කූඩාරම

61604713046136c44707126e060b5425

ඊයෙ එකෙක් කතා කරලා ටෙන්ට් එකක් ඉල්ලුවා. එතකොට තමා මට මතක් වුණේ කූඩාරමක් ගන්න මං හිතන් හිටියා කියලා.කූඩාරමක් නෙමේ පා ගමන් යන්න සම්පූර්ණ ගමන් මල්ලක්ම හදා ගන්න ඕනෙ කියලා අදහසක් හැම පාගමනක් යන්න දවසකට කලින් මට ඇති වෙනවා. මුලින්ම අපි කූඩාරම් ගැන කතා කරමු.

පාගමනට අවශ්‍යම හා සොයා ගැනීමට අපහසුම ද්‍රව්‍ය මා පෙර කී කූඩාරමයි. මට මුලින්ම මතක් වෙන්නේ බාලදක්ෂ කුටියේ වූ හම යනකන් පාවිච්චි කල කිලෝ 10ක් විතර බර යකඩ කූරු සහිත කාර් ටෙන්ට් එකයි. ශාප කරමින් පරිහරණය කරත් එය අවුරුදු10ක් පමණ හොදින් පරිහරණය කල බව දන්නෝ දනිති. පාගමනක් සදහා සුදුසු කූඩාරමක පහත සදහන් දේවල් සලකා බැලිය යුතුය.

  • තෙමෙන නොතෙමෙන බවවැස්සොත් තෙමෙන්නේ නැති කූඩාරමක් මට අද වන තෙක් හමු වී නැත. ලංකාවට බහුතරයක් කූඩාරම් ලැබෙන්නේ මැදපෙරදිගින්ය. වර්ෂාවක් නොදකින ඔවුන්ගෙන් ලැබෙන්නේ හොදට වාතාශ්‍රය ලැබෙන ආකාරයට දැල් සහිත සමර් ටෙන්ට්ය. ඒවායේ ඇති fly sheet ලෙස හදුන්වන කූඩාරම උඩට එළෙන රෙද්දෙන් වන්නේ පින්නෙන් ඔබව ආරක්ෂා කිරීම පමණි. සම්පූර්ණයෙන් වැසෙන කුඩා කවුළු සහිත ආනයනය කරන කූඩාරම් ඇත්තේ ඉතා සුළු වශයෙන්ය. ඒවා රුපියල් 30000කට වඩා වැඩිය.
  • බරපාගමන් වලට ආධුනිකයෝ කූඩාරමේ බර අවතක්සේරුවෙන් කතා කරයි. වරක් එකෙක් කිලෝ 15ක් පමණ බර කූඩාරමක් රැගෙන එනන් සැදුවේය. පාගමන අවසානයේ බර අඩු කිරීමට ප්ලාස්ටික් බෝතලයත් විසිකරන තත්වයට පත්වන බව ඔවුන් දන්නේ නැත. ඔබේ කූඩාරම කූරුකූඥ,fly sheet,ground sheet සියල්ල සමග කිලෝ 5කට වඩා අඩු වෙනවා නම් හොදයි. නමුත් මා කලින් කී සමර් ටෙන්ට් බරින් අඩු ඒවාය. හොදින් වර්ෂාවෙන් ආරක්ෂාවන ආකාරයේ කූඩාරමක් කිලෝ 5කට වඩා බරය. එයකිලෝ 8කට වත් අඩු කර ගැනීමට උස්සහ කරන්න.
  • ප්‍රමාණයපුද්ගයන් 2, 4, 6, 8…ආදී ලෙසින් කූඩාරම් වල ප්‍රමාණය තීරණය කරයි. 6 දෙනෙක්ට ප්‍රමාණවත් කූඩාරමක්(උපරිම වර්ග අඩි 60ක්) වඩා සුදුසුය. (පාගමන් කණ්ඩායමකට සුදුසුම ප්‍රමාණය 6ත් 8ත් අතරය. ඊට වැඩි වෙනවා නම් කූඩාරම්දෙකක් ගෙන යාම වඩා සුදුසුය.)
  • හැඩයබොහෝ සම්ර් ටෙන්ට් හතරැස්ය. අපි ඒවාට ඉබ්බා කියන්නේ නිසයි. නමුත් කූඩාරම් දිගටි වෙනවා නම් වඩා සුදුසුයකැලයකකන්දක හරි හතරැස් ඉඩකට වඩා දිගටි ඉඩක් සොයා ගැනීම ඉතා පහසුය. නමුත් මේ දිගටි බව වැඩි වුණොත් වැඩේ කචල්ය. 3:4 අනුපාතයෙන් වනවා නම් සුදුසුය. කූඩාරම එතරම් උස විය යුතු නැත. උපරිම අඩි 5ක් ප්‍රමාණවත්ය.
  • මසා ඇති රෙද්දමෙය අනිවර්‍යයෙන්ම නොතෙමෙන එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එහි ඝනකම ගැන සැලකිලිමත් වෙන්න. කවුළුවලට අමතරව දැල් ඇත්නම් එය ගත්තොත් ඔබට ඉන්න වෙන්නේ තෙමෙමින් බව මතක තබා ගන්නඕනාට වඩා ඝණකම් රෙදි ඇති කූඩාරම් බර බැවින් කූඩාරමේ බරත් සලකා බලා කූඩාරම තෝරා ගන්න.
  • කූරුදැන් බොහොමයක් ඇත්තේ ෆයිබර් බටයි. ඉතා සිහින් කූරු බරින අඩු නමුත් ඉතා ඉක්මනින් කුඩු පට්ටම් විය හැකකූඩාරමේ ප්‍රමාණය සලකා බලා කූරු ගන්න. (බොහෝ විට කූඩාරමත් සමග එන කූරු කූඩාරමට සෑහේ) කූඩාරමට ඇත්තේ යකඩ කූරු නම් ගැටලුවක් මතු වෙනවා ඇත. ඉක්මනින් මල බැදීමත් එකක් කැඩුනොත් සාදා ගැනීමට ඇති අපහසුවත් අලුත් කූරුසොයා ගැනීමේ අපහසුවත් ඔබට ඇති වනවා ඇත.
  • කූඥ – (මේ වචනය හරි නේද?:P) කූඩාරමේ හැඩය පවත්වා ගැනීමට අවම කූඥ 4ක් අවශ්‍ය වේ. ඊට අමතරව fly sheet එකට අවශ්‍ය කූඥ 4ක් පමණ තිබිය හැක. ඉතා බර හා දිග කූඥ වැඩක් නැත. එමෙන්ම සැහැල්ලු ඇලුමිනියම් කූඤත් වැඩක් නැත. සමර්ටෙන්ට් වල ඇත්තේ මේ සරල කූඥයි. ඒවා රළු පොළවකදී නැමී කැඩී යා හැක.
  • මිලලංකාවේ තෙත් කලාපයේ පාගමන් වලට නුසුදුසු සමර් ටෙන්ට් එකක් ඔබට 10කට වඩා අඩු ගණනකට ගත හැක. නමුත් මා ඉහත කී දේවල් ඇතුළත් කූඩාරමක් රුපියල් 30000කට වැඩිය. රුපියල් 30000කට ඔබ ගන්නා අගනා කූඩාරම කැලයේ මඩ ගොහොරුවක ගසා තැබීමට සිදුවනවා ඇත. කූඩාරම් පරිස්සම් කිරීමට ඉතා අපහසුය. ඉරෙන්නේ නැතිව පාවිච්චි කල කූඩාරමක්මට හමු වී නැත. බොහෝ කූඩාරම් වල මැහුම් කාලයත් සමග දිරා යයි. මේ නිසා රුපියල් 15000කට වඩා වියදම් නොකරන්න.

අනෙකුත්බොහොමයක් සෝබන කූඩාරම් දැන් වෙළද පොළේ ඇත. කාමර සහිතනොයෙක් විකාර හැඩඉදිරියේ ඉස්තෝප්පුවක් සහිත කූඩාරම් ගැනීම මම නම් අනුමත කරන්නේ නැත. ඉහත මුල් කරුණු සපුරන්නේ නැත්නම් වෙන මොනා තිබ්බත් වැඩක් නැත.

.ලිරූපයේ ඇති ආකාරයේ කූඩාරමක් නම් සුදුසුය. ගාන තමා ප්‍රශ්නෙ.

සමු ගනිමි

අවු 13කට කලින්
පොඩියට පටන් ගත්ත ආදරය
පපුවට රාජ්‍ය ලාංචනය ආවට පස්සෙත්
අමතක කරන්න බැරිවුනා.
මගෙන් වෙච්ච අසාධාරනකම් නිසා
වැලේ වැල් නැති වෙලා හිටිය කාලෙත්
මම ඔයාව දාලා ගියේම නෑ.
මෙලෝ රහක් නැති
නිකමෙක් වෙන්න හිටිය මාව
වැදගත් මහත්තයෙක් විදිහට වෙනස් කරන්න
ඔයා හුගක් උදව් වුනා.
කූඩාරමක් ඇතුලෙ තුරුල්වෙලා නිදා ගනිද්දි
එක බත් එක බෙදාගෙන කද්දි වුන
රසවත් සිද්දි වගේම
පල්ලෙහා පිට්ටනියෙ තිබ්බ
වැස්සට තෙමෙන පුංචි කාමරයෙ වුන දේවල්
මට කවදාවත් අමතක වෙන එකක් නෑ.
අන්තිමට ඔබේ නම
පිට්ටනි තුනක දෝංකාරය දීලා
ඔබේ නැති වුන කිරුල ආයේ ගෙනත් දුන්නා.
එහෙව් කෙරුන් මේ පම්පෝරියෙන් පස්සෙ
ආදරේ කරන්න වෙලාවක් නැති වෙලා ගිය නිසාම
තාවකාලිකව අවසන් වේවි…

ප.ලි – ඒත් තිබ්බ ආදරය කවදාවත් නැති වෙන්නෙ නෑ. ඒ මගේ හැටි.

අට්ටාල කවි

කඳවුරු භූමියට ඇතුල්වන දෙරටුව සදහා මුර අට්ටාලයක් ගැසීම බාලදක්ෂයන් විසින් සම්ප්‍රදායික ලෙස සිදු කරයි. එම කටයුතත මුල් කරගෙන අනාදිමත් කාලයක් තිස්සෙ පරම්පරාවෙන් පරම්පරාවට ආ කවි විශේෂය අට්ටාල කවි නම්වේ.

තොරණ බදින්නන්ගේ මෙන්ම බාලදක්ෂයන්ගේද පූජනීය ගස පුවක් ගසයි. කඳවුරක් ආසන්න වෙන විට මාසයකට කලින් විතර ඔවුන් එකට අවශ්‍ය පුවක් ගස් හා බට ගස් සොයමින් ගම වටා ඇවිදියි. එසේ යාමට පෙර තමුන්ට හොද ගස් ලැබේවා! යැයි කියා රංවල දේවාලෙට භාරයක්වී යාම සිරිතයි. මෙසේ ගස් සොයමින් ඇවිදින්නන් කියන කවියකි මේ.

පුවක් ගසට අධිපති රංවල දෙයියා
පවක් නැතුව මොරපු ගස් දියල්ලා
පුවක්පිටියෙ දේවාලෙට පේ වෙල්ලා
වල්ලක පුවක් දෙනවා දෙයියන් පල්ලා

පුවක් ගස් තිබෙන හැම ගෙයකින්ම ගස් ලබා දෙන්නෙ නැත. ඇතැමුන් ඔවුන්ට බැණ එළවා ගනී. මේ එවන් සිද්ධියක් අරඹයා කී කවියකි.

ගෙඩි නැති පුවඟු ගස් හෙම මෙහෙ තියෙනවාද
ගෙඩියක් දෙකක් කෑවට බඩ පිරෙනවාද
විදුලි කොටපු පුවඟට ගෙඩි හැදෙනවාද
එහෙම ගහක් දුන්නොත් හෙණ ගහනවාද

දින කිහිපයක්ම වෙහෙස වී ගසක් සොයා ගැනීමට නොහැකි වූ විට ඇතැම් ප්‍රදේශ වල කපටිකමින් පුවක් ගස් කිහිපයක් කපා ගනී. (කපටිකමින්ද නොහැකි වූ විට හොරෙන් ගස් කපා ගනීමක්ද පසුකාලයේ සිදු වී ඇත.) වරක් මේ පුවක් ගස කපන්නද කියා අසා ඇත්තෙ ගසට කිසිම හිමිකමක් නැති ඒ අසල හිටි බීමත් මිනිසෙකිගෙනි. මල්ලි කපා ගන්න මල්ලි කී විගස කිසිවක් නොකියා හනික පුවක් ගස පෙරළා එහි කොටන් ඇදීම සිදු කර ඇත. එසේ කුඹුර දිගේ කොටන් අදින විට ගසේ ඇත්ත අයිතිකරුට බුදුබව පැතීමට බාලදක්ෂයන් අමතක නොකරයි.

ගහක් හොරෙන් කැපුවම පව් සිදුවෙනවා
මලක් දෙකක් තැලුවම පැණි බේරෙනවා
හනික තියන පය දැන් නම් ලිස්සනවා
ගහට අයිතිකරු අද හෙට බුදු වෙනවා

මුර අට්ටාලයට පුවක් ගස් පමණක් ප්‍රමාණවත් නැත. කහඋන වලින් එය වැඩ දැමීමක් සිදුකෙරේ. පුවක් ගසේ දුර්ලභ බව නිසා වර්තමානයේ වැඩිමනක් උණ භාවිතා කරයි. අවශ්‍ය උණ නෙලීමට යනවිට ද ඔවුන් මෙසේ කවි කියා තම වෙහෙස මහන්සිය මග හැර ගනී.

වස්දඬු හදන්නට බටගස් කපඤ්ඤයි
මැයි මස කූඩුවට බටලී පලඤ්ඤයි
සරුන්ගලේ බට පතුරින් හධඤ්ඤයි
පැලට බදින්නට මහඋණ නෙලඤ්ඤයි

වහලය සැදිමට පිඳුරු හෝ පොල්අතු භාවිතා කරයි. පොල්අතු වියිම ගැනුන්ගේ වැඩකි. නමුත් මුර අට්ටාලෙට අතුවියන්නෙ පිරිමිය. (ගැනුන් වියූ පොල් අතු මුර අට්ටා වහලයට දෑමීමට නුසුදුසු බව ඇතැම් පැරැන්නන් කියනවා මා අසා ඇත.) තමන්ට හැකිනම් අත්තක් දෙකක් වියළා දීමට ගෑනු ළමයින්ට ආරාධනා කරන්නට ඔවුන් මෙසේ මල්වාරම් කියති.

පොල්අතු කපන විට හිනැහෙන එහා වත්තෙ බිනරමලී
බංගලි වළලු පටලවලා හෙලේ රටා දැම්ම මලී
අත්ත වියන සද්දෙ නුඹට ගැලපෙනවා සමන්මලී
සද්දෙ නැතුව දෙකක් තුනක් වියළා දියන් සඳකොමලි

තොරන් සාදනවා මෙන්ම අට්ටාලය සෑදීමට පෙර මල්පැලක් සාදා බුදුන් දෙවියන් පිදීම සිදු කෙරේ. එසේ කරන ශාන්තිකර්ම ගී වල මෙම කවිය ඇතුළත්ය.

පළමුව බුදුන් වැද දෙවනුව දහම් වැද
තෙවනුව සඟුන් වැන්දෙමි මම මෙහෙම අද
මායා රටට අධිපති දුනුමුණ්ඩ වැද
ගහන මෙහෙව් අට්ටාලය රකිනු මැන

උදේ නැකතට පටන් ගන්නා අට්ටාල බැදිම පසුදින ආරම්ඹක උත්සවය පෙර සාදා නිම කල යුතුය. අට්ටාලය සෑදීම සර්වරාතිකව සිදුවන්නකි. අට්ටාලය උඩ සිටින්නා තම කාන්සිය පිළිබදව කඳවුරු භූමියට ඇසෙන්න මෙසේ අඬහැර පායි.

බඳින බඳින පැලැල්ල දැන් ලිහෙන්නා
නගින නගින පුවක් කණුව වැනෙන්නා
දකින දකින ලිප්වල දුම් දමන්නා
කොත්තමල්ලි නැද්ද මල්ලි අහන්නා

කඳවුරේ නිල පානය කොත්තමල්ලිය. ඉහත කවිය ඇසෙන ඇතින් පිහිටි කඳවුරු භූමියේ අට්ටාල බදින්නෙක් කියන්නෙ කොත්තමල්ලි වෙනුවට තේ බිහන් කියාය. අට්ටාල බැදීමේදී අවශ්‍යවන ශිල්පීය ක්‍රමයන්ද මෙම කවියේ ඇතුළත්ය.

වේළුණ ලනුකැරලි වතුරින් පොඟල්ලා
වැනෙන කණුවකට කඹයක් අදිල්ලා
ලාම්පු තෙල් ටිකක් ලිපකට දමල්ලා
කොත්තමල්ලි වෙනුවට තේ බීයල්ලා

පාන්දර වන විට මුර අට්ටාලයේ වැඩ ඉවර කරගෙන උදේ කඳවුරු ආරමභය වෙනුවෙන් ඔවුන් පිළිවෙලින් පෙළ ගැසෙත්. සර්වරාත්‍රිකව සිදුකළ වැඩේ අවසන් කර යන්නන් තම සතුට ප්‍රකාශ කිරීමට මෙසේ ගායනා සිදුකරයි.

තොරන් ගසන්නට දවසක නිදි මරන්නේ
මූණයි කටයි හෝදාගෙන පේවෙන්නේ
තොරන් ගහපු අත්වල කිලි ඇරගන්නේ
මෙදා කඳවුරත් මෙලෙසින් අරඹන්නේ

ප.ලි – ‘ප්‍රාග් බාලදක්ෂ ජනකවි’ යන මනඃකල්පිත කෘතියෙන් උපුටා ගන්නා ලදී.

ඇවිත් යන්න

පරණ දේවල් අදිද්දි අපි යවපු ආරාධනාපත්‍රයක් හම්බවුනා. ඒකෙ මේ විදිහට ලියලා තිබ්බා.

සිප්සතර ඉගෙනීමට පාසලට පැමින
ආ ගමන් මග තරමකින් හරවා
බාලදක්‍ෂයෙකුවූ ඒ සොදුරු දවස් මතකද?
අව් රශ්මියෙන් පිරි පිට්ටනිවල,
රූස්ස ගස්වල තැනූ අට්ටාල වල,
පින්නටත් තෙමෙන කූඩාරම්වල,
උදේ හවා ගැට බැමි තද කරමින්
ගත කල කටුක දිවිය කොච්චර ලස්සනද?
දිස්ත්‍රික් වීරයන් ලෙසින් නව හුස්මක් ගෙන
ඉදිරියට යාමට සැරසෙන අප සමූහයට වසර 30කි.
එය සමරණ 2009 මාර්තු 09 වැනිදා
උදේ 7.30 ට ඇවිත් යන්න එන්න
ඔබ අකුරුකල ඒ ගුරු ගෙදරට

ප.ලි – මෙලෝවැඩක් නෑ තමයි. ලස්සනයි කියලා හිතුන නිසා දැම්මා. බාලදක්‍ෂ කියලා අපි කරන දේවල් මේවා තමා.

කාන්තාවන් පිළිබද ආකල්ප

මානවක බාලදක්‍ෂ ලොග් පොත්වල අපි බලන්න ආසම ටික තමා කාන්තාවන් පිලිබද ආකල්ප. ශෝක් ශෝක් පින්තූර අලවලා අම්බානෙකට කෙල්ලොන්ටයි බැනලා තියෙන ඒවා අපිට හෙන ආතල් එකක් දුන්නා. අපිව කෙල්ලො දිහා හොද විදිහට බලන්න පුරුදු කරන්න තමා ඒ සැසිය තියෙන්නෙ. ඒත් හුගක් කට්ටිය තමන්ගෙ හිතේ කෙල්ලො ගැන තියෙන තරහ පිට කරලා දානවා.

කාන්තාවක් පාරෙදි හම්බවුනොත් කාණුවක බැහැලා හරි පාරෙ ඉඩ දෙන තරමට ගරු කරන්න, තමන්ට කාන්තාවක් නඩත්තු කිරීමට හැකියාව තිබේ නම් පමනක් කාන්තාවක් සමග ආදර සම්බන්දතාවයක් පවත්වන්න…. වගේ ගොඩක් දේවල් බාලදකෂ විද්‍යාව පොතේ තිබුනා. එවා තියෙද්දි අපෙ අයියලා ලියලා තිබ්බෙ වෙන මගුල්.  නරකමත් නෑ ඉතින්. නිල ඇදුම් ඇන්ද වෙලාවට නම් මම කෙල්ලො එක්ක නිල දේවල් විතරයි තමා කතා කරන්නෙ. මම හිතන්නෙ ඒක අපෙ ජනාධිපති බාලදක්‍ෂයන්ගෙ සම්ප්‍රදාය. සමහර විට එහෙම නොවෙන්නත් ඇති. කොහොම හරි කාටවත් පැණි හලලා නෝන්ඩි වෙලා නෑ.

කෙල්ලො කියන්නෙ මෝඩ ජාතියක් නම් නෙමේ. මට වඩා ඉගෙන ගත්ත වැඩ පෙන්නන කෙල්ලො මට ඕන තරම් හම්බවෙලා තියෙනවා. අපිට වඩා සමහර වැඩ පිලිවෙලට කරන්න පුළුවන්. කෙල්ලෙක් වුනාම කොල්ලොන්ට වඩා පොඩි සංවර ගතියක් තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ කා එක්කවත් කතා කර‍න්නෙ නැතුව ඉන්න එක නෙමේ. ඕනෙම දෙයක් සීමා සහිතව තියාගෙන කරනව නම් කිසි අවුලක් නෑ. මල සමයන් එවුන්ට මම කොහොමත් කැමති නෑ. ඒක කොල්ලොන්ටත් එහෙමම තමා. මොනව වුනත් අපේ කියලා දෙයක් යන්තන්වත් තාම තියෙනවා. ඉදිරියෙදි එහෙම තියෙන එකක් නෑ. ඕනෙම එකක ලස්සන බලන්න අපිට සෞඛ්‍ය කරපු මිස් කියලා දුන්නා. එදා ඉදන් මම ලස්සන කෙල්ලො දිහා බලාගෙන ඉදලා තියෙනවා. එගොල්ලො හිනා වෙන විදිහ, කතා කරන විදිහ, යන එන විදිහ වගේ ලස්සනට, ගතිගුන වලට අමතරව හැසීරීම් කියලා එකකුත් මම කෙල්ලොන්ගෙ බලලා තියෙනවා. එහෙම බලලා තියෙන්නෙ එගොල්ලන්ව ලබා ගන්න නෙමේ. නිකන් ගහක් මලක් දිහා බලනවට වගේ ඔහේ බලන් ඉන්නවා. හැබැයි විකාර විදිහට ඇදන් ඉන්න කෙල්ලො දිහා බැලුවමනම් එන්නෙ වෙන හැගීමක්. සමහර කට්ටිය ගැන නම් එහෙම හිතෙන්නෙත් නෑ. අප්පිරියාවක් හිතෙනවා.

කෙල්ලෙක් බැන්දයින් පස්සෙ වෙනස් වෙනව කියල තමා ඔක්කොම කට්ටිය කියන්නෙ. මම නම් එහෙම හිතන්නෙ නෑ. මගෙ සමහර යාළුවො දෙතුන් දෙනෙක් කියලා තියනවා ගෑණු ගති කියන්නෙ පිරිමින්ට වඩා හොද ගතියක්ලු. එක අතකට ඇත්ත. අපෙ අම්මා කොච්චර මහන්සි වෙනවද කියලා මතක් වෙන කොට ඒක තේරෙනවා. ගෑණු ගැන හොද කියනවම නෙමේ. ගෑණුන්ගෙ ලග තියනවයි කියන සමහර වැරදි අපි ගාවත් තියෙනවා. කාන්තාවන්ටම ආවේනික පිරිමින්ට එපා කරන ගති ගුණත් තියෙනවා. කනුකුණු ගාන එක එහෙම එකක්. ලංකාවෙ හැම කෙල්ලෙක්ම හෙලේ මනාලියක් වෙනවනම් මම කැමතියි. එහෙම කෙනෙක් තමා කවද හරි මගේ කුමාරි වෙන්නෙ.

බාලදක්‍ෂ ජීවිතය

හැම දාම බැනුම් අහපු
නිදි මරාගෙන කඳවුරු කරපු
රෑට කඳවුරෙන් පැනල රවුම් ගහපු
පිට අයට නම් මාරයිලු
තැන තැන පාරවල් ගානෙ ඇවිදිල
එක එක ගෙවල් වල වැඩකාරයො වෙල
අම්බානෙකට සල්ලි හොයල
ඒ වුනාට ඇගට නොදැනි අතින් කයිට් වුන
ඉස්කෝලෙ හැම එකාටම පච වෙන
ඒත් ඉස්කෝලෙ නිසාම කරන
ඉස්කෝලෙ හින්දම බොරු කියපු
ගමේ නම තියන්න අම්බානෙකට හොරකම් කරපු
මහ රෑට පෝස්ටර් ගහන්නයි
මෙලෝ රහක් නැති සින්දු කිය කියා ගිනිමැල වටේ නටන්නයි
අද කාලේ ගෑණු වගේ හැදෙන පොඩි එවුන්ට
කොල්ලෙක් වගේ ඉන්න උගන්නයි
හැම එකාගෙම පොර ටෝක වලට
කට වහගෙන අහන් ඉදලා
හැම එකාටම කොලේ වහලා
අපේ නම තියලා
නම තියා ගන්න බැරි වුනාම අඩලා
ලොකු ලොකු සමූහ වල කට්ටිය
ලොකු ලොකු වැඩ කියල බොරු පෙන්නද්දි
ඇගේ පතේ වැඩ කරලා අපේ වැඩ පෙන්නපු
හැමදාමත් නතර කරන්න හිතෙන
ඒත් නතර කලාම ඇගට අමාරු
කවදාවත් ඉවරයක් නැති
අපේ බාලදක්‍ෂ ජීවිතය

%d bloggers like this: