The සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණ නම් ඉතින් අපි වගේ කට්ටියට හැමදාමනෙ. ඔය අතරෙ පත්තරේකින් ආවා කියහන්කො මාත් එක්ක කතා කරන්න. උන්දැ එක්ක කතා කරපු එක මං ලියාගත්ත විදිහ මේ.

මා = මාධ්‍යවේදියා;
ම = මම;

මා – අද මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නෙ ලංකාවෙ ලොකු සමාගමක ජේෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. ආයුබෝවන් දිනුක.
ම – ආයිබෝවන්!
මා – සම්පූර්ණ නම් කිව්වනම්.
ම – රාජපක්ෂ පතිරගේ දොන් දිනුක තිලංග පෙරේරා.
මා – දිග වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
ම – අම්මා දාපු නමනෙ. වාසගම දාපු එකානම් මට තාම හම්බවුණේ නෑ. අපෙ තාත්තගෙ තාත්තටත් ඒක තිබ්බා.
මා – දිනුක ඉපදුණේ කොහෙද?
ම – ඉස්පිරිතාලෙ.
මා – නෑ මං ඇහුවෙ ඉස්පිරිතාලෙ කොහෙද කියලා.
ම – ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටෙ නව රෝහලේදි
මා – ඒ කියන්නෙ දිනුකගෙ ගම කෝට්ටෙ?
ම – නෑ මහරගම. මහරගම තියෙන්නෙ පිළිකා රෝහල විතරයිනෙ.
මා – මේ දවස් වල මොකද කරන්නෙ?
ම – Angular වලින් ව්‍යාපෘතියක් කරනවා. තව මාස 3, 4කින් ඔයාලාට බලා ගන්න පුළුවන් වේවි. ඒ මදිවට පශ්චාත් උපාධියක් කරනවා. ඒක නම් අවුරුදු ගානකින්වත් මට බලාගන්න බැරි වෙයි වගේ.
මා – දැන් PHP කරන්නෙ නැද්ද?
ම – නෑ. මං ටික කාලෙකට PHP වලින් ඈත් වෙලා Angular වලට බැස්සා. අවස්ථාවක් ලැබුණොත් ආයෙ PHP වලට බහිනවා. ඒත් දැන් අපිට කවුරුත් ඒවාට කතා කරන්නෙ නෑ. ඒවා කරන්න ගොඩක් අය ඉන්නවානෙ. ECTA ආවම කරන්නම වෙන එකක් නෑ.
මා – කොහොමද මේ කේෂේත්‍රයට සම්බන්ධ වුණේ.
ම – උපාධියක් කරලා තමා ආවේ. දැන් හිතෙනවා උසස්පෙල කලෙත් අපරාදෙ කියලා.
මා – ලැබෙන හැම ව්‍යාපෘතියක්ම ඔබ භාර ගන්නවාද?
ම – පිස්සු හැදෙයි. හොදට හිතලා බලලා තමා. හොදයි කියලා හිතෙන ව්‍යාපෘති බාරගන්නවා.
මා – විවේක කාලෙදි මොකද කරන්නෙ.
ම – අපිට ඉතින් විවේක කාලයක් නැති තරම්. ඔෆිස් වෙලාවෙ facebook හරි youtube හරි ගියොත් තමා. ගෙදර එන්නෙ නිදාගන්න බලාගෙන.
මා – දිනුක මොනාද වැඩිය කන්න කැමති?
ම – සයිවර් කෑම වලට තමා. ඉදලා හිටලා වඩයක් ගෙඩියක් කාලා පේලේන්ටියක් බීලා එනවා. ඉස්සරහට නම් ECTA ආවාම සයිවර්ම තමා කන්න වෙන්නෙ.
මා – ජනප්‍රිය වෙන්න ආස නැද්ද?
ම – අපෝ නෑ. තව වැඩ ටිකක් වැඩි වෙලා තියෙන නිදහසත් නැතිවෙන පොටක් ඕක. මේ ඉන්න විදිහ හොදා.
මා – ඉතින් මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ? මොනවද බලාපොරොත්තු?
ම – මොනා කරන්නද මන්දා අප්පා. හරි අවිනිශ්චිතයි. මේ කේෂේත්‍රයෙන් අයින් වෙලා වෙන මොනා හරි කරන්න තිබ්බා නම් හොදයි. ECTA ආවොත් මොනා වේවිද දන්නෙ නෑ.
මා – අලුතෙන් කේෂේත්‍රයට එන එයට කියන්න තියෙන්නෙ මොකක්ද?
ම – තමන්ට තියෙන හැකියාව තේරුම්ගන්න. කුලීවැඩ, වඩුවැඩ,  මේසන් බාස්ලටත් අද හොදට ගෙවනවා. ගෙදරටම වෙලා මොනා හරි කරන්න පුළුවන්නම් හොදයි. මං කියන්නේ freelance වගේ ඒවා නෙමේ. කඩදාසි උර අලවනවා, හතු වවනවා වගේ ස්වයං රැකියාවක් කරන්න පුළුවන්නම් හොදයි.
මා – අන්තිමට මොනාද රසිකයන්ට කියන්න තියෙන්නෙ.
ම – ECTA/CIPA එපා කියලා තමා.

ප.ලි –

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඞා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ

5 Comments (+add yours?)

  1. Sandamal Perera
    Sep 27, 2016 @ 10:54:15

    ECTA/CIPA එපා තමා …

    Reply

  2. Yasith Gamage
    Sep 27, 2016 @ 11:55:11

    මා – ජිවිතේ වැඩියෙන්ම සතුටු උන දවස මතකද ?
    ම – තවම නැහැ. ECTA නැහැ කියල නිල වශයෙන් ප්‍රකාශ කරන දවස තමයි.

    මා – එතකොට වැඩියෙන්ම දුක් උන දවස.
    ම – ECTA ගේනවා කියපු දවස තමයි.

    මා – අනාගත බලාපොරොත්තු එහෙම මොනවද ?
    ම – ECTA නවත්තන එක තමයි.

    මා – දිනුක හිතන විදියට මෘදුකාංග ඉන්ජිනේරුවෙක්ට ECTA වලට අමතරව තියෙන අනිත් ලොකුම අභියෝගය මොකක්ද ?
    ම – සයිවර් කඩවලින් කාල බඩ එන එක තමයි ඉතින් :p

    Reply

  3. AnujAroshA
    Sep 27, 2016 @ 21:37:00

    උඹ ETCA කියනකොට කොහෙන් හරි ‘කීක්’ සද්දයක් ආවද? මාධ්‍යවේදියාට ඒක ඇහිලම නෑනේ. මන් හිතන හැටියට උන්ට ඇහෙන එකකුත් නෑ.

    Reply

  4. තිස්ස දොඩන්ගොඩ
    May 05, 2017 @ 17:47:25

    දැන් ලියන්නෙ නෑ වාගෙ නේද?
    ඕං ඉතින් මේක බලල තමා නම ගම දැනගත්තෙ…

    Reply

Leave a comment