ශාන්තිකර්ම වලින් ඉතිහාසය

ලංකාවේ ශාන්තිකර්ම වල උපත් කතා බොහොමයක් තොරතුරු ඓතිහාසික සංසිද්ධීන්ට අදාළ භාරතයට සම්බන්ධකම් ඇති ඒවාය.

පත්තිනි දෙවඟනගේ උපත මධුරාපුරය හා සම්බන්ධ වී ඇත. සූනියම් යාගයේ උත්පත්තියට මුල් වූ මහ සම්මත රජු භාරතීය සම්භවයක් ඇති රජෙකි.

දෙවොල් මඩුවේ පුරාවෘත්තයට අනුව රුවන්වැල්ලේ ප්‍රථමයෙන් පවත්වන ලද මඩු යාගය හිස රුජාවක් සංසිඳවනු සදහා කේරළයේ රජ කළ සේරිමාන් රජුට කරන ලද්දකි. මේ යාගයේම පුද ලබන දෙවොල් දෙවි දක්ෂිණ භාරතයේ ස්වර්ණ කුදුප්පර නුවර සිට නැව් නැග පැමිණ, සිය තෙද බල පා සීනි ගම් තොටින් ගොඩ බැස්සේය. ස්වර්ණ කුදුප්පර නුවර පිහිටියේ කාලිංගයේ බවත්, දෙවොල් සත්කට්ටුව යනු බොළඳ සිටාණන් හට දාව සිරීමා කුමරියගේ කුසන් උපන් දරුවන් සත් දෙනා බවත් පැවසේ.

සන්නි යකුට උත්පත්තිය ගෙන දුන් ලිච්ඡවී රාජ පරම්පරාව බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධකම් ඇති භාරතීය රජ පෙළපතකි. සංඛපාල රජු යනු ලිච්ඡවී පරම්පරාවේ රජකි. රිද්දි යාගයේ පුද ලබන රිද්දි බිසෝවරු විල්ලෝඩි දේශයේ ඉපිද ලංකාවේ වලවේ ගංතෙරට ආසන්න උසන්ගොඩින් ගොඩබට පිරිසකි. මහාසෝන් සමයමට පසුබිම් වූ පුරාවෘතිය භාරතීය හින්දු සාහිත්‍යය සමග මිශ්‍ර වී ඇත. බස්ම අසුරයා දවා පුළුස්සන ලද සොහොනෙන් මහාසෝනා උපන් බවට විශ්වාසයක් ඇත.

කොහොඹා කංකාරියට සම්බන්ධ මලය රජුගේ උත්පත්තිය රාමායණයට සම්බන්ධව ගෙතී ඇත. මලය රජු තුන්කට්ටුව ලෙස හදුන්වන්නේ සීතාගේ කුස උපන් සඳලිඳුත් තවුසා විසින් මලකින් හා ඊතණ ගසකින් මවන ලදැයි පැවසෙන මල රජ හා කිත්සිරුත් යන තිදෙනාය. කළුයාකාගේ මව හිමාලයේ විල් තෙරකට අධිපති කුවේණි නැමැත්තියක් බව පැවසේ. ඊරා යකා උපන්නේ ශයිරාෂ්ඨ දේශයේය.

වඩිගපුර නුවර වඩිග රජුන්ටත් තුසරි බිසවුටත් උපන් ඔඩ්ඩි කුමාර හෙවත් සූනියම් යකාය. කාසි රටෙහි අඬිගුරා දාව ආඬි මවගේ කුසයෙන් අභිමාන යකා උපනී. තොට යකාගේ උපත්තිය මහා සම්මත රාජ පරම්පරාවට සම්බන්ධය. කළු කුමාරයාගේ එක් උත්පත්තියක් නීල මහා යෝධයා සමග ගජබා රජු සොලී රටේ ආක්‍රමණය සදහා පිටත්ව ගිය බවත් සොලී රටේදී ස්ත්‍රී පුරයට ගිය නීල එහිදී මරුමුවට පත්ව කළුකුමාර නමින් උපන් බව කියැවේ.

මේ අනුව පැහැදිලිව සිංහල යාගකරනයට සම්බන්ධ පුරාවෘත්ත යක්ෂ දේව උපත් බොහෝමයකට භාරතීය සම්භවයක් ඇති බවකි. ඈත අතීතයේ පටන් සමීප සම්බන්ධතා පැවුත්වූ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව හා භාරතය අතර ඇතිවූ මෙවන් සබදතා ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. මහා සම්ප්‍රදායක් වූ භාරතීය සංස්කෘතියේ බලපෑම් චූල සම්ප්‍රදයක් ලෙස සැලැකිය හැකි ශ්‍රී ලංකාව කෙරෙහිද ඇති වීම වැළැක්විය නොහැකි කරුණකි.

ඇබෑසිය – චූල සම්ප්‍රදායේ ඇති නැටුම් හා ජන ගායනා භාරතයේ මහා සම්ප්‍රදායේ නැටුම් හා ජන ගායනා සමග විමසන්න.

ප.ලි – මෙය ජයසේන කෝට්ටගොඩ මහතාගේ පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය පොතේ පිටු 254 – 256 තිබූ විස්තරයක අනුවාදයකි. මෙහි තද අකුරින් දක්වන නම් ඇත්තන් ලංකාවේ සිටි බව හා ස්ථාන ලංකාවේ බවට ඔප්පු කිරීමට, අදාළ ශාන්තිකර්මයේම උපත් කවි හා ඔබේ සාමන්‍ය දැනුම ප්‍රමාණවත් වනු ඇත.

Advertisements

සිරස පාද කතා

ඇහැට කනට පේන කෙල්ලෙක් ඈතට දැක්කත්
නහයෙන් කටින් පැණි හලනවා.
හිතට ගතට දැනෙන්නෙ බලා ගන්න
දත කට මැදන් හිටියට මොකද
හිසේ සිට දෙපතුල දක්වා සිය සැරයක් බැලුවත් මදි.
අතින් පයින් යන එකක්යැ කියලා ගියාට මොකද
ළගට ගියාම ඉහෙන් කණින් දාඩිය දානවා.
තොලයි උගුරයි වේලිලා දිව පැටලෙනවා.
එහෙම ගිහිල්ලත් අකැමතියි කිව්වාම
බඩ පපුව දාලා යනවා.
එහෙන් මෙහෙන් ඔරවන හැටි මතක් වෙනකොට
දෙන්න හිතෙන්නෙ මූණ කට සමතලා වෙන්න.

ප.ලි – සිරස පාද කවි ලෙස ශාන්ති කර්ම වලදී ගායනා කරන ජන ගායනා විශේෂයක්ද ඇත.

අප්පච්චියා………….

මගෙ බුදු අප්පච්චියා බුදුන් දැක නිවන් දැකපන් මගෙ බුදු අප්පච්චියා

කෝමදෝ මේ දුක් හිතකින් වාවා ගන්නේ

කෝමදෝ ආයේ හැබහින් දැක ගන්නේ

අම්මාවෝ …………….

වල් පැල වද දෙනවෝයා අද නුඹ නැති දා

කාගෙත් බඩ දනවෝයා හක වී නැති දා

අගේට උන්නා ඇස්වහ වැදුනද අපෙ අප්පෝ

අම්මාවෝ …………….

අපේ මත්තෙම නැහී අප හැරදා ගිය මයෙ දෙයියා

වෙලේ කමතේ නැතේ අද උඹබෑ හඬ මයෙ මීමා

අම්මාවෝ …………….

සංගීතය/ ගායනය – රන්වල බලකාය

මිතුරු සරෝරුව සින්දුවෙ පද ටික හොයන්න කියලා මම ගම අවුලඤ්ඤං ප්‍රසංගයේ සමරු කළඹ අයියා කෙනෙක්ගෙන් ඉල්ල ගත්තා. එතකොටයි මේක දැක්කෙ. මම හිතන් හිටියේ මේක අප්පච්චිට කියන ගීතයක් කියලා. මේක ලයනල් රංවලගේ අදහසකට අනුව සිසිර දිසානායකද කොහෙදො ලියලා තියෙන්නෙ. සහන් රංවලත් වැඩේට සෙට් වෙලා. තමාගෙ අප්පච්චි වගේ හිටපු මී හරකා මැරිලා ඒ දුකට අඩන මිනිහෙකුගේ විලාපයක් තමා සින්දුවෙ තියෙන්නෙ. සින්දුව අන්තිම වෙනකම් තේරෙන්නෙ ඒක කියන්නෙ මිනිහෙකුට කියලා. එකම එක පේලියක් විතරයි තියෙන්නෙ මී හරකෙක් කියලා කියන. දුකම කතාව තමා මේක ලයනල් රංවල මහත්තයගෙ අන්තිම සින්දුවලු. මේකෙ වචන වල මොකක් හරි අවුලක් නිසා කියලා තමා කියන්නෙ. අදෝනාවක් වගේ ඇහුනට පට්ට සින්දුවක්.

ප.ලි – මම ඉල්ල ගත්ත පොත නැති වුනා. තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න. සල්ලි වලට හරි ගන්නම්.(ගම අවුලඤ්ඤං සමරු කළඹ)

%d bloggers like this: