උන්මාදනී හා ගැහැණු ළමයි

උන්මාදනී හැන්ඟුණා – අනුරාග දෑසින් බලා
සොදුරුයි සුපෙම් ලෝචනා – නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා – රාධා මගේ අංගනා

මල් මී සුගන්දේ නැලවී වෙලී
මල් වැල් ගොතන්නී – වෘන්දා වනේ
නිල් විල් තලාවේ කිමිදී මිදී – කොයිදැයි විදින්නේ සැන්දා සුවේ
රන්මිනි මෙවුල් දම් විදිනා වෙලේ
කො කොයිද රාධා උන්මාදනී

ගෝපි ලියන් හා යමුනා තෙරේ – අවුදින් මුළා වූ රාධා මගේ
වස්සානයේ හා මේ කුළුවලින් – සංතාපයේ මා පොද වෑහුණේ
රන්මිනි මෙවුල් දම් විදිනා වෙලේ
කො කොයිද රාධා උන්මාදනී

සංගීතය – භාතිය හා සන්තුශ්
ගායනය – භාතිය හා සන්තුශ්

හැම වෙලාවෙම සංස්කෘතිය, ඉතිහාසය ලියනවට වඩා වෙනස් දෙයක් ලියන්න හිතුණා.
ලගදි අරේ මරේ අහද්දි තමා මේ අදහස පාත් වුණේ.
මේ සිංදුව අහල තිබ්බට මේ සිංදුව කවුරුවත් විශ්ලේෂණය කරලා තිබ්බෙ නෑ. (තිබ්බද දන්නෙ නෑ. මට හම්බවුනේ නෑ)
බලන්න මේ සිංදුවෙ ගෑනු ළමයින්ගෙ නම් කීයක් තියෙනවද කියලා.

  1. ලෝචනා
  2. ගායනා
  3. අංජනා
  4. රාධා
  5. අංගනා
  6. රන්මිනි
  7. යමුනා

ඇත්තටම මේ සින්දුව කියන්නෙ කාටද කියල තමා ප්‍රශ්නය.
තව ඒවා තියෙනවනම් කියන්න.

4 Comments (+add yours?)

  1. ජයනාත්
    Jul 08, 2010 @ 14:05:59

    සිංදුව කියන්නේ නම් රාධා ට

    Reply

  2. අසුරයා
    Jul 08, 2010 @ 14:53:36

    අහවල් කෙන් ගෙඩියකටද අංජනාව හොයලා තියෙන්නෙ?

    Reply

  3. ජයනාත්
    Jul 08, 2010 @ 16:27:14

    අංජන කියන්නේ අඳුන්. ඇස් සිසිල් කරන පුරාණ බෙහෙතක්

    Reply

  4. අසුරයා
    Jul 08, 2010 @ 16:57:37

    එහෙනම් හරි රාධට තමා කියන්නෙ

    Reply

Leave a comment