කවලම් අච්චාරු

වෙන වෙනම ලියන්න තිබ්බ ඒවා එකතු කරලා එකක් ලියන්න හිතුනා.

——————————————————

පහත සදහන් පුද්ගලයන් ශ්‍රි ලංකාවේ බල ප්‍රදේශයට ඇතුල් වුනහොත් වහාම අත් අඩංගුවට ගෙන දස වස දිලා කනට ගහලා පයින් ගහන්න ඕනෙ.

1. GTalk එකේ ඉන්විසිබල් කෑල්ල හදපු එකා
2. Internet Explora හොයා ගත්ත එකා
3. ඩෙනිම් කලිසමට බොත්තම් දාපු එකා

——————————————————

ගත කල කාලය තුල මම දුටු චාටර්ම ගස් ටික පහතින් දැක්වේ. ඔබ අකමැතිම ගස යටින් ඉරක් අදින්න.

අ) සයන්ස් බවන ගාව කෝන් ගස (ගෙඩි තිබ්බට පොල්ලක්වත් ගහන්න බැරි වුන නිසා)
ආ) සයන්ස් එකේ නුග ගස (අම්මානෙකට ලස්සනට ගෙඩි ආවට කන්න බැරි නිසා)
ඇ) ඇණ උයනෙ ජෑම් ගස (කොච්චර ගෙඩි ආවත් මම කන්න යනකොට ගෙඩි නැති නිසා)
ඉ) භික්ෂු මධ්‍යස්ථානයේ සංඝා වාසය අසල පිණි ජම්බු ගස (ලස්සනට ගෙඩි ආවට එක ගෙඩියක්වත් කඩා ගන්න බැරි නිසා)
ඊ) ලීඩ්ස් එකේ තියෙන මාදං ගස (කන්න පුලුවන් විදිහට අත පාත ගෙඩි ආවෙ නැති නිසා)
උ) ජනාධිපතිය ඉස්සරහ තිබ්බ තැඹිලි ගස (ගෙඩි කඩා ගන්න පුලුවන් වුනාට ගෙඩි නැති නිසා)

——————————————————

චාල්ස් ඩාවින්ගේ සාපේක්ෂතා වාදය බොරු බව ඔප්පු කිරීමට මෙම වාක්‍යයෙන් පුලුවන.

-පට්ට ගඳ තැනක සිට(මරදානෙ වැසිකිලි වල) ගඳ නැති තැනකට ආ කෙනෙකුට එතැනින් සුවදක් නොදැනේ.-

——————————————————

අසම්පූර්ණ කවිය සම්පූර්ණ කර ලිව්වෙමි

සුවඳැල් කෙතට ඇතිය උඹෙ ඇල්මක්
ඒත් ගොයමෙන් නැහැ නේද බැල්මක්
වැඩක් නෑ තව එවන්නෑමයි සුලං රැල්ලක්
ආඩම්බරයි ලෝවාමහපායෙ කණු

——————————————————

ප.ලි – මේවා ඉතින් මෙහෙම ලියනවා මිසක්වා වෙන කොහොම ලියන්නද

Advertisements

ජෝක් සන්නියේ සැබෑ ස්වරූපය

අප කුඩා කාලයේ කැපී පෙනීම සදහා ජෝක් කළෙමු පසුව සමුහයක් බෙරා ගැනීමටත් අනුන් පින වීමටත් ජෝක් හෝ එවන් දේවල් කළෙමු ලෝකයේ මුල් ජීවින් මෙන්, ඔබේ ප්‍රීතිය භුක්ති විදීමේන් අපි ජීවත් වන්නෙමු. අප කරන මෝඩ ජෝක් වලට බොහෝ විට සිනා නොයන මුත් අපිව සතුටු කිරිමට බොරුවට සිනාවන බව අපි දනිමු. එවෙලෙට අපිත් සිනා වෙන්නෙ එය අපි දැනගත්තා බව ඔබට නොපෙන්වීමටය. ජෝක් කරීමේ සහජ හැකියාවක් ඇති අපිට මළගෙයක වුවත් හිනා යන්නෙ එය නවත්තන්ට නොහැකි ලෙස පත්තියන් වී ඇති නිසාවෙනි. ඇතැමුන් අපි කිසිවෙකුගේවත් දුක් නොහදුනා හැමදේම විහිළුවට ගන්නා පිරසක් බව සිතති. ඔබට වඩා අනුන්ගේ දුක හඳුනන අපි, ඔබව සතුටු කරන්නේ, අපේ දුක සගවා ඔබේ දුකත් නැති කිරීමටය. බොහෝ විට අපේ දුක බෙදෙන්නෙ ජෝක්කරුවන් අතර පමණි. ඒවාද බොහෝ විට පිළිතුරු රහිතව අවසන් වන සාකච්ඡාය. කෙල්ලන් ජෝක් කරන එවුන්ට අකමැති බව එක් ජෝක් කාරයෙක් කිවේය. එදින සිට මාත් සීරියස් මිනිසෙක් වීමට උත්සහ දැරූ මුත් හැම එකාම බාලාපොරොත්තු වන්නෙ ජෝක් කාරයෙක් පමණි. ඔබේ ජීවිතයේ වසර දෙක තුනක් දික් කිරීමට සිතා තව දින දෙකක් තුනක්වත් ඔබ වෙනුවෙන් අපි ජෝක් කරන්නෙමු. ඔහොම බලන්නෙ ඇයි? උඹලට මේකත් ජෝක් එකක්ද?

ප.ලි – ටිකක් සිනියර් ජෝක් කාරයෙක්ගේ කතාවක් අනුසාරයෙනි. 😦

%d bloggers like this: