ග්‍රබ් එකට කෙල වීමට කෙම් ක්‍රම

ඔබත් ලිනක්ස් පාරිභොගිකයෙක්ද?
වින්ඩෝස් දැම්මාම ග්‍රබ් එකට කෙළ වෙනවාද?
මෙන්න පුරාණ ඍෂිවරුන් සෙයාගත් කෙම් ක්‍රමය.
පුරාණ පුස්කොළ පොතකින් සොයා ගන්නා ලදී.
කොළයක් අරන් ලියාගන්න.

සජීවියේන බූටන්
අග්‍ර දෙකක් අරන්
මුල් එක වහපන්
අයියනායක සරණං
පරණ මඟුල ඇරන්
ග්‍රබ් කියා කෙලහන්

මේක තුන් සැරයක් ජප කර
මෙහි ඇති අන්දමට සිදුකර
ඔබේ නැතිවූ ග්‍රබ් එක සොයා ගන්න.

———————————————————————————————

මුලින්ම ubuntu හරි වෙන මොන මඟුලක හරි සජීවි තැටියකින් ඔබේ පරිගණකය පණ ගන්වන්න.
ඉන්පසු අග්‍ර(terminel) 2ක් ඇර පළමු එක වසන්න.
එහි sudo i ලෙස කොටාන්න. (i කියන්නෙ නම් මොකක්ද දන්නෙ නෑ. මම හෙව්වා තේරෙන්නෙ නෑ. ඍෂිවරු හොයාගත්ත ඒවනෙ.)
ඉන්පසු ඔබේ පරණ ලිනක්ස් දැමූ කොටස(partition) සොයා ගන්න. (ඒක කරන හැටිනම් පුස්කොළ පොතේ තිබ්බෙ නෑ. ඒවා 5 වසර ශිෂ්‍යත්වයට උගන්වන ඒවනෙ.)
අපි එය sda7 ලෙස ගනිමු. එය කොහෙට හරි තූත්තුකුඩියකට පිහිටවන්න (mount කරන්න).
ඒ සදහා mount /dev/sda7 /mnt ලෙස කොටන්න.
දැන් sda7 නැමති /dev බහලුමේ (directory යේ) ඇති ගොනුව (file එක) /mnt කියන බහලුමට පිහිටුවා ඇති බව විද්‍යාත්මක තහවුරු වෙනවා ඇත.
අවසාන වශයෙන් grub-install –root-directory=/mnt/ /dev/sda ලෙස ඇති මන්ත්‍රය කොටා, තුන් සැරයක් පරිගණකයට වැද, පරිගණකය නැවත පණ ගන්වන්න.

———————————————————————————————
ඔබේ නැතිවූ ග්‍රබ් එක පැමිණ තිබෙනවා සහතිකයි.
විධාන තුනෙන් වැඩේ ඉවරයි!. අත්දුටුයි! ප්‍රත්‍යක්ෂයි! (හරි යන්නෙ නැත්නම් කේන්දරේ බලා ගන්නවා කියලා වරහන් ඇතුළෙ තිබ්බා.)

ප.ලි – මේක grub 2 සදහා වේ. එනම් ubuntu 9.10 හා ඊට උඩ එවාට කල හැක. එයිට එහා ගල්යුගයේ ඍෂිවරුන් නොසිටි බැවින් ඒ පිළිබද පුස්කොළ පොත් නොමැත.
(grub 2 කිව්වට ඉතින් 2 කම නෙමේ. තාම තියෙන්නෙ 1.98 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයා ඇත.)

ආයෙත් ප.ලි – 5 වසර ශිෂ්‍යත්වය අසමත් එවුන්ට, linux parttion එක හොයාගන්න. live cd එක දාලා පරණ linux partition එක විතරක් අරින්න. අනිත් එවා unmount කරන්න. ඊට පස්සෙ terminel එකක් ඇරලා mount කියලා ගහන්න. එකේ දැනට mount කරලා තියෙන partition පෙන්නවා. එකෙ sda විදිහට තියෙන්නෙ linux partition එක. /boot එක වෙන partition එහෙකට දීලා තියෙනවනම් එකත් හොයාගෙන /mnt එකට mount කරන්න. මම කරන්නෙ මේ විදිහට තමා. මීට වඩා හොද ක්‍රමයක් තියෙනවනම් කියන්න.

සාරාංශය
sudo -i
fdisk -l | grep Linux
mount /dev/sda7 /mnt
grub-install –root-directory=/mnt/ /dev/sda

විහේෂ ස්තූතිය – මනුල විද්‍යානාත

Advertisements

Teleport to Second UCSC

මෙන්න මෙහෙමයි ඕක බලන්නෙ. මුලින්ම අපි OsGrid එකේ ලියාපදිංචි වෙලා එකේ පොරක් වෙන්න ඕනෙ. මුලින්ම OsGrid වෙබ් අඩවියට පැත්තෙ ගිහින් ඒක අහවර කොරගෙන එන්න. මෙන්න http://www.osgrid.org/elgg/account/register.php මෙතනින් තමා ලොග් වෙන්න තියෙන්නෙ.

වෙබ් අඩවියක් බලන්න වෙබ් බ්‍රව්සරයක් ඕනෙ වගේ තිමාන වෙබ් ජාලයකට යන්න වෙනම client මෘදුකාංගයක් පාවිච්චි කරන්න ඕනෙ. එකට නොමිලයේ දෙන Second Life client පාවිච්චි කරන්නත් පුලුවන්. අපි ඉතින් ෆොස් සෙට් එකේ හින්දා OsGrid කට්ටිය අනුමත කරොලා තියෙන Hippo viwer එක තමා පාවිච්චි කරන්නෙ. ඒක බාලා දැම්මයින් පස්සෙ තමා ඉතුරු ටික.

මුලින්ම OsGrid එකේ දාපු මුල් නමයි අග නමයි කාටවත් කියන්නෙ නැති රහස් අංකයයි ගහන්න. ඔක්කොටොම කලින් ඕකෙ grid කියන තැන OsGrid කියලා තෝරලාද තියෙන්නෙ කියලා බලන්න.මේක OsGrid කට්ටිය වගේම තව තව ජාල වලත් පාවිච්චි කරන හින්දා හරි වදේ අනෙ. කොහොමත් ඉබෙම තේරිලා තියෙන්නෙ OsGrid තමා. ඔක්කොම හරිනම් යන එකයි ඇත්තෙ. ඔය කොහෙද යන්නෙ. OsGrid එකට ඕකෙන් ලොග් වෙන්න කියලයි කිව්වෙ.

ලොග් වුනාම පෙනෙයි එක එක ඩයල් ඕකේ පිස්සු නටනවා. ගිය ගමන් තමන්ට කියලා හොද ඇඳුමක් ඇද ගන්න.ඔක්කොම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න බෑ. ඔය වටේ තියෙන කටවුට් වල, බැනර් වල ගහලා ඇති කරන්න තියෙන දෙවල්  උඩින් පල්ලෙන් කියවලා යමක් කමක් දැන ගන්න. ඇඳුම් අදින්නම ඕනෙ නෑ. ඊට පස්සෙ ඔතන ඉන්න එවුන්ගෙ පිස්සු බල බලා, උන් එක්ක කතා කර කර ඉන්නෙ නැතුව අපෙ කලාපයට teleport වෙන්න. වෙන කලාපයකට යනකොට ඒ වගේ බර වචනයක් තමා පාවිච්චි කරන්නෙ. Hippo viwer එකේ යට Map කියලා එකක් ඇති. ඒකට ගැහුවම OsGrid එකේ සිතියමක් පෙන්නවා. සිතයම් කියව කියවා ඉන්න ඕනෙ නෑ කෙලින්ම sucsc කියලා හොයන්න තියෙන්නෙ. එතකොට අපේ කලාපය පෙන්නයි. Second UCSC කියන එකනෙ ඔය sucsc කියන්නෙ. ඕකෙ teleport කියන ඔබින් එක එබුවම අපෙ කලාපයට කඩන් වැටෙනවා.

එහෙනම් ආයිබෝවන් කියලා අපේ කාලාපයට පිලින්නවා. තේකක් නම් දෙන්න විදිහක් නෑ. ඕනෙනම් බවනට ගිහිල්ලා බීලා එන්න. ඕකෙ එහෙ මෙහෙ ඇවිදලා අපි කරලා තියෙන එවා බලන්න පුලුවන්. තාම හරියටම හදලා නෑ. මෙන්න මේවා පොඩ්ඩක් තියෙන තැන් වලට ගිහිල්ල ගහලා බලන්න.(අනේ මුකුත් කඩන්න එපා. අමාරුවෙන් හැදුවෙ.)

1. ශ්‍රවනාගාරයට ගිහිල්ලා දාලා තියෙන presentation එක බලන්න

නිකන් උඩ බලන් හිටියට පේන්නෙ නෑ. ඔක play කරලා බලන්න.

2. ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා හදලා තියෙන ප්‍රදර්ශන බාන්ඩ බලන්න


එකේ sorting algo එකකුයි binary search tree එකකුයි තියෙනවා. තේරෙයිද මන්දා. ඔවට ගැහුවම ගහන්න
ඕන command පෙන්නයි. එවා චැට් එකේ ගහන්න. එතකොට වැඩ කරයි.

BST එකේ සමහර ඒවා පලවෙනි සැරේම වැඩ කරන්නෙ නෑ.දෙතුන් සැරයක් වෙන වෙන එවා
ට ගහලා බලන්න.

මීට අමතරව විශ්‍වවිද්‍යාල කට්ටියට විතරක් ටෙස්ට් කරන්න පුලුවන් දෙවල් තියෙනවා. ඇගයීම් කරන්න තියෙන Prime Drope එක එකක්.

මේකට ඇගයීම් දැම්මම එවා අදාල දේශකයානෝට LMS එකට ගිහින් බලන්න පුලුවන්. ඇගයීම් කරන්න කලින් ඔකෙන් ගිහින් අපෙ LMS එකේ ලියාපදිංචි වෙන්න ඕනෙ. තාම ඒක ටෙස්ට් කරලා නෑ. අපි Moodle වලින් හදපු තාවකාකලික LMS එකක් හදා ගත්තා ඕකෙ පරික්‍ෂාවට. එක් හින්දා ඒක වැඩ නෑ.

මේ LMS එකයි ත්‍රිමාන ලෝකයයි සම්බන්ද කරන එක Registation Booth එක කියන්නෙ. ඒක ඔය Second UCSC Home එකේ අටෝලා තියෙන්නෙ. ඒකටත් නිකන් ගහලා බලන්නකෝ.

දැනටනම් ඔච්චරයි තියෙන්නෙ. තමන්ටත් ඕකෙ එක එක දෙවල් හදන්න පුලුවන්. කොකටත් හදලා එවා තමන්ගෙ inventory යට දාගන්න.

එහෙනම් ස්තූතියි! නැවත එන්න!

The much awaited inauguration of the OSGRID of Second UCSC

අපේ ව්‍යාපෘතිය දැන් අලුත් තැනකට ඇන්න ආවා. ඇත්තටම කිව්වොත් දැන් මම මහ ලොකුවට කිව්වෙ මක්කද කියලා මේ ලොකේ ඕන උන්දැ කෙනෙක්ට බලන්න ඇහැකියි. අපි අපේ විශ්‍වවිද්‍යාලය ත්‍රිමාන මනඃකල්පිත ලෝකයේ(3D virtul world) හදපු කලාපය(region) ‍පොදු ජාලයකට (public grid) සම්බන්ද කොලා. (තේරුනේ නෑ නේද? මට වගේ ප්‍රඥාව තියෙනවනම් තේරෙන්න එපායැ.) අදම මේකට පාත්වෙච්ච උන්දැලට මේක ප්‍රංශ කුණුහරැප වගේ ඇති. අපි මොනාද කරන්ට යන්නෙ කියලා මම කලින් ලිපියක කිව්වා. අපිට ඕනෙ අපේ විශ්‍වවිද්‍යාලයෙ කරන වැඩ ත්‍රිමාන ලෝකයට ගේන්ට. මෙච්චර දවස්  අපි ඒක කරන්න දිවි පරදුවට තබා කටයුතු කොලා. (දැන්නම් මැරෙන්න වගේ තමා) අපි  එහෙම කලාපයක් OpenSim කියලා මොකක්ද එකක් අරගෙන කොලා. (කලේ කොහොමද කියලා පස්සෙ කියන්නම්) ඒක කොරන්න පට්ට server එහෙකුයි, දෙකේ හතරේ තිරයක් තියෙන  client පරිගනකයකුයි අරගත්තා. client එකට විතරක් ලක්‍ෂ 3ක් විතර ගියා. (හිතා ගනින්කො server එකේ ගාන)

දන්න නැටුම් දාලා කොහොම හරි මේක, දැනට ලෝකයේ, තම තමන්ගෙ කලාප නොමිලේ  සම්බන්ද කොරන්න දෙන ලොකුම ජාලය OsGrid එකට සම්බන්ද කොලා. මේක නිකන් වෙබ් අඩවියක් host කරනවාට වගේම දෙයක්. හැබයි ඊට වඩා වෙනස් දෙයක්. ඇත්තටම කීවොත් අපේ සර්වර් එකේ දුවන කලාපය web services හරහා OsGrid ජාලයට සම්බන්ද කොරොලා තියෙන්නෙ. පස්සෙ දැන ගත්තෙ අපෙ සර්වර් එක OsGridලෑ සර්වර් එකටත් වඩා බල සම්පන්නයි. අපි 8GB මතකයක් තියෙන සර්වර් එකක් පාවිච්චි කලාට උන්ට තියෙන්නෙ 4GB මතකයක් තියෙන දෙකයි පනහෙ එකක් විතරයි. උන්ටත් හූ කියවෙනවා ඕවා ඇහුවම. ඒත් ඉතින් ලංකාවේ අන්තර්ජාලයේ කන පැලෙන වේගය හින්දා අපිට මුකුත් තේරෙන්නෙ නෑ. කොහොමත් බෝතල් කටේ ප්‍රශ්නය හින්දා එක තේරෙන්න විදිහක් නෑ.
OsGrid කියන්නෙ OpenSim පාවිච්චි කරලා හදපු නිදහස් හා විවෘත ජාලයක්. Second Life තරම්ම වැඩ කිඩ නැති වුනාට 50000 කට කිට්ටු සාමාජිකයන් පිරිසක් ඉන්න 5000 ක් විතර මාසයකට සැරයක්වත් යන එන කලාප 6000 ක් විතර තියෙන මහා පතරංග එකක්. අපේ කලාපෙ නම sucsc කියලා හැදුවෙ.

අපි මෙච්ර දවස් කරපු එවැයින් පෙන්න පුලුවන් ජුන්ඩ මේකට දැන් දාලා තියෙන්නෙ. තව ලස්සන කරලා ගන්න ඕනෙ. බලන්න තරම් මහ ලොකු දෙයක් නෑ තමා. ඔය ටික කරන්නත් සෑහෙන දවස් ගියා.දැන් ඉතින් හුගක් දේවල් ඕකෙ තමා කොරන්නෙ. මට පින්සිද්ද වෙන්න අගෝස්තු ඉවර වෙන්න තිබ්බ ව්‍යාපෘති‍යේ පළවන අදියර තව සෑහෙන කාලයකට කල් ගියා. (අපි දෙන්න වැඩ ඉවර කලේ නෑනෙ. අපි කිව්වෙ ඉතින් මායි ප්‍රදීපනුයි තමා) තව සෑහෙන දේවල් මේකෙ කරන්න පුලුවන්. තුන වසර , හතර වසර කට්ටියට වගේම පශ්චාත් උපාධියකට කරන්නත් මේකෙ වැඩ තියෙනවා. කවුරුත් අත ගහන්න බය මේකෙ කියන හුගක් ජාති කවුරුත් අහලවත් නැති නිසා. කාටවත් පන්ගාත්තු කරන්න  බැරි අමාරුවෙ වැටෙයි කියලා  බයයි. දන්න තරමින් ලංකාවේ අපි තමා මුලින්ම මෙහෙම වැඩකට අත ගැහුවෙ. තව කට්ටියක් පස්සෙ කලා. තව මේ ගැන දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න. අනාගතයේදි වෙබ් අඩවි වගේම මේ ජාතියෙ ත්‍රිමාන වෙබ් අඩවිත් පාවිච්චි කරාවි. හැම තැනකටම තමන්ටම කියලා වෙබ් අඩවියක් තියනවා වගේම මේ වගේ තැනක තමන්ටම කියලා ගොඩනැගිල්ලක් හරි කලාපයක් හරි හදාගන්න කාලයක් ඒවි. මේකටත් වෙන විශ්‍වවිද්‍යාල Second Life එකේ කරලා ඇණ ගත්තා වගේ දෙයක්නම් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා. ඇහැකි නම් මේකට ගිහිල්ල බලන්න. යන එන මං නැති කට්ටියට යන්නෙ කොහොමද කියලා පස්සෙ කියන්නම්.

ප.ලි – ආ කියන්න අමතක වුනා. විශ්‍වවිද්‍යාල කට්ටියට කලාට තාම අපෙ විශ්වවිද්‍යාලයෙන් ඕකට එන්න  බෑ. ලොග් වෙන්න තියා Hippo viwer එක දාන්නවත් බෑ. අනේ සොරි හොදේ

Binary Search Tree using 2D array with out OO

මට මේක හොයාගන්න ඕන වුනේ අපෙ SUCSC ප්‍රොජෙක්ට් එකට. එකේ අපි එක එක algorithm වෙන විදිහ කරල පෙන්නන යනවා. එකට මුල්නම sorting algorithm එකක් කලා. දෙවනි එක තමා Binary Search Tree එකක් හදන එක. ඒකෙ values වලින් අදාල ද්වීමට සෙවීමේ ගස හදන්න Linden Script Language (LSL) වල තියෙන එවා පාවිච්චි කරන එක මට හිතාගන්න බැරිව ඉන්න කොට අපෙ අයියා කෙනෙක් මට vector list එකක් දාන්න කිව්වා. LSL වල vector කියන්නෙ අගයන් තුනක් තියාගන්න පුලුවන් data structure එකක්. list කියන්නෙ array වගේ පාවිච්චි කරන්න පුලුවන් එකක්. ඒ මිස මේකෙ 2D array නෑ. එක සැරේ අදාල තැනට කතා කරන්නත් බෑ. එකට වෙනම කෝඩ් ලිව්වා.

හම්මො සති දෙකක් මේ මගුලට කට්ට කෑවා. බලන බලන තැන තියෙන්නෙ Object Oriented විතරයි. හෙව්වා හෙව්වා බැරිම තැන දන්න දන්න එවුන්ටත් කිව්වා. වෙන විදිහ දැනගෙන හිටියත් කොඩ් කරගන්න බැරි වුනා. මගේ මොඩ මොලේ හින්ද වෙන්න ඇති. අන්තිමේදි දින්නා. ම‍ගේ හතුරෙක්ටවත් මේක ඕන වෙන එකක් නෑ මේක. කමක් නෑ මේ තියෙන්නෙ ඒකෙ pseudo code එක.

Second UCSC

ලංකාවටම අළුත් දේවල් කරපු අපේ ucsc එකෙන් කරන තවත් අළුත් දෙයක් තමා සෙකන්ඩ් යූසීඑස්සී කියන්නෙ. හැමදාම යන lms එකට ත්‍රිමාන මුහුණුවරක් දෙන එක තමා මේකෙ මූලික අරමුණ. දවස්වල තමා මේක පටන් අරන් තියෙන්නෙ. මුලින්ම අදහස වෙලා තියෙන්නෙ second life එ‍ක වගේ මුල ඉදන් කරන්න. අපේ ආචාර්ය කෙනෙක් යටතෙ අපේම අක්ක කෙනෙක් තමා මේ අවුරුද්දෙ මේකෙ වැඩ බාර අරගෙන තියෙන්නෙ. මේකට තව තුන් හතර දෙනෙක්ම උදව් කරනවා. මුලින්ම කලේ මේක කරන්නෙ මොකෙන්ද කියල හොයන එක. හෙන කට්ටක් කාල හොයාගෙන තියෙනවා ඕපන් සිම්(OpenSim) කියල c# සර්වර් එකක්. ඒක වැඩ කරන හැටි බලල අක්ක තනියම c# වලින් ශ්‍රවනාගාරයක්, පච බංකු වගේ එවයෙන් විශ්ව විද්‍යාලයක්ම හදලා. මම සෙට් වුනේ මාර්තු වලදි. මුලදි කරන්න තියා හිතා ගන්නත් බැරි වුනා. මම ආපු මාසෙම sloodle කියල moodle මොඩියුලයක් හොයා‍ගත්ත. මම නෙමෙ ඉතින්. ඒකෙන් ඕපන් සිම් එකයි මූඩ්ල් එකයි සම්බන්ද කරන්න පුළුවන් වුනා. මම freeswitch දාල වොයිස් චැට් කරන හැටි හොයා ගත්ත. මම නෙමෙ ඉතින්. අක්කයි තව අයිය කෙනෙකුයි උදව් කලා. පස්සෙ තව එක්කෙනෙක් ආව. එයත් එක්ක එකතු වෙලා ලින්ඩන් ස්ක්‍රප්ට් වලින් පොඩි ඇල්ගො එකක් කරන හැටි හැදුවා. දැන් නම් වැඩෙන් 75% කි විතර ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. තාම ලිනක්ස් වලට හරියට වැඩේ ඔබා ගන්න බැරි වුනා. ඇත්තට බැළුවොත් 60% විතර ඉවරයි. මේ අගෝස්තු වලදි වැඩේ ඉවර කරන්නයි ඉන්නෙ. ඉවර කලාම ආයෙ ලියන්නම්.

%d bloggers like this: