පච්චියා

කෝමදෝ මේ දුක් හිතකින් වාවා ගන්නේ

කෝමදෝ ආයේ හැබහින් දැක ගන්නේ

අම්මාවෝ …………….

වල් පැල වද දෙනවෝයා අද නුඹ නැති දා

කාගෙත් බඩ දනවෝයා හක වී නැති දා

අගේට උන්නා ඇස්වහ වැදුනද අපෙ අප්පෝ

අම්මාවෝ …………….

අපේ මත්තෙම නැහී අප හැරදා ගිය මයෙ දෙයියා

වෙලේ කමතේ නැතේ අද උඹබෑ හඬ මයෙ මීමා

අම්මාවෝ …………….

සංගීතය/ ගායනය – රන්වල බලකාය

මිතුරු සරෝරුව සින්දුවෙ පද ටික හොයන්න කියලා මම ගම අවුලඤ්ඤං ප්‍රසංගයේ සමරු කළඹ අයියා කෙනෙක්ගෙන් ඉල්ල ගත්තා. එතකොටයි මේක දැක්කෙ. මම හිතන් හිටියේ මේක අප්පච්චිට කියන ගීතයක් කියලා. මේක ලයනල් රංවලගේ අදහසකට අනුව සිසිර දිසානායකද කොහෙදො ලියලා තියෙන්නෙ. සහන් රංවලත් වැඩේට සෙට් වෙලා. තමාගෙ අප්පච්චි වගේ හිටපු මී හරකා මැරිලා ඒ දුකට අඩන මිනිහෙකුගේ විලාපයක් තමා සින්දුවෙ තියෙන්නෙ. සින්දුව අන්තිම වෙනකම් තේරෙන්නෙ ඒක කියන්නෙ මිනිහෙකුට කියලා. එකම එක පේලියක් විතරයි තියෙන්නෙ මී හරකෙක් කියලා කියන. දුකම කතාව තමා මේක ලයනල් රංවල මහත්තයගෙ අන්තිම සින්දුවලු. මේකෙ වචන වල මොකක් හරි අවුලක් නිසා කියලා තමා කියන්නෙ. අදෝනාවක් වගේ ඇහුනට පට්ට සින්දුවක්.

ප.ලි – මම ඉල්ල ගත්ත පොත නැති වුනා. තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න. සල්ලි වලට හරි ගන්නම්.(ගම අවුලඤ්ඤං සමරු කළඹ)

උන්මාදනී හා ගැහැණු ළමයි

උන්මාදනී හැන්ඟුණා – අනුරාග දෑසින් බලා
සොදුරුයි සුපෙම් ලෝචනා – නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා – රාධා මගේ අංගනා

මල් මී සුගන්දේ නැලවී වෙලී
මල් වැල් ගොතන්නී – වෘන්දා වනේ
නිල් විල් තලාවේ කිමිදී මිදී – කොයිදැයි විදින්නේ සැන්දා සුවේ
රන්මිනි මෙවුල් දම් විදිනා වෙලේ
කො කොයිද රාධා උන්මාදනී

ගෝපි ලියන් හා යමුනා තෙරේ – අවුදින් මුළා වූ රාධා මගේ
වස්සානයේ හා මේ කුළුවලින් – සංතාපයේ මා පොද වෑහුණේ
රන්මිනි මෙවුල් දම් විදිනා වෙලේ
කො කොයිද රාධා උන්මාදනී

සංගීතය – භාතිය හා සන්තුශ්
ගායනය – භාතිය හා සන්තුශ්

හැම වෙලාවෙම සංස්කෘතිය, ඉතිහාසය ලියනවට වඩා වෙනස් දෙයක් ලියන්න හිතුණා.
ලගදි අරේ මරේ අහද්දි තමා මේ අදහස පාත් වුණේ.
මේ සිංදුව අහල තිබ්බට මේ සිංදුව කවුරුවත් විශ්ලේෂණය කරලා තිබ්බෙ නෑ. (තිබ්බද දන්නෙ නෑ. මට හම්බවුනේ නෑ)
බලන්න මේ සිංදුවෙ ගෑනු ළමයින්ගෙ නම් කීයක් තියෙනවද කියලා.

  1. ලෝචනා
  2. ගායනා
  3. අංජනා
  4. රාධා
  5. අංගනා
  6. රන්මිනි
  7. යමුනා

ඇත්තටම මේ සින්දුව කියන්නෙ කාටද කියල තමා ප්‍රශ්නය.
තව ඒවා තියෙනවනම් කියන්න.

හෙලේ මනාලි ගැන

ලක් ඉතිහාසය අතිශය ගැඹුරු වුත් පරම සත්‍ය සැඟවුනාවූත් මහා සාගරයක් වැනිය. එහි කිමිදෙන්නෝ එහිම ඇලී ගැලී වෙසෙත්. ඉපැරණි හෙළ සභ්‍යත්වය බිහිකරනට පරම සත්‍ය වූ බුදුදහමත්  ඒ හා බැඳුණු සිරිත් විරිත් සංස්කෘතික අංග ලක්‍ෂණ දිවිපැවතුම් ඉවහල් වූ ආකාරය අධ්‍යනයේදී අද අප කෙතරම් වල්මත්ව ඇත්දැයි හැගේ. තවමත් නොනැසී පවතින ඒ අතීතයේ සිට පැවතියාවු අපේකම ජනකලාවෙහි පිහිටෙන් තවමත් අපේ හරිත තුලට රිංගා සුසුම් ඇද ගනියි. අපේ නිවැරදි ඉතිහාසය නම් වූ ප්‍රඥාව ජනකලාව නම් ආනන්දය තුල නොනැසී පවතින අපේකම භාවිතා කරමින් අපෙන් පසු පරපුරට ලබාදිමට ලයනල් රංවල ජනගී කණ්ඩායම දැරෑ වෑයමක් ලෙස හෙළේ මනාලී හැදින්විය හැක.

අතීත හෙළ තරුණියකගේ සැබෑ ස්වරූපය හෙළේ මනාලී ගීතයෙන් ඉදිරිපත් කෙරෙයි. පාන්දර ඇවිත් යන්නෙන් ඇය උදෑසනම අවදිවන බවද නූපුර සලා රඟන්නී කීමෙන් ඇය නර්තනයේ දක්‍ෂ බවද කෝල්මුර ගයා යන්නෙන් ඇය අතීත හෙළ විරුවන් ස්මරණය කිරිම කරනු ලබන අතරම ගායනයේ දක්‍ෂ බවද කියා පානු ලබයි. ඩමරුව තුටින වයන්නී යන්නෙන් ඇය වාදනයෙහි දක්‍ෂ බව පැවසෙයි. හෙළේ මනාලි යනු මුලු ලක් බිමටම ඇය සුන්දර කතකි. ඇය අපේ යක් ගොත්‍රික තරුණියයි.

ගීතයේ පළමු අන්තරාවෙහි ඇයගේ පෙළපතේ පිරිස් සිටින්නාවු රාවන යුගයේදී ප්‍රබල අවි ආයුධ නිෂ්පාදනිගාරයක් වූ කිණිහිරියාගල ගැන පැවසෙයි. එහි විශේෂත්වය දුරස්ථව බලා හිදින විට වරෙක‍ට පෙනීමත් වරෙකට මිහිදුමින් වැසීයාමත්ය. යකුන්ගේ යකඩ නිපදවීමේ ශාස්ත්‍රය රිදියට පුස්කර යකඩෙට බොරදිය වේ. ඇයගේ පරපුරෙහි අභිමානය එය විය.
දෙවන අන්තරාවේ ආරම්භයේ සිහගිරියේ මානෙල් මල් දරා සිටින ඇගේ රුව ගැන කියවෙයි. ඇය කලු පැහැයෙන් ඇඳ ඇති ආකාරය නිසා කෝප නොවන ලෙසින් ඉල්ලා සිටියත් සැබැවින්ම රාමායනය අනුව යක් කුල කතුන් රන්වන් පැහැති වේ. ඇය තම පෙළපත විසින් ලක්බිම රුකගෙන ආ සභ්‍යත්වය තවදුරටත් පවත්වාගෙන යෑමේ අරමුණින් යුද වදින්නට හෝ ඕනෑම දෙයකට සුදානම්ය. මන්ද හෙළ සභ්‍යත්වයේ ගිහි පාර්ශයේ මුර දේවතාවුන් වන්නේ ගෙදර බුදුන් බැවිනි. මවක් ලෙසින් තම පරපුර යහමගට ගැනීමට ඇය අඳුන් සොයමින් රිටිගල සරන්නේත් ආයුධ සොයම්න් කිණිහිරිගල යන්නේත් නැවතත් ඒ හැදියාව ලක තුල ස්ථාපිත කරන්නටය. එසේ වු උදාර කුල කතුන් සම කල හැක්කේ රවුළන්ගේ බිසවට පමණි. ඇය අප සනසන්ට ලංකා දැහැන පවා ගයන්නිය.

ඥානේන්ද්‍ර ධම්මික හෙට්ටිආරච්චි මයා විසින් සංස්කෘතියමය යුධ  ප්‍රකාශණය (යුද්දෙටත් ඇවිත් සමරැ කලඹ) සදහා ලියූ ලිපියයි

හෙලේ මනාලී

හෙළේ මනාලී යක්කුල මගේ කුමාරි
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නි
කෝල්මුර ගයා ඩමරුව තුටින වයන්නී

හීන් හිරිපොදේ මීදුම් සළුව අඳින්නී
ආං බල හොරෙන් කිණිහිරි ගලට නගින්නී
රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි

කෝන්තර එපා සීගිරි පවුරෙ රැදෙන්නී
මාත් එක්ක ඒන් රිටිගල අදුන් සොයන්නී
මගේ ම‍‍ඳෝරී ලංකා දැහැන ගයාවී

පද – ඥානේන්ද්‍ර ධම්මික හෙට්ටිආරච්චි
තනු හා සංගීතය – සහන් රංවල
ගායනය – සහන් රංවල / ප්‍රදීප් සම්පත්

මෙම ගීතය අතීතයේ සිටිය යක් කුලයේ කාන්තාවන්ටයි. ඇය පාන්දරින්ම අවදි වන්නීය. නූපුර සලා රගන්නී යන්නෙන් ඇය නැටීමට දක්‍ෂ බව කියයි. කෝල් මුර ගයන ඇය ගායනයට දක්‍ෂ අතර ඩමරුව වයන ඇය වාදනයටද දක්‍ෂය. ඇය හෙලයේ ආඩම්බර මනාලියයි. හීන් හිරි පොදේ මීදුම් සළුව අඳින ඇය කඳුකරයේ ජීවත් වන්නීය. කිනිහිරි ගලට හොරෙන් නගින්නේ සතුරන්ට තමන්ගේ යකඩ සාදන රහස් නොදී නියම යකඩ සෑදීමටය. රිදිය පුස්කර යකඩෙට බොරදිය යකුන්ගේ යකඩ සෑදීමේ රහසය. (මා සිතන විදිහට යබොර වලින් සාදන යකඩ, රිදියට වඩා ඉස්තරම් ලෙස සෑදු බව මෙයින් කීමට උත්සහ ගනී) සීගිරියේ කාල වර්ණ රූප යක් තරුණියන්ගේ යැයි මතයකි. එසේ යක් තරුණියන් කාල වර්ණයේන ඇඳ තිබුනද සැබවින් ඇයට රන් පැහැති සමක් ඇත. එසේ වැරදියට සීගිරියේ චිත්‍ර ඇඳීම පිලිබදව තරහක් නොගන්නා ලෙස ආයාචනයක් කෙරේ. මාත් සමග රිටිගල යන්නේ ඇයගේ නෑ යකුන් සමුවීමටයි. නෑ යකුන් සිටින ස්ථාන ගැන ඇය අංජනම් බලන්නීය. මෙවන් යක් තරුණියන් මහා රාවනා රජුරුවන්ගේ බිරිඳ මන්දොදරීට පමණක් සම වේ.

ප.ලි – මෙය යුද්දෙටත් ඇවිත් ප්‍රසංගයේ සමරු කළඹේ තිබූ ලිපියක් අනුසාරයේන් සකසන ලදී

%d bloggers like this: