ආර්තිකේ අපේ අතේ

හොදට ඉගෙන ගන්න පුතේ,
ඉගෙන ගෙන විශ්ව විද්‍යාලෙ යන්න.
ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් ලෝයර් කෙනෙක් වුනාම කාටද ආඩම්බර.

ඒ ඉස්සර.
දැන් තාක්සනේ දියුණුයි.
කොස් කොලයක් වුනත් ඔන්ලයින් විකුණන්න පුලුවන්.
ගෙදර ඉදන් ඇන්තූරින් වවන්න පුලුවන්.
කෙල්ලෙක් නම් බියුටි සැලුන් එකක් දාන්න.
කොල්ලෙක් නම් ජිම් එකක් දාන්න.
ගමට දැන් ජිම් එකක් තමා අඩු.

සල්ලි තියෙනවා නම් උපාධිය කරගන්න පුලුවන්.
කැමති නම් උපාධි දෙක තුනක් වුනත් පුලුවන්.
පශ්චාත් උපාධියට රට යන්නත් පුලුවන්.
IT කර ගත්තා නම් ගොඩම ගොඩ.
ඒරොප්පෙට වීසා එක දෙන්නෙ මේම මේම.
පදිංචියට වුනත් එහෙ යන්න පුලුවන්.
බැරි වුනොත් මෙහෙ ඉදන් හොදට හම්බ කරපන්.

ඇපල් එකේ ගැෆික් මරු.
ඒකට ගැලපෙන ෆෝන් එකක් ගත්තම කෙල්ලො එන්නෙ වහ වැටිලා.
කෙල්ලෙක් එක්ක බැරිස්ටා එකෙන් කෝපි බොන්න, පීසා එකක් කන්න.
තට්ටු 7ට ගේ හදන්න. චීන්නු දක්සයි ඕවාට.
ඒකට ඉතාලි ෆිටින්ස් දැන්ම නම් තමා හොද.
හොද කාර් එකක් ගන්නවා නම් ජපානෙන් තමයි.
රැංගුං තේක්ක දාලා ලී වැඩ ටික කරත්තා නම් මරු.

ගෙදර ඉන්න ගමන් කෑම හදන්න
පාම් පීසා මොසරැල්ලා දාලා හදන්න පුලුවන්.
බාස්මතී එකට හොද තුර්කි බාස්මතී එකක් ඇවිත් ලග සුපර් මාර්කට් එකට.
ඉන්දියාවෙන් බිත්තර, පකිස්තානෙ අල ලූනු සතොසෙ තියෙනවා දැන් ලාබෙට
උම්බලකඩ නම් මාලදිවයිනෙන්, තායිවාන් හාල්මැස්සො එක වේලෙන්නෙ මැෂින් වලින්.
ඔලිව් ඔයිල් එකේ දාපු සැමන් කොච්චර ගුණද.

ප.ලි – ඉස්සරත් ගොන්, දැන් ඉතින්…

පැටලුුන වචන

මම භාෂා ප්‍රවීණයෙක් නොවෙමි. නමුත් සිංහල කතා කරන්නෙකුට මෙම කරුණු තේරුම් ගැනීමට හැකිවේ යැයි සිතමි. අපි එදිනෙදා පාවිච්චි කරන වචන පාරිභාශික වචන ලෙස හැදින් වේ. වැඩිමනක් වචන යොදා ගන්නේ කතා කිරීමට බැවින් (ලිවීමට හා ඇඳිමට වඩා) මෙය කතාකරන භාෂාව ලෙසින් හැදින් වුවත් වරදක් නැත. යම් විෂයක් හැදෑරීමේදී එහි තිබෙන සංකල්ප හා යෙදීම් පැහැදිලි කිරීමට තාක්ෂණික වචන උපයෝගී කර ගනී. මෙයට බොහෝ විට පාරිභාශික වචන යොදා ගන්නා අතරම නව වචන නිපදවීමටද අවැසි වේ.
බටහිර විද්‍යාවන් සිංහලයෙන් ඉගැන්වීම ආරම්භ කරන කාලයේ (දැනට අවුරුදු 100කට විතර පෙර???) මේ තාක්ෂණික වචන හදුන්වා දීම ඉතා දක්ෂ ලෙස මෙය සිදු කර ඇති බවට 7 වසරේ විද්‍යාව ගුරුවරයා විසින් අපව දැනුවත් කළේය. ආලෝකය මගින් කාබන් ඩයොක්සයිඩ් හා ජලය යොදාගෙන ශාකයක ආහාර නිපදවීම යන සියල්ල එකට කැටි කිරීමට ප්‍රභාසංස්ලේෂණය ලෙස වචනයක් හදුන්වාදුනි. මෙය කෙතරම් සාර්ථකද කිවහොත් එහි ඉංග්‍රීසි වචනය සිංහල මාධ්‍යයෙන් විද්‍යාව හැදෑරුවෙකු කිසි දිනක සොයා බලන්නේ නැත.
අනෙක් මූලද්‍රව්‍ය සමග සංයෝග වී අම්ල සාදන වායුව අම්ලකර නම් වේ. එය නූතන රසායන විද්‍යාවේදී, ඔක්සිජන් අනෙක් මූලද්‍රව්‍ය සමග සංයෝග වීම ඔක්සිකරණය වන බවත් එයින් ලැබෙන ඵලය අම්ල බවත් උගන්වයි. ඒ අනුව බලද්දී සිංහල වචනය ඉංග්‍රීසි වචනයට (හෝ වෙනත් භාෂාවක) වඩා කොතෙක් සාර්ථකද යැයි පෙනී යනු ඇත.
ඇතැම් විට මේ වචන පෙරදිග විද්‍යාවේ භාවිතා වූවන් වන්නට ඇත. අද මා කීමට සැරසෙන්නේ ඇතැම් සිංහල තාක්ෂණික වචන වල ඇති ගැටලු හා දුර්වලතාය.
උප්පන්න සහතිකයේ “if grandfather born in Sri Lanka” යන්න සිංහලයට පරිවර්තනය වන්නේ “මුත්තා උපන්නේ ලංකාවේ නම්” ලෙසයි. ඇතැම් ප්‍රදේශ වල වයෝවෘද්ධ වැඩිහිටියන්ට මුත්තා ලෙස ගෞරව ආමන්ත්‍රනය කරයි. එසේ නැතිව පියාගේ පියාට වැඩිමනක් ලංකාවේ භාවිත කරනේ සීයා ලෙසින්ය. (නමුත් සීයා යනුද අවුරුදු 100ක් ජීවත් වූ පුද්ගලයෙකුට යොදන ගෞරවාන්විත අමාන්ත්‍රනයකි.) අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්තා යනු අපෝ හත් මුතු පරම්පරාවයි. (ඇතැම් විට මෙයට වෙනස් වචන භාවිතා කරයි) එවිට පියාගේ පියා අත්තා මිස මුත්තා නොවේ. නමුත් උප්පැන්න සහතිකයේ මුල් පරිවර්තකයාගේ වැරැද්ද නැවත නොවිමසා දිගටම එන බව මගේ අදහසයි.
“Notary public” යන්න සිංහලයට පරිවර්තනය වන්නේ “ප්‍රසිද්ධ නොතාරිස්” ලෙසය. නොතාරිස් යන වචනයේ ගැටලුවක් නැති මුත් ප්‍රසිද්ධ යන වචනයට වඩා මහජන යන වචනය මෙයට යෙදුවේ නම් කෙතරම් ගැලපේද යැයි ඔබට තේරෙනවා ඇත. “අපි දන්නේ නැතිවට ඔවුන් ප්‍රසිද්ධ ඇති” කියා ප්‍රසිද්ධ විහිලුවක් මේ ප්‍රසිද්ධ නොතාරිස් වරුන්ට ඇත.
ඇතැම් තාක්ෂණික වචන උගන්වන්නේ සාමන්‍ය සිංහල ශිෂ්‍යයන් පුදුම කරමින්ය. ඔවුන් මෙතෙක් භාවිත කල වචන අර්ථය නොදැන පාවිච්චි කල බවක් ගුරුවරු පෙන්වා දෙති. අවශ්‍යතා හා උවමනා ලෙසින් සමාන පද දෙකකි. Needs සහ wants යනුද ඉංග්‍රීසියේ සමාන පද දෙකකි. නමුත් වාණිජ විෂයේ සංකල්ප ඉගැන්වීමේදී ආහාර, ඇදුම් පැලදුම් ආදිය අවශ්‍යතා ලෙසත් ඒවා සපුරා ගැනීමට ගන්නා බත්, එළවළු, කලිසම්, ගවුම් ආදිය උවමනා ලෙසත් භාවිතා කරයි. එහි වැරැද්දක් නැත. නමුත් 10 වසරෙදී වාණිජ ගුරුවරයා මෙය උගන්වුයේ උවමනා වචනය වුවමනා ලෙස නිවැරදි විය යුතු බවත්, අවශ්‍යතා හා වුවමනා යනු කිසිවිටක සමාන පද නොවන බවත් ලෙස පවසමින්ය. මෙය අවශ්‍යතා හා උවමනා යනු සිංහයේ සමාන පද වුවත් මේ විෂයේ සංකල්ප විග්‍රහ කිරීමට එය වෙනස් අයුරින් යොදන බව පැවසුවා නම් මීට වඩා සාධාරන නොවේද.
මෙලෙසම සමාජ අධ්‍යන විෂයේදි (භූගෝලයේ කරුණු පැහැදිලි කිරීමේදී) මඩකලපුව කලපුවක් නොවන බව ගුරුවරුන් පවසයි. (එයට යෙදූ වචය මට දැන් මතක නැත. ද්‍රෝණි මෝය???) අනාදිමත් කාලයක සිට කලපුවක් වු මඩකලපුව එහි ගමේ නම පිලිබදවද නොසොයා එය කලපුවක් නොවේ යැයි කීම කෙතරම් අභාග්‍යද? එයද පෙර පරිදි තාක්ෂණික වචන හදුන්වාදීමේදී සිදුකල වරදක් නිසා වන්නට ඇත.
තාක්ෂණික වචන වැරදියටම යොදන්නේ සත්වවිද්‍යාවේ බව මගේ අදහසයි. ඔවුන් එය යොදනවා පමණක් නොව තමන්ගේ පණ්ඩිතකම් කියමින් සාමන්‍ය ජනයා හෑල්ලුවට ලක්කිරීම කේදජනකය.
කිතලා ලෙසින් අප පවසන කුරුල්ලෙකු වේ. “Common Purple Swamphen” ලෙස හදුන්වන මේ පක්ෂියා සිංහලයට පරිවර්තනය වන්නේ “පොදු දම් කිතලා” ලෙසින්ය. “Common” යනුවට “සාමන්‍ය” වචනය නොයොදා “පොදු” යන වචනය භාවිත කරමින් එයට නව ගැඹුරක් එක් කරන්නේ කිම? නියම පරිවර්තනය දම් කිතලා, කළු කිතලා වුයේ නම් සාමාන්‍ය ජනයාට මෙය සාමන්‍ය භාවිතයක් වනු බව මගේ අදහසයි.
Tiger හා Leopard යන වචන දෙකට “කොටියා” හා “දිවියා” ලෙසින් පරිවර්තනය කිරීම ප්‍රසිද්ධ ගැටළුවකි. අප ජන සමාජයේ සියලු ජන කතාවල සිටියේ කොටියන්ය. (නමුත් නව දර්ශනය අනුව ඒවා දිවියා ලෙසට වෙනස් වෙමින් පවතීම කණගාටුවට කරුණකි) මන්ත්‍ර හා යාතුකර්ම වල ඔවුන්ට කීවේ දිවියන් ලෙසය. එනම් මේ නම් දෙකම යෙදුවේ එකම සත්ව කොට්ඨාෂයකටය. (මේ පිළිබද විස්තරයක් සිංහල විකිපීඩියාවේ තිබීම භාග්‍යකි) නමුත් කොටියා ලංකාවේ නැතැයි කියමින් යන්නවුන්ට, මෙම වචන මාරුවට පෙර ලියවී ඇති පොත් වල, මෙම වචන දෙක සම සමව යෙදුන බව නිරීක්ෂණය කරන මෙන් ඉල්ලා සිටිමි. ඒ සදහා මෑත කාලයේ (දැනට අවුරුදු 50කට පෙර) ලියන ලද තාඹුගල ආනන්දසිරි හිමියන්ගේ “විසිපස් වසරක වන දිවි තොරතුරු” පොත මහත් ශාක්ෂියක් වනු ඇත. කොටි, ලේනම කොටි, කළු කොටි, අඳුන් දිවි, රතු දිවි ලෙසින් කොටියන් හා දිවියන් තමන් යාල වනයේ දුටු බව උන්වහන්සේ සදහන් කොට ඇත. මෑතකදී නැවත සොයා ගත් කළු කොටියා ඉතා ඉක්මනට කළු දිවියා වූ බව ඔබට මතක ඇත. අද ඉන්දියාවේ ව්‍යාඝ්‍රයා ලෙසින් හදුන්වන සත්වයාට සමාන ලක්ෂණ ඇති ලේනම කොටි ගැන පවා මෙහි විස්තර වන බැවින් ව්‍යාඝ්‍රයා යන නමද ලංකාවේ සතුන්ට භාවිතා කරන්න ඇතැයි මම යෝජනා කරමි. රතු දිවියාවල් බළලා ලෙස යෙදීමත් සොයා බැලිය යුතුය.
නවතම තාක්ෂණික ගැටලුව නරියා හා හිවලා යන වචන දෙකය. Fox යනු නරියා බවත් Jackal යනු හිවලා බවට පරිවර්තනය වී නරියා හා හිවලා වෙනස් සතුන් දෙදෙනෙක් බව පැවසීම හාස්‍ය ජනකය. අපි අපේ ජනකතා වල හා පොත්පත් වල මේ වචන දෙකම සම සමව භාවිතා කරන්නෙමු. නමුත් ඒ ගැන කිසිම සදහනක් නොකර ලංකාවේ නරි නැතැයි කිම ඛේදජනකය.
මා වාග් විද්‍යාව හදාරා නැතත් සිංහල වචනයක් ගෙන එය තවත් භාෂාවක තිබේ නම් එම වචනය එම භාෂාවෙන් සිංහලයට පැමිණි බව කීම විද්‍යාත්මක නොවේ. මේ පිලිබද හැදින්වීමක් අරිසෙන් අහුබුදු විසින් ඔහුගේ පොත් වල විස්තර කර ඇතත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප වෙමින් ඇත. නූතන වාග් විද්‍යාවේදී සිංහල වචන සකුවෙන්, පාලියෙන්, තේලිගු, වැනි භාෂාවලින් පැමිණියා මෙන්ම සියලු සංස්කෘත කටයුතු ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි බවට පුරා විද්‍යාවෙන් ප්‍රකාශ කිරීම දුක්බර කතාවකි.

ප.ලි – ඉදිරියේදී ලංකාවේ අලියා නැත සිටින්නේ හස්තියාය, බල්ලා නැත සිටින්නේ සුනඛයාය, පූසා නැත බළලාය කිව හොත් කලබල නොවන්න.

දත් දත් දොස්තර

කොරෝනා ආපු නිසා ගෙදර ඉදන් වැඩ කරනකොට තිස්ස ජනනායක මහත්තයාගෙ දන්තාලේප වීඩියෝ එක බැලුවාඋසස්පෙළ රසායන විද්‍යාවට කර්මාන්ත රසායනය උගන්වනකොටත් ඔය කිරිමැටි කතාව කියනවා විතරක් නෙමේ ෆ්ලෝරයිඩ් දත්වල ගෑවට දතේ තියෙන එනමලය වැඩෙන්නෙ නෑ කියලත් එදා දෙව්රුවන් අල්විස් ගුරුවරයා මට කියලා දුන්නා කියන්නෙ කැල්සියම් හෝ ෆ්ලෝරයිඩ් වලින් දත්වලට වැඩක් නෑ.

 වුණාට මහරගම දන්ත චිකිස්තාගරයට ගියාම වෙනම කතාවක්ඒකෙ දොස්තරලා හෙදියන් ඔක්කොම වාණිජ කළා විෂයන් කරපු අයද මන්දාදත්මදින එකම තමා කතාවපාවිච්චි කරන දත්බේත් එකේ ෆෝලොරයිඩ් නැති වුණොත් බෑලු.

වීඩියෝ එකේ අන්තිමට තියෙනවා වගේ බල්ලට උණ වැඩේ තමා අපිට වෙලා තියෙන්නෙඅපි (අපි කියන්නෙ සිංහලයොවෙන රටවල එවුන් මොනා කරාද දන්නෙ නෑඅපිට වැඩකුත් නෑඉස්සර දත් මැදලා නෑදත්වල මැලියම් ටික කෝටු කෑල්ලකින් අයින් කරපු එක තමා කරලා තියෙන්නෙදත්වල ඇනිලා තුවාල වෙන්නෙ නැතිවෙන්න බොඹු වගේ පාවිචිචි කරන්න ඇතිකොයි වෙලෙත් බුලත් හපයක් කටේ නිසා කට ගද ගහන්නෙත් නෑබුලත් කහටවලින් දත්වල එනමලය වැහිලා ආරක්ෂා කරනවා වගේම විෂබීජ වලටත් ඉඩක් නෑබුලත් විට නිතරම කන දත් ගලවපු අය නම් මට හම්බවෙලා නෑ.


ඒත් දත් දොස්තර ගාවට ගියාම බුලත් කහට තියෙන මනුස්සයෙක් ආවම පහත් කරලා කතා කරන්නෙබුලත් පිළිකාකාරයක්ලුෆොලෝරයිඩ කියන්නෙ නම් පිළිකාකාරකඒක බුලත් එක්ක එකතු වෙලා වැඩේ ඩබල් වෙනවාද දන්නෙ නෑකවුරුවත් ඕවා පරීක්ෂණ කරලා බලලා කියන ඒවා නෙමේනේ ඉතින්.


ඉතින් දත් මදින්නෙ මොනවද හොදදැන් සුද්දොත් අඟුරු වලින් මදිනවා කියලා මන් දැක්කා අඟුරු විකුණන්න තියෙනවාපොඩි කාලෙ අපිත් අඟුරු වලින් මැදලා දත් සුදු වුණාම සතුටු වෙනවාරසායන විද්‍යා ගුරුවරයා නම් කිව්වෙ ලුනු වලින් මදින්න කියලාඒත් දැන් ලුනු වල සහිද ලුනු තියෙන නිසා තොල කට පැළෙනවා කියලත් කියලා දුන්නාමගෙත් කට පැළුණ නිසා එදවස් වලම එක අතඇරලා දැන්මාදැන් ලුනු දාපු දන්තාලේපත් තියෙනවාසිංහල බෙහෙත් දාලා හදපු දත් කුඩු එකක් නම් හොදයිඒත් හොද දත් කුඩු එකක් හොයා ගන්න ඕනෙබුරුසුවකට වඩා ඇගිල්ලකින් දත් මදිනවා නම් හොදයිදත් අස්සෙ තියෙන මැලියම් යන්න ඇගිල්ල හොදටම ප්‍රමාණවත් මට නම්.  (එහෙම නැති කට්ටියත් ඇති)   පුළු පුළුවන් වෙලාවකට බුලත් විටක් කෑව නම් හොදයිදුන්කොලහුණු වගේ අලුත් ඒවා නැතිව කෑව නම් අවුලක් වෙන එකක් නැ.


ලෝකෙ මව්කිරි වැරුවට පස්සෙ කිරි බොන එකම සත්ව කොට්ඨාසය අපි කියලා කියන දොස්තරලා ලෝකෙ දත්මදින් එකම සත්ව කොට්ඨාසය කියලා කියන එකක් නම් නෑඑහෙම වුණේ මිනිස්සුන්ගෙ සංස්කෘතිය නිසාඅනුන්ගෙ සංස්කෘතියක් අපිට දීලා විජාතීයන් අපේ සල්ලි ටික උන්ගෙ රටවලට ඇදගන්නවා නේද කියලවත් හිතෙන්නෙ නෑනෙ.

.ලි – දැන් ඔක්කොම මේක කියවලා දවසට දෙසැරයක් දත් මැදලා නිදා ගනිල්ලාහෙට උදේටත් නැගිටලා දත් මැදහල්ලා.

කෙළ වුන් මටමමය.

ඉස්සර නම් හොඳය.
ගෙදර කටු මැටිය, බිමට ගොම මැටිය, වහලය පොල් අතුය.
හුණු ටිකක් ගාන්නත් රජයෙන් ඉඩක් නැත.
දැන්නම් එහෙම නැත.
අත්තිවාරම කළුගල්ය.
බිත්ති ගඩොල්ය.
බිමට කොන්ක්‍රීට් දමා ටයිල් කල යුතුය.
වහලයට විතරක් පතම පත වියදම්ය.
තොපිට නම් ආතල්ය.
කෙළ වුණේ මේ මටය.

ඉස්සර නම් හොඳය.
ගමන් ගියේ පයින්ය, බිමන් ගියේ ලොකු උන්ය.
කරත්තෙන් බඩු ඇද්දා, අනිත් උන් පයින් ඇද්දා.
දැන්නම් එහෙම නැත.
එකිනෙකා පරයන්න, රථ ගන්න පොර කන්න.
අපේ සල්ලි කුට්ටි පිටින්, පිටරටට පටවන්න.
රක්ෂණද වාරිකද ඒ මදිවට දඩ කන්න.
ඒක අරගෙනත් පාරෙ, තැක් ගැහි ගැහි ඉන්න.
තොපිට නම් ආතල්ය.
කෙළ වුණේ මේ මටය.

ඉස්සර නම් හොඳය.
තාත්තාගේ රස්සාව නොකොළොත් ඌ නොට්ටීය.
අමුතුවෙන් ඉගෙන ගන්නට, ඔළුවට බරක් නැත.
දැන්නම් එහෙම නැත.
තාත්තාට වඩා තොට යා හැකිය ඉහළටම.
මොන්ටිසෝරි නොගියොත් පොඩි එකා කොන් වෙති.
එකේ සිටි දහතුනට උන් යතිය පෙළ ගැහි.
එතනින් ඉවර නැත. උපාධිය ගත යුතුය.
පියාගේ රස්සාව නොවන නව රස්සාව
ඉගෙන ගන්නට වෙනවානේ, අනේ දැන් මුල සිටම.
පශ්චාත් උපාධියක් ගත්තේ නැත්නම් තොට
හැමදාම එකතැනම වෙනවානේ කඹුරන්ට.
තොපිට නම් ආතල්ය.
කෙළ වුණේ මේ මටය.

ඉස්සර නම් හොඳය.
එහෙන් මෙහෙට යයි. මෙහෙන් එහෙට යයි.
දෙපැත්තෙම තීන්දුනම් එහෙන් මෙහෙට එයි.
පරම්පරාවේ ඇඳුනුයි රත්තරන් වලින් ආභරණයි.
පෝරුවක් ගැහුවෙත් එහෙමත් එකෙක් මයි.
එන අයට කන්නට, කාලා රා ටිකක් බොන්නට.
ගමේ උන්ම එයි උදව් දෙන්නට.
දැන්නම් එහෙම නැත.
පෙර ශූට් එකේ සිට පසුව යන පැනිහඳට,
වියදම් එමට වෙයි බෑ උහුල ගන්නටම.
ගෙදර ඉඩ මදියි දෙතුන් සීය දෙනෙකුට.
පිඟානක් දෙතුන් දාහක්ය පිට තැනක පොඩි තැනක.
ගැහැනියගේ හොදම දින,
මාර්කටින් කතාවට අහු වෙලා ඔක්කොම.
අලුතින්ම ඇඳුනුත් රන් රිදී අභරණත්
හැඩ වැඩ වුණාමත් වියදම් තමා එමටත්.
තොපිට නම් ආතල්ය.
කෙළ වුණේ මේ මටය.

දැන් උනත් නරක නැත.
මළ ගෙයක් ගන්නේ, ඌ හිටපු ගෙදරනේ.
ගමේ උන් විත් දවස් හත අදීන්නේ.
පෙට්ටියක් ගන්නට, සොහොනට ගෙවන්නට
එන උන්ට කන්නට, හත් දවසෙ දානෙ දෙන්නට
කොහොම හරි ගැටයක්, දැනුත් පුළුවන් ගහල ගන්නට.
ඉස්සරහට එහෙම නැත.
මගේ මරණයට කරන්නට
යන මගේ දරුවන්ට,
මං හදපු ගෙදරත්, උන්ට පොෂ් මදි වෙතී.
මාව උස්සන් හන්දියට උන් යතිය පෙල සැදී.
හන්දියේ හොදම තැනේ
හොදම පෙට්ටියෙ මගේ
සිරුර තැන්පත් කරපිනේ.
වියදම් කරපන් තොපේ සේසතම ගෙන අතේ.
මට නම් ආතල්ය.
කෙළ වුණේ තොපිටමය.

ප.ලි – අළුත් අලුත් දේ කරන ජාතිය ලොව නොනගී. තව කරපිය තව කරපිය.

කුරුල්ලන් සමග කුරුට්ටෙක්

රාත්‍රියේදී කුලී නිවසේ නිහඩ බව බිදෙන්නේ කිරලුන් රංචුවකගේ කෑමොරයෙනි. ස්වභාදහමට කෙතරම් කැමති වුණත් ලෝකය පෙරළෙන්නාක් මෙන් බොරුවට කරන මේ සද්දයට මා කැමති නැත. උන්ට දවසක වෙන්නේ කොටියා ආ කතාවය. කුඩාකල පුස්තකාලයෙන් කියවූ සිරිලක අවේණික කුරුල්ලෝ කෘතිය මා කුරුල්ලන් ගැන කියවූ මුල් අත්පොතයි. බාලදක්ෂ ලොග් පොතේ කුරුල්ලන් දසදෙනාත් මා තනිව තොරතුරු රැස්කල ඒවායි. උසස්පෙළ කේවල ව්‍යාපෘතිය ලෙස කල අපේ ගමේ කුරුල්ලෝ ලෙසින් ව්‍යාපෘතියක් කළෙමි. කොළඹ විශ්‍යවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුල් වු පමණින්ම දකින් පක්ෂීන් සම්බන්ධ කුටියත් එහි සිටිනා නම අමතක වන රුවුළ දිග ආචාර්‍යවරයාත් කුරුල්ලන් පිළිබඳ මතකට අලුත් කරත් ඒ පිළිබද අවදානයක් මා යොමු කලේ නැත.

නමුත් කිරලා නිසාත් මා නිතර බලන මුහුණුපොතේ අප රටේ ඡායාරූප ශිල්පීන්ගේ අලංකාර ඡායාරූප නිසාත් ඊයේ සිටත් දෙතුන් වරක් ඇසූ “ඇය යන්න ගියා මැකිලා” සින්දුවත් නිසා කුරුල්ලන් ගැන මා ලද අත්දැකීම් කිහිපයකුත් මගේ ආකල්ප කිහිපයක් සටහන් කිරීමට සිතුණි.

වරක් අපි සිරීපාද රක්ෂිතයට අයත් සප්ත කන්‍යා කඳු වැටිය තරණය කිරීමට ගියෙමු. පාර වරද්දා ගත් අපි දිඹුල් ගාලකින් යාම නිසා අන්ත අසරණ තත්වයට පත් විය. පසු දින නියම මාර්ගයේ ගියද අප දුර්වල තත්වයේ වූ බැවින් පළමු වතාවට අපි පසුබැස්සෙමු. අපි එම සංචාරයේ වනාන්තරයට ඇතුල් වුනේවත් නැත. රැලේ හොදම ආබාධිතයා වූ මා අනෙකුන්ට පස්සෙන් පැමිණියෙමි. තාර පාරක පැමිණි මා දෙමලිච්චන් රංචුවක් දුටිමි. ලංකාවේ දෙමලිච්චන් යනු අමුතු පක්ෂියෙකු නොවුණත් මොවුන්ගේ තිබූ වර්ණය මා පුදුම කළේය. එය පෙර කී කෘතියේ රතු දෙමලිච්චන් මෙන් රතුම රතු පැහැය  විය.  මොවුන් සිරිලකට ආවේණික රතු දෙමලිච්චන් බව තේරුම් ගත් මා හැකි වෙර දමා අප පිරිස වෙත ගියේ මොවුන්ගේ ඡායාරූපයක් ගැනීමටය. නමුත් පිරිස මට තරමක් දුරින් ගමන් කල අතර නැවත කැමරාවක් රැගෙන ඒමට තරම් අපේ සිත ශක්තිමත් නොවීම නිසා ඡායාරූපයට ගැනීමට අපට නොහැකි විය. එතරම් දුර්ලභයැයි කියන පක්ෂීන් ග්‍රාමීය සීමාවේදී දැකීම මා කුතුහලයට පත් කළේය. පක්ෂී විශේෂඥයන් තම අධ්‍යනය වනාන්තර සීමාවේ පමණක් කිරනවාද? ඔවුන් එක මතකයට කොටු වී ඇද්ද යැයි මට සිතුනත් එය කල් යත්ම වියැකී ගියේය.

එය නැවත මතුව ආවේ අප විශේෂ පුහුණුවකට නුවරඑළිය පීඩෘ නම් කඳවුරට ගොස් සිටියදී වුණු සිද්ධියක් නිසාය. දිනක් අපිව කඳවුරේ පාගමනකට යැව්වේය. මානවකයන් හා බාලදක්ෂ නායකයන් ලෙස අපේ කොටස් දෙකක් වූ අතර දිගින් දිගටම වූ බහින් බස් වීමකින් පසු මානවකයන් පාගමනේ මුලින් යෑමට තීරණය වුණි. තරමක් දුර පාගමන ගියද මානවකයන් පාසටහන් වෙනස් කර තිබීම නිසා පාගමනේ සම්පූර්ණ අරමුණ වෙනස් විය. පාසටහන් සොයා ගැනීමට නිසා අපට කැලයේ රිසි සේ ඇවිදීමට හැකිවේ. නමුත් අපේ සගයෙක් එය හොරා පොලිස් තරගයක් කර ගත්තේ අපිට පසු පසින් පාගමන ඉවර කිරිමට වැර දරන මානවකයන් නිසාය. කාලයකට පසු අපි කුඩා දරුවෙන් මෙන් බිම පෙරළෙමින්, බඩගාමින් හැංගිමුත්තන් ක්‍රීඩාවක් කල අයුරු තවමත් සිහිවේ. එක් වරක මා ඉතා ඉහළින් සර්පන්ටයින් ගසක මුදුනේ වු රතු, දුඹුරු හා නිල් පැහැති කුරුල්ලන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු දුටුවෙමු. ඇටි කුකුළාගේ හා කොහාගේ මෙන් පෙදයක් ඔවුන් විය. මෙය ලංකාවට ඇවේනික කැහිබෙල්ලන් නේද කියා සිතුනත් මා අසල ගසකට මුවා වී සිටි සගයාගෙන් ඇසුවේ එය තහවුරු කිරීමටයි. තදින්ම තරගයේ සිටි ඔහු කටවහන් පාත් වෙලා වරෙන් කිවූ නිසා රිසි සේ ඔවුන් බැලීමට නොහැකි විය. පෙනෙන නොපෙනෙන උසින් මා දුටුවේ කැහිබෙල්ලන් නොවේද? සිංහරාජයේ පමණක් දක්නට ලැබෙනවා යැයි කී දුර්ලභ පක්ෂීන් පීඩෘ වැනි කුඩා වනයක සිටින්නේ කෙසේද?

ලංකාව යනු සංචාරක පක්ෂීන් විශාල වශයෙන් එන පෙදෙසකි. ඔවුන් හැතැප්ම දාස් ගාණක් ගෙවා ලංකාව වැනි කුඩා දූපතක් සොයා එන ආකාරය පුදුමය. නමුත් ඔවුන් සියල්ල විදේශිකයන් වන්නේ කෙසේද? ඔවුන් ඇතැමෙක් බිත්තර දමන්නේ මෙහේය. පැටවුන් සමග වැඩි කාලයක් ජීවත් වන්නේ මෙහේය. අප රටින් පිටරට ගොස් නැවත පැමිණෙන අයට අපි විදේශිකයන් කියන්නේ නැත.

කුරුල්ලන් බැලීමට කුමන යන කොළඹ බොහෝ පිරිස් දියවන්නා ඔයේ සිටින පක්ෂීන් හෝ අත්තිඩියේ සිටින පක්ෂීන්ගෙන් අඩක්වත් දැක නැත යන්න මගේ සිතුවිල්ලයි.

ප.ලි – සිතනා විදිහට අප සොයනා දේවල් වෙනත් ලෙසකට සිතා අධ්‍යනය කල යුතුය. යමෙක් අපිට කියා දුන් දෙයම සත්‍ය යැයි සිතා සිටීම මෝඩකමකි.

මිය යන රටක සිට

දීර්ඝ ලිපියක් ලියන්නේ හිතේ ඇති තරහ හා කලකීරීමට මැඩ පවත්වා ගැනීමටයි. මෙයට තර්ක විතර්ක බලාපොරොත්තු නොවේ.

මා වෙන රටක වෙන ජාතියක සිටියේ නම් මෙතෙක් දුක් නොවනු ඇත. මා දුක්වන්නේ රට වැසියා නොහොබිනා දේවල් කරන නිසාවත් ඔවුන් නිකරුණේ පව් සිද්ධ කරන නිසාවත් නොවේ. මේ සියල්ලම පිටරුටියන්ගේ උවමනාවට ඔවුන්ගේ බත බුලත සරු කිරීමට අපි කරනා කත් ඇදීම නිසාවෙනි. තමන්ගෙ සල්ලි නම් අවැඩය සිදුවන්නේත් තමන්ට නම් අනිත් එවුන්ට ඇති අමාරුව කුමක්දැයි දැන් දැන් නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි. සියලු පව් වැඩ, තර්ක ඉදිරිපත් කර ඒවා හොද වැඩ හා කල යුතු වැඩ කිරීම, ඒවා සංස්කෘතියේ අංගයක් කිරීම දැන් සිරිතක්ව සිටී. මේවායින් ජාතියක් ලෙස අපි සදාචාරයක් නැති වුන් ලෙස පහතට වැටෙන අතර ඒවා කිරීමට පිටරටට සල්ලි යවන බැවින් ආර්ථික අතින්ද අපි පහළට වැටෙනු ඇත.

ස්ප්‍රයිස් ප්‍රපෝසල් එකක් දැක සියල්ල එහි හොද නරක ගැන කතිකාවතක් පටන් ගෙන ඇත. උන් දෙන්නට හොදයි නම් අපිට මොකද යැයි කීමට හැක. සිතිය හැක. නමුත් අනාගතයේ එය ව්‍සංගතයක් මෙන් හැම තැනම පැතිරී අති දුෂ්කර පෙදෙස්වලට ඔය විෂබීජය යා හැකිය. නොයෙක් ව්‍යාපාරිකයින්, වැඩසටහන් අධ්‍යක්ෂකයන්, නැටුම් කණ්ඩායම් මෙයින් හොදට හම්බකරනවා ඇත. මේවා සංස්කෘතියට එක් කරන්නට වැඩිම දායකත්වය දෙන්නේ ඔවුන්ය. පැකේජ් එකට ප්‍රී ශූට් එක නිකන් දෙන්නේත්, තැන්කියු කාර්ඩ් නිකන් දෙන්නේත් මේවා සමාජ ගත කර එවා සමාජයේ අවශ්‍යතාවයක් කිරීමටයි. අද සමාජයට විහිළුවක් වන මෙවැනි දේවල් හෙට පරපුරට අනිවාර්‍ය දේවල් වන බව කාටවත් තේරෙන්නේ නැත.

ලංකාවේ පරිපාලන කේෂත්‍රයට පුහුණු කාලය තුළ මත්පැන් පානයට, රාත්‍රී සමාජ ශාලාවලට යාමට පුරුදු කරන්නේ ඇයි දැයි මට ප්‍රශ්නයකි. රජයේ උසස් නිලධාරීන්ද ඒවා වැරදි ලෙස සලකන්නේ නැත්නම් වත්මනේ මත්පැන් පානය, දුම්වැටි බීම සාමාන්‍ය දෙයක් වුණා මෙන් අනාගතයේ රාත්‍රී සමාජ ශාලාවලට යාමත් සාමාන්‍ය දෙයක් වනු ඇත. දැනටමත් එය සාමාන්‍ය දෙයක් දැයි මම නොදනිමි. කාන්තාවක් මත්පැන් බොන එක දැනටත් සමාජයේ පිළිකුල් කරයි. මා දන්නා තරමින් මා විෂ්‍ය විද්‍යාලයේ සිටි කාලයේ කෙල්ලන් මත්පැන් ගත්තේ නැත. දෙතුන් දෙනෙක් අප්‍රසද්ධියේ ගත්තා විය හැක. නමුත් දැන් ඔවුන්ගෙන මත්පැන් නොබොන අය ඉන්නවාදැයි මා නොදනී. තම දරුවන්ට මත්පැන් දී සමාජ ශාලාවලට යන පිටරැටියන් මෙන් අනාගතයේ අප මව්වරුත් කරනවා ඇත. මෙතරම් කෙටි කාලයක් තුළ වූ වෙනස්කම් දරා ගත නොහැකි තරම්ය.

මේ පරිගණකයට ඇබ්බැහි වූ මා වුණත් එහි එක්තරා කොටස් කාරයෙකි. නැවත කියන්නේ අපිට මූලික අවශ්‍යතාවයන් අමතක වී ඇති අතර නව අවශ්‍යතාවයන් අපට හදුන්වා දෙමින් තිබේ. අපිව සදාචාරාත්මක් අතින්ද ආර්ථක අතින්ද පහළට දැමීමට සියලු කටයුතු සිදුවේ.

ප.ලි – අනවශ්‍ය උවමනා සමාජගත කිරීමට මූලින්ම දායකත්වය දක්වන පිරිසට සාප කරමි. පසුගාමීන්ට සාප නොකරන්නේ මමත් ඔවුන් අතර වන බැවිනි.

 

අහසක කඳුළු

මගේ පොඩි වැස්සට
ඔබේ ගඟ දිය පිටාර යයි නම්

ගං වතුරත් කොහෙට හෝ යා යුතුය.
ගඟ සිදෙන තෙක් බලා සිටිමි.
මා කල වරද ගැන දුක් වෙමි.
ගඟ දිය සිදෙන තුරු
මා සුළං හැමුවෙමිබැරිම තැන කෑ ගැසුවෙමි.
මට කල හැක්කේ එපමණද

නැවත පුරවගමි, මා දුන් කඳුළු දිය
ආයෙත් වැටෙන් නැති වෙන්නම
හිතට දුක නැති නිසා නොව
වැවක් වන්නට බැරි නිසා

.ලිමම අහස. ඔබ බාරුසිය. ඔව්, කවදා හෝ මගේ අහස් ගඟ.

මා දුටු කඨින පෙරහර

දීපංකර බුදුන් කල
රිද්දි බිසව් හත් දෙනෙකි.
උස්සන්ගොඩද? කූරගලද? කෙසේ හෝ
ඔවුන් කපු වැව්වෝය, නෙළුවේාය,
කපු කැටුවෝය, විව්වෝය.
මුල්ම කඨින සිවුර මැසුවෝය, පිදුවෝය.
කල්ප ගාණක් ගත වුණි.
මහා භද්‍ර කල්පය වුණි.
ගෝතම බුදුන් පිරිනිවණින්
අවුරුදු දෙදෙහස් පන්සීයයක් ඉක්මුණි.
අදත් සිරිත පවතී.
කපු වවන්නේ තියා දකින්නවත් නැත.
කඩෙන් ගන්නා සිවුරක් ගෙදරක තබාගෙන,
දළදා පෙරහරක් ලෙසටම හිතාගෙන,
එකෙක් පරයා තව එකෙකුට නොදෙවෙනිව,
ඇත් අස් රිය පාබල පෙරට ගෙන,
යකඩ කටින් පිරිතක් දමාගෙන,
ඇහැරවන් ඉන්න මිනිසුන් නිවාඩුවේ නිදාගෙන,
අන්තිම හරියෙ පන්සලට කඩාගෙන බිදගෙන,
ගොස් පුදයි කඨින සිවුරක් පන්සලට.
නිධාන කතාවක් නොදත් මිනිසුන්
ඇහුවොත් කියාවි..
මේ අපේ සංස්කෘතිය බොලව්.

ප.ලි – අපි නොදන්න සංස්කෘතිය. අවුරුදු 5කට කලින් මල් පෙරහරක් පමණක් ගිය, දැන් චතුරංගනී සේනාවම එක් කරගෙන දුක්විදින.

The සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණ නම් ඉතින් අපි වගේ කට්ටියට හැමදාමනෙ. ඔය අතරෙ පත්තරේකින් ආවා කියහන්කො මාත් එක්ක කතා කරන්න. උන්දැ එක්ක කතා කරපු එක මං ලියාගත්ත විදිහ මේ.

මා = මාධ්‍යවේදියා;
ම = මම;

මා – අද මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නෙ ලංකාවෙ ලොකු සමාගමක ජේෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. ආයුබෝවන් දිනුක.
ම – ආයිබෝවන්!
මා – සම්පූර්ණ නම් කිව්වනම්.
ම – රාජපක්ෂ පතිරගේ දොන් දිනුක තිලංග පෙරේරා.
මා – දිග වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
ම – අම්මා දාපු නමනෙ. වාසගම දාපු එකානම් මට තාම හම්බවුණේ නෑ. අපෙ තාත්තගෙ තාත්තටත් ඒක තිබ්බා.
මා – දිනුක ඉපදුණේ කොහෙද?
ම – ඉස්පිරිතාලෙ.
මා – නෑ මං ඇහුවෙ ඉස්පිරිතාලෙ කොහෙද කියලා.
ම – ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටෙ නව රෝහලේදි
මා – ඒ කියන්නෙ දිනුකගෙ ගම කෝට්ටෙ?
ම – නෑ මහරගම. මහරගම තියෙන්නෙ පිළිකා රෝහල විතරයිනෙ.
මා – මේ දවස් වල මොකද කරන්නෙ?
ම – Angular වලින් ව්‍යාපෘතියක් කරනවා. තව මාස 3, 4කින් ඔයාලාට බලා ගන්න පුළුවන් වේවි. ඒ මදිවට පශ්චාත් උපාධියක් කරනවා. ඒක නම් අවුරුදු ගානකින්වත් මට බලාගන්න බැරි වෙයි වගේ.
මා – දැන් PHP කරන්නෙ නැද්ද?
ම – නෑ. මං ටික කාලෙකට PHP වලින් ඈත් වෙලා Angular වලට බැස්සා. අවස්ථාවක් ලැබුණොත් ආයෙ PHP වලට බහිනවා. ඒත් දැන් අපිට කවුරුත් ඒවාට කතා කරන්නෙ නෑ. ඒවා කරන්න ගොඩක් අය ඉන්නවානෙ. ECTA ආවම කරන්නම වෙන එකක් නෑ.
මා – කොහොමද මේ කේෂේත්‍රයට සම්බන්ධ වුණේ.
ම – උපාධියක් කරලා තමා ආවේ. දැන් හිතෙනවා උසස්පෙල කලෙත් අපරාදෙ කියලා.
මා – ලැබෙන හැම ව්‍යාපෘතියක්ම ඔබ භාර ගන්නවාද?
ම – පිස්සු හැදෙයි. හොදට හිතලා බලලා තමා. හොදයි කියලා හිතෙන ව්‍යාපෘති බාරගන්නවා.
මා – විවේක කාලෙදි මොකද කරන්නෙ.
ම – අපිට ඉතින් විවේක කාලයක් නැති තරම්. ඔෆිස් වෙලාවෙ facebook හරි youtube හරි ගියොත් තමා. ගෙදර එන්නෙ නිදාගන්න බලාගෙන.
මා – දිනුක මොනාද වැඩිය කන්න කැමති?
ම – සයිවර් කෑම වලට තමා. ඉදලා හිටලා වඩයක් ගෙඩියක් කාලා පේලේන්ටියක් බීලා එනවා. ඉස්සරහට නම් ECTA ආවාම සයිවර්ම තමා කන්න වෙන්නෙ.
මා – ජනප්‍රිය වෙන්න ආස නැද්ද?
ම – අපෝ නෑ. තව වැඩ ටිකක් වැඩි වෙලා තියෙන නිදහසත් නැතිවෙන පොටක් ඕක. මේ ඉන්න විදිහ හොදා.
මා – ඉතින් මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ? මොනවද බලාපොරොත්තු?
ම – මොනා කරන්නද මන්දා අප්පා. හරි අවිනිශ්චිතයි. මේ කේෂේත්‍රයෙන් අයින් වෙලා වෙන මොනා හරි කරන්න තිබ්බා නම් හොදයි. ECTA ආවොත් මොනා වේවිද දන්නෙ නෑ.
මා – අලුතෙන් කේෂේත්‍රයට එන එයට කියන්න තියෙන්නෙ මොකක්ද?
ම – තමන්ට තියෙන හැකියාව තේරුම්ගන්න. කුලීවැඩ, වඩුවැඩ,  මේසන් බාස්ලටත් අද හොදට ගෙවනවා. ගෙදරටම වෙලා මොනා හරි කරන්න පුළුවන්නම් හොදයි. මං කියන්නේ freelance වගේ ඒවා නෙමේ. කඩදාසි උර අලවනවා, හතු වවනවා වගේ ස්වයං රැකියාවක් කරන්න පුළුවන්නම් හොදයි.
මා – අන්තිමට මොනාද රසිකයන්ට කියන්න තියෙන්නෙ.
ම – ECTA/CIPA එපා කියලා තමා.

ප.ලි –

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඞා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ

කූඩාරම

61604713046136c44707126e060b5425

ඊයෙ එකෙක් කතා කරලා ටෙන්ට් එකක් ඉල්ලුවා. එතකොට තමා මට මතක් වුණේ කූඩාරමක් ගන්න මං හිතන් හිටියා කියලා.කූඩාරමක් නෙමේ පා ගමන් යන්න සම්පූර්ණ ගමන් මල්ලක්ම හදා ගන්න ඕනෙ කියලා අදහසක් හැම පාගමනක් යන්න දවසකට කලින් මට ඇති වෙනවා. මුලින්ම අපි කූඩාරම් ගැන කතා කරමු.

පාගමනට අවශ්‍යම හා සොයා ගැනීමට අපහසුම ද්‍රව්‍ය මා පෙර කී කූඩාරමයි. මට මුලින්ම මතක් වෙන්නේ බාලදක්ෂ කුටියේ වූ හම යනකන් පාවිච්චි කල කිලෝ 10ක් විතර බර යකඩ කූරු සහිත කාර් ටෙන්ට් එකයි. ශාප කරමින් පරිහරණය කරත් එය අවුරුදු10ක් පමණ හොදින් පරිහරණය කල බව දන්නෝ දනිති. පාගමනක් සදහා සුදුසු කූඩාරමක පහත සදහන් දේවල් සලකා බැලිය යුතුය.

  • තෙමෙන නොතෙමෙන බවවැස්සොත් තෙමෙන්නේ නැති කූඩාරමක් මට අද වන තෙක් හමු වී නැත. ලංකාවට බහුතරයක් කූඩාරම් ලැබෙන්නේ මැදපෙරදිගින්ය. වර්ෂාවක් නොදකින ඔවුන්ගෙන් ලැබෙන්නේ හොදට වාතාශ්‍රය ලැබෙන ආකාරයට දැල් සහිත සමර් ටෙන්ට්ය. ඒවායේ ඇති fly sheet ලෙස හදුන්වන කූඩාරම උඩට එළෙන රෙද්දෙන් වන්නේ පින්නෙන් ඔබව ආරක්ෂා කිරීම පමණි. සම්පූර්ණයෙන් වැසෙන කුඩා කවුළු සහිත ආනයනය කරන කූඩාරම් ඇත්තේ ඉතා සුළු වශයෙන්ය. ඒවා රුපියල් 30000කට වඩා වැඩිය.
  • බරපාගමන් වලට ආධුනිකයෝ කූඩාරමේ බර අවතක්සේරුවෙන් කතා කරයි. වරක් එකෙක් කිලෝ 15ක් පමණ බර කූඩාරමක් රැගෙන එනන් සැදුවේය. පාගමන අවසානයේ බර අඩු කිරීමට ප්ලාස්ටික් බෝතලයත් විසිකරන තත්වයට පත්වන බව ඔවුන් දන්නේ නැත. ඔබේ කූඩාරම කූරුකූඥ,fly sheet,ground sheet සියල්ල සමග කිලෝ 5කට වඩා අඩු වෙනවා නම් හොදයි. නමුත් මා කලින් කී සමර් ටෙන්ට් බරින් අඩු ඒවාය. හොදින් වර්ෂාවෙන් ආරක්ෂාවන ආකාරයේ කූඩාරමක් කිලෝ 5කට වඩා බරය. එයකිලෝ 8කට වත් අඩු කර ගැනීමට උස්සහ කරන්න.
  • ප්‍රමාණයපුද්ගයන් 2, 4, 6, 8…ආදී ලෙසින් කූඩාරම් වල ප්‍රමාණය තීරණය කරයි. 6 දෙනෙක්ට ප්‍රමාණවත් කූඩාරමක්(උපරිම වර්ග අඩි 60ක්) වඩා සුදුසුය. (පාගමන් කණ්ඩායමකට සුදුසුම ප්‍රමාණය 6ත් 8ත් අතරය. ඊට වැඩි වෙනවා නම් කූඩාරම්දෙකක් ගෙන යාම වඩා සුදුසුය.)
  • හැඩයබොහෝ සම්ර් ටෙන්ට් හතරැස්ය. අපි ඒවාට ඉබ්බා කියන්නේ නිසයි. නමුත් කූඩාරම් දිගටි වෙනවා නම් වඩා සුදුසුයකැලයකකන්දක හරි හතරැස් ඉඩකට වඩා දිගටි ඉඩක් සොයා ගැනීම ඉතා පහසුය. නමුත් මේ දිගටි බව වැඩි වුණොත් වැඩේ කචල්ය. 3:4 අනුපාතයෙන් වනවා නම් සුදුසුය. කූඩාරම එතරම් උස විය යුතු නැත. උපරිම අඩි 5ක් ප්‍රමාණවත්ය.
  • මසා ඇති රෙද්දමෙය අනිවර්‍යයෙන්ම නොතෙමෙන එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එහි ඝනකම ගැන සැලකිලිමත් වෙන්න. කවුළුවලට අමතරව දැල් ඇත්නම් එය ගත්තොත් ඔබට ඉන්න වෙන්නේ තෙමෙමින් බව මතක තබා ගන්නඕනාට වඩා ඝණකම් රෙදි ඇති කූඩාරම් බර බැවින් කූඩාරමේ බරත් සලකා බලා කූඩාරම තෝරා ගන්න.
  • කූරුදැන් බොහොමයක් ඇත්තේ ෆයිබර් බටයි. ඉතා සිහින් කූරු බරින අඩු නමුත් ඉතා ඉක්මනින් කුඩු පට්ටම් විය හැකකූඩාරමේ ප්‍රමාණය සලකා බලා කූරු ගන්න. (බොහෝ විට කූඩාරමත් සමග එන කූරු කූඩාරමට සෑහේ) කූඩාරමට ඇත්තේ යකඩ කූරු නම් ගැටලුවක් මතු වෙනවා ඇත. ඉක්මනින් මල බැදීමත් එකක් කැඩුනොත් සාදා ගැනීමට ඇති අපහසුවත් අලුත් කූරුසොයා ගැනීමේ අපහසුවත් ඔබට ඇති වනවා ඇත.
  • කූඥ – (මේ වචනය හරි නේද?:P) කූඩාරමේ හැඩය පවත්වා ගැනීමට අවම කූඥ 4ක් අවශ්‍ය වේ. ඊට අමතරව fly sheet එකට අවශ්‍ය කූඥ 4ක් පමණ තිබිය හැක. ඉතා බර හා දිග කූඥ වැඩක් නැත. එමෙන්ම සැහැල්ලු ඇලුමිනියම් කූඤත් වැඩක් නැත. සමර්ටෙන්ට් වල ඇත්තේ මේ සරල කූඥයි. ඒවා රළු පොළවකදී නැමී කැඩී යා හැක.
  • මිලලංකාවේ තෙත් කලාපයේ පාගමන් වලට නුසුදුසු සමර් ටෙන්ට් එකක් ඔබට 10කට වඩා අඩු ගණනකට ගත හැක. නමුත් මා ඉහත කී දේවල් ඇතුළත් කූඩාරමක් රුපියල් 30000කට වැඩිය. රුපියල් 30000කට ඔබ ගන්නා අගනා කූඩාරම කැලයේ මඩ ගොහොරුවක ගසා තැබීමට සිදුවනවා ඇත. කූඩාරම් පරිස්සම් කිරීමට ඉතා අපහසුය. ඉරෙන්නේ නැතිව පාවිච්චි කල කූඩාරමක්මට හමු වී නැත. බොහෝ කූඩාරම් වල මැහුම් කාලයත් සමග දිරා යයි. මේ නිසා රුපියල් 15000කට වඩා වියදම් නොකරන්න.

අනෙකුත්බොහොමයක් සෝබන කූඩාරම් දැන් වෙළද පොළේ ඇත. කාමර සහිතනොයෙක් විකාර හැඩඉදිරියේ ඉස්තෝප්පුවක් සහිත කූඩාරම් ගැනීම මම නම් අනුමත කරන්නේ නැත. ඉහත මුල් කරුණු සපුරන්නේ නැත්නම් වෙන මොනා තිබ්බත් වැඩක් නැත.

.ලිරූපයේ ඇති ආකාරයේ කූඩාරමක් නම් සුදුසුය. ගාන තමා ප්‍රශ්නෙ.

Previous Older Entries