The much awaited inauguration of the OSGRID of Second UCSC

අපේ ව්‍යාපෘතිය දැන් අලුත් තැනකට ඇන්න ආවා. ඇත්තටම කිව්වොත් දැන් මම මහ ලොකුවට කිව්වෙ මක්කද කියලා මේ ලොකේ ඕන උන්දැ කෙනෙක්ට බලන්න ඇහැකියි. අපි අපේ විශ්‍වවිද්‍යාලය ත්‍රිමාන මනඃකල්පිත ලෝකයේ(3D virtul world) හදපු කලාපය(region) ‍පොදු ජාලයකට (public grid) සම්බන්ද කොලා. (තේරුනේ නෑ නේද? මට වගේ ප්‍රඥාව තියෙනවනම් තේරෙන්න එපායැ.) අදම මේකට පාත්වෙච්ච උන්දැලට මේක ප්‍රංශ කුණුහරැප වගේ ඇති. අපි මොනාද කරන්ට යන්නෙ කියලා මම කලින් ලිපියක කිව්වා. අපිට ඕනෙ අපේ විශ්‍වවිද්‍යාලයෙ කරන වැඩ ත්‍රිමාන ලෝකයට ගේන්ට. මෙච්චර දවස්  අපි ඒක කරන්න දිවි පරදුවට තබා කටයුතු කොලා. (දැන්නම් මැරෙන්න වගේ තමා) අපි  එහෙම කලාපයක් OpenSim කියලා මොකක්ද එකක් අරගෙන කොලා. (කලේ කොහොමද කියලා පස්සෙ කියන්නම්) ඒක කොරන්න පට්ට server එහෙකුයි, දෙකේ හතරේ තිරයක් තියෙන  client පරිගනකයකුයි අරගත්තා. client එකට විතරක් ලක්‍ෂ 3ක් විතර ගියා. (හිතා ගනින්කො server එකේ ගාන)

දන්න නැටුම් දාලා කොහොම හරි මේක, දැනට ලෝකයේ, තම තමන්ගෙ කලාප නොමිලේ  සම්බන්ද කොරන්න දෙන ලොකුම ජාලය OsGrid එකට සම්බන්ද කොලා. මේක නිකන් වෙබ් අඩවියක් host කරනවාට වගේම දෙයක්. හැබයි ඊට වඩා වෙනස් දෙයක්. ඇත්තටම කීවොත් අපේ සර්වර් එකේ දුවන කලාපය web services හරහා OsGrid ජාලයට සම්බන්ද කොරොලා තියෙන්නෙ. පස්සෙ දැන ගත්තෙ අපෙ සර්වර් එක OsGridලෑ සර්වර් එකටත් වඩා බල සම්පන්නයි. අපි 8GB මතකයක් තියෙන සර්වර් එකක් පාවිච්චි කලාට උන්ට තියෙන්නෙ 4GB මතකයක් තියෙන දෙකයි පනහෙ එකක් විතරයි. උන්ටත් හූ කියවෙනවා ඕවා ඇහුවම. ඒත් ඉතින් ලංකාවේ අන්තර්ජාලයේ කන පැලෙන වේගය හින්දා අපිට මුකුත් තේරෙන්නෙ නෑ. කොහොමත් බෝතල් කටේ ප්‍රශ්නය හින්දා එක තේරෙන්න විදිහක් නෑ.
OsGrid කියන්නෙ OpenSim පාවිච්චි කරලා හදපු නිදහස් හා විවෘත ජාලයක්. Second Life තරම්ම වැඩ කිඩ නැති වුනාට 50000 කට කිට්ටු සාමාජිකයන් පිරිසක් ඉන්න 5000 ක් විතර මාසයකට සැරයක්වත් යන එන කලාප 6000 ක් විතර තියෙන මහා පතරංග එකක්. අපේ කලාපෙ නම sucsc කියලා හැදුවෙ.

අපි මෙච්ර දවස් කරපු එවැයින් පෙන්න පුලුවන් ජුන්ඩ මේකට දැන් දාලා තියෙන්නෙ. තව ලස්සන කරලා ගන්න ඕනෙ. බලන්න තරම් මහ ලොකු දෙයක් නෑ තමා. ඔය ටික කරන්නත් සෑහෙන දවස් ගියා.දැන් ඉතින් හුගක් දේවල් ඕකෙ තමා කොරන්නෙ. මට පින්සිද්ද වෙන්න අගෝස්තු ඉවර වෙන්න තිබ්බ ව්‍යාපෘති‍යේ පළවන අදියර තව සෑහෙන කාලයකට කල් ගියා. (අපි දෙන්න වැඩ ඉවර කලේ නෑනෙ. අපි කිව්වෙ ඉතින් මායි ප්‍රදීපනුයි තමා) තව සෑහෙන දේවල් මේකෙ කරන්න පුලුවන්. තුන වසර , හතර වසර කට්ටියට වගේම පශ්චාත් උපාධියකට කරන්නත් මේකෙ වැඩ තියෙනවා. කවුරුත් අත ගහන්න බය මේකෙ කියන හුගක් ජාති කවුරුත් අහලවත් නැති නිසා. කාටවත් පන්ගාත්තු කරන්න  බැරි අමාරුවෙ වැටෙයි කියලා  බයයි. දන්න තරමින් ලංකාවේ අපි තමා මුලින්ම මෙහෙම වැඩකට අත ගැහුවෙ. තව කට්ටියක් පස්සෙ කලා. තව මේ ගැන දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න. අනාගතයේදි වෙබ් අඩවි වගේම මේ ජාතියෙ ත්‍රිමාන වෙබ් අඩවිත් පාවිච්චි කරාවි. හැම තැනකටම තමන්ටම කියලා වෙබ් අඩවියක් තියනවා වගේම මේ වගේ තැනක තමන්ටම කියලා ගොඩනැගිල්ලක් හරි කලාපයක් හරි හදාගන්න කාලයක් ඒවි. මේකටත් වෙන විශ්‍වවිද්‍යාල Second Life එකේ කරලා ඇණ ගත්තා වගේ දෙයක්නම් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා. ඇහැකි නම් මේකට ගිහිල්ල බලන්න. යන එන මං නැති කට්ටියට යන්නෙ කොහොමද කියලා පස්සෙ කියන්නම්.

ප.ලි – ආ කියන්න අමතක වුනා. විශ්‍වවිද්‍යාල කට්ටියට කලාට තාම අපෙ විශ්වවිද්‍යාලයෙන් ඕකට එන්න  බෑ. ලොග් වෙන්න තියා Hippo viwer එක දාන්නවත් බෑ. අනේ සොරි හොදේ

Second UCSC

ලංකාවටම අළුත් දේවල් කරපු අපේ ucsc එකෙන් කරන තවත් අළුත් දෙයක් තමා සෙකන්ඩ් යූසීඑස්සී කියන්නෙ. හැමදාම යන lms එකට ත්‍රිමාන මුහුණුවරක් දෙන එක තමා මේකෙ මූලික අරමුණ. දවස්වල තමා මේක පටන් අරන් තියෙන්නෙ. මුලින්ම අදහස වෙලා තියෙන්නෙ second life එ‍ක වගේ මුල ඉදන් කරන්න. අපේ ආචාර්ය කෙනෙක් යටතෙ අපේම අක්ක කෙනෙක් තමා මේ අවුරුද්දෙ මේකෙ වැඩ බාර අරගෙන තියෙන්නෙ. මේකට තව තුන් හතර දෙනෙක්ම උදව් කරනවා. මුලින්ම කලේ මේක කරන්නෙ මොකෙන්ද කියල හොයන එක. හෙන කට්ටක් කාල හොයාගෙන තියෙනවා ඕපන් සිම්(OpenSim) කියල c# සර්වර් එකක්. ඒක වැඩ කරන හැටි බලල අක්ක තනියම c# වලින් ශ්‍රවනාගාරයක්, පච බංකු වගේ එවයෙන් විශ්ව විද්‍යාලයක්ම හදලා. මම සෙට් වුනේ මාර්තු වලදි. මුලදි කරන්න තියා හිතා ගන්නත් බැරි වුනා. මම ආපු මාසෙම sloodle කියල moodle මොඩියුලයක් හොයා‍ගත්ත. මම නෙමෙ ඉතින්. ඒකෙන් ඕපන් සිම් එකයි මූඩ්ල් එකයි සම්බන්ද කරන්න පුළුවන් වුනා. මම freeswitch දාල වොයිස් චැට් කරන හැටි හොයා ගත්ත. මම නෙමෙ ඉතින්. අක්කයි තව අයිය කෙනෙකුයි උදව් කලා. පස්සෙ තව එක්කෙනෙක් ආව. එයත් එක්ක එකතු වෙලා ලින්ඩන් ස්ක්‍රප්ට් වලින් පොඩි ඇල්ගො එකක් කරන හැටි හැදුවා. දැන් නම් වැඩෙන් 75% කි විතර ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. තාම ලිනක්ස් වලට හරියට වැඩේ ඔබා ගන්න බැරි වුනා. ඇත්තට බැළුවොත් 60% විතර ඉවරයි. මේ අගෝස්තු වලදි වැඩේ ඉවර කරන්නයි ඉන්නෙ. ඉවර කලාම ආයෙ ලියන්නම්.

%d bloggers like this: