පැටලුුන වචන

මම භාෂා ප්‍රවීණයෙක් නොවෙමි. නමුත් සිංහල කතා කරන්නෙකුට මෙම කරුණු තේරුම් ගැනීමට හැකිවේ යැයි සිතමි. අපි එදිනෙදා පාවිච්චි කරන වචන පාරිභාශික වචන ලෙස හැදින් වේ. වැඩිමනක් වචන යොදා ගන්නේ කතා කිරීමට බැවින් (ලිවීමට හා ඇඳිමට වඩා) මෙය කතාකරන භාෂාව ලෙසින් හැදින් වුවත් වරදක් නැත. යම් විෂයක් හැදෑරීමේදී එහි තිබෙන සංකල්ප හා යෙදීම් පැහැදිලි කිරීමට තාක්ෂණික වචන උපයෝගී කර ගනී. මෙයට බොහෝ විට පාරිභාශික වචන යොදා ගන්නා අතරම නව වචන නිපදවීමටද අවැසි වේ.
බටහිර විද්‍යාවන් සිංහලයෙන් ඉගැන්වීම ආරම්භ කරන කාලයේ (දැනට අවුරුදු 100කට විතර පෙර???) මේ තාක්ෂණික වචන හදුන්වා දීම ඉතා දක්ෂ ලෙස මෙය සිදු කර ඇති බවට 7 වසරේ විද්‍යාව ගුරුවරයා විසින් අපව දැනුවත් කළේය. ආලෝකය මගින් කාබන් ඩයොක්සයිඩ් හා ජලය යොදාගෙන ශාකයක ආහාර නිපදවීම යන සියල්ල එකට කැටි කිරීමට ප්‍රභාසංස්ලේෂණය ලෙස වචනයක් හදුන්වාදුනි. මෙය කෙතරම් සාර්ථකද කිවහොත් එහි ඉංග්‍රීසි වචනය සිංහල මාධ්‍යයෙන් විද්‍යාව හැදෑරුවෙකු කිසි දිනක සොයා බලන්නේ නැත.
අනෙක් මූලද්‍රව්‍ය සමග සංයෝග වී අම්ල සාදන වායුව අම්ලකර නම් වේ. එය නූතන රසායන විද්‍යාවේදී, ඔක්සිජන් අනෙක් මූලද්‍රව්‍ය සමග සංයෝග වීම ඔක්සිකරණය වන බවත් එයින් ලැබෙන ඵලය අම්ල බවත් උගන්වයි. ඒ අනුව බලද්දී සිංහල වචනය ඉංග්‍රීසි වචනයට (හෝ වෙනත් භාෂාවක) වඩා කොතෙක් සාර්ථකද යැයි පෙනී යනු ඇත.
ඇතැම් විට මේ වචන පෙරදිග විද්‍යාවේ භාවිතා වූවන් වන්නට ඇත. අද මා කීමට සැරසෙන්නේ ඇතැම් සිංහල තාක්ෂණික වචන වල ඇති ගැටලු හා දුර්වලතාය.
උප්පන්න සහතිකයේ “if grandfather born in Sri Lanka” යන්න සිංහලයට පරිවර්තනය වන්නේ “මුත්තා උපන්නේ ලංකාවේ නම්” ලෙසයි. ඇතැම් ප්‍රදේශ වල වයෝවෘද්ධ වැඩිහිටියන්ට මුත්තා ලෙස ගෞරව ආමන්ත්‍රනය කරයි. එසේ නැතිව පියාගේ පියාට වැඩිමනක් ලංකාවේ භාවිත කරනේ සීයා ලෙසින්ය. (නමුත් සීයා යනුද අවුරුදු 100ක් ජීවත් වූ පුද්ගලයෙකුට යොදන ගෞරවාන්විත අමාන්ත්‍රනයකි.) අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්තා යනු අපෝ හත් මුතු පරම්පරාවයි. (ඇතැම් විට මෙයට වෙනස් වචන භාවිතා කරයි) එවිට පියාගේ පියා අත්තා මිස මුත්තා නොවේ. නමුත් උප්පැන්න සහතිකයේ මුල් පරිවර්තකයාගේ වැරැද්ද නැවත නොවිමසා දිගටම එන බව මගේ අදහසයි.
“Notary public” යන්න සිංහලයට පරිවර්තනය වන්නේ “ප්‍රසිද්ධ නොතාරිස්” ලෙසය. නොතාරිස් යන වචනයේ ගැටලුවක් නැති මුත් ප්‍රසිද්ධ යන වචනයට වඩා මහජන යන වචනය මෙයට යෙදුවේ නම් කෙතරම් ගැලපේද යැයි ඔබට තේරෙනවා ඇත. “අපි දන්නේ නැතිවට ඔවුන් ප්‍රසිද්ධ ඇති” කියා ප්‍රසිද්ධ විහිලුවක් මේ ප්‍රසිද්ධ නොතාරිස් වරුන්ට ඇත.
ඇතැම් තාක්ෂණික වචන උගන්වන්නේ සාමන්‍ය සිංහල ශිෂ්‍යයන් පුදුම කරමින්ය. ඔවුන් මෙතෙක් භාවිත කල වචන අර්ථය නොදැන පාවිච්චි කල බවක් ගුරුවරු පෙන්වා දෙති. අවශ්‍යතා හා උවමනා ලෙසින් සමාන පද දෙකකි. Needs සහ wants යනුද ඉංග්‍රීසියේ සමාන පද දෙකකි. නමුත් වාණිජ විෂයේ සංකල්ප ඉගැන්වීමේදී ආහාර, ඇදුම් පැලදුම් ආදිය අවශ්‍යතා ලෙසත් ඒවා සපුරා ගැනීමට ගන්නා බත්, එළවළු, කලිසම්, ගවුම් ආදිය උවමනා ලෙසත් භාවිතා කරයි. එහි වැරැද්දක් නැත. නමුත් 10 වසරෙදී වාණිජ ගුරුවරයා මෙය උගන්වුයේ උවමනා වචනය වුවමනා ලෙස නිවැරදි විය යුතු බවත්, අවශ්‍යතා හා වුවමනා යනු කිසිවිටක සමාන පද නොවන බවත් ලෙස පවසමින්ය. මෙය අවශ්‍යතා හා උවමනා යනු සිංහයේ සමාන පද වුවත් මේ විෂයේ සංකල්ප විග්‍රහ කිරීමට එය වෙනස් අයුරින් යොදන බව පැවසුවා නම් මීට වඩා සාධාරන නොවේද.
මෙලෙසම සමාජ අධ්‍යන විෂයේදි (භූගෝලයේ කරුණු පැහැදිලි කිරීමේදී) මඩකලපුව කලපුවක් නොවන බව ගුරුවරුන් පවසයි. (එයට යෙදූ වචය මට දැන් මතක නැත. ද්‍රෝණි මෝය???) අනාදිමත් කාලයක සිට කලපුවක් වු මඩකලපුව එහි ගමේ නම පිලිබදවද නොසොයා එය කලපුවක් නොවේ යැයි කීම කෙතරම් අභාග්‍යද? එයද පෙර පරිදි තාක්ෂණික වචන හදුන්වාදීමේදී සිදුකල වරදක් නිසා වන්නට ඇත.
තාක්ෂණික වචන වැරදියටම යොදන්නේ සත්වවිද්‍යාවේ බව මගේ අදහසයි. ඔවුන් එය යොදනවා පමණක් නොව තමන්ගේ පණ්ඩිතකම් කියමින් සාමන්‍ය ජනයා හෑල්ලුවට ලක්කිරීම කේදජනකය.
කිතලා ලෙසින් අප පවසන කුරුල්ලෙකු වේ. “Common Purple Swamphen” ලෙස හදුන්වන මේ පක්ෂියා සිංහලයට පරිවර්තනය වන්නේ “පොදු දම් කිතලා” ලෙසින්ය. “Common” යනුවට “සාමන්‍ය” වචනය නොයොදා “පොදු” යන වචනය භාවිත කරමින් එයට නව ගැඹුරක් එක් කරන්නේ කිම? නියම පරිවර්තනය දම් කිතලා, කළු කිතලා වුයේ නම් සාමාන්‍ය ජනයාට මෙය සාමන්‍ය භාවිතයක් වනු බව මගේ අදහසයි.
Tiger හා Leopard යන වචන දෙකට “කොටියා” හා “දිවියා” ලෙසින් පරිවර්තනය කිරීම ප්‍රසිද්ධ ගැටළුවකි. අප ජන සමාජයේ සියලු ජන කතාවල සිටියේ කොටියන්ය. (නමුත් නව දර්ශනය අනුව ඒවා දිවියා ලෙසට වෙනස් වෙමින් පවතීම කණගාටුවට කරුණකි) මන්ත්‍ර හා යාතුකර්ම වල ඔවුන්ට කීවේ දිවියන් ලෙසය. එනම් මේ නම් දෙකම යෙදුවේ එකම සත්ව කොට්ඨාෂයකටය. (මේ පිළිබද විස්තරයක් සිංහල විකිපීඩියාවේ තිබීම භාග්‍යකි) නමුත් කොටියා ලංකාවේ නැතැයි කියමින් යන්නවුන්ට, මෙම වචන මාරුවට පෙර ලියවී ඇති පොත් වල, මෙම වචන දෙක සම සමව යෙදුන බව නිරීක්ෂණය කරන මෙන් ඉල්ලා සිටිමි. ඒ සදහා මෑත කාලයේ (දැනට අවුරුදු 50කට පෙර) ලියන ලද තාඹුගල ආනන්දසිරි හිමියන්ගේ “විසිපස් වසරක වන දිවි තොරතුරු” පොත මහත් ශාක්ෂියක් වනු ඇත. කොටි, ලේනම කොටි, කළු කොටි, අඳුන් දිවි, රතු දිවි ලෙසින් කොටියන් හා දිවියන් තමන් යාල වනයේ දුටු බව උන්වහන්සේ සදහන් කොට ඇත. මෑතකදී නැවත සොයා ගත් කළු කොටියා ඉතා ඉක්මනට කළු දිවියා වූ බව ඔබට මතක ඇත. අද ඉන්දියාවේ ව්‍යාඝ්‍රයා ලෙසින් හදුන්වන සත්වයාට සමාන ලක්ෂණ ඇති ලේනම කොටි ගැන පවා මෙහි විස්තර වන බැවින් ව්‍යාඝ්‍රයා යන නමද ලංකාවේ සතුන්ට භාවිතා කරන්න ඇතැයි මම යෝජනා කරමි. රතු දිවියාවල් බළලා ලෙස යෙදීමත් සොයා බැලිය යුතුය.
නවතම තාක්ෂණික ගැටලුව නරියා හා හිවලා යන වචන දෙකය. Fox යනු නරියා බවත් Jackal යනු හිවලා බවට පරිවර්තනය වී නරියා හා හිවලා වෙනස් සතුන් දෙදෙනෙක් බව පැවසීම හාස්‍ය ජනකය. අපි අපේ ජනකතා වල හා පොත්පත් වල මේ වචන දෙකම සම සමව භාවිතා කරන්නෙමු. නමුත් ඒ ගැන කිසිම සදහනක් නොකර ලංකාවේ නරි නැතැයි කිම ඛේදජනකය.
මා වාග් විද්‍යාව හදාරා නැතත් සිංහල වචනයක් ගෙන එය තවත් භාෂාවක තිබේ නම් එම වචනය එම භාෂාවෙන් සිංහලයට පැමිණි බව කීම විද්‍යාත්මක නොවේ. මේ පිලිබද හැදින්වීමක් අරිසෙන් අහුබුදු විසින් ඔහුගේ පොත් වල විස්තර කර ඇතත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප වෙමින් ඇත. නූතන වාග් විද්‍යාවේදී සිංහල වචන සකුවෙන්, පාලියෙන්, තේලිගු, වැනි භාෂාවලින් පැමිණියා මෙන්ම සියලු සංස්කෘත කටයුතු ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි බවට පුරා විද්‍යාවෙන් ප්‍රකාශ කිරීම දුක්බර කතාවකි.

ප.ලි – ඉදිරියේදී ලංකාවේ අලියා නැත සිටින්නේ හස්තියාය, බල්ලා නැත සිටින්නේ සුනඛයාය, පූසා නැත බළලාය කිව හොත් කලබල නොවන්න.

1 Comment (+add yours?)

  1. pajayatunga
    Nov 20, 2022 @ 15:31:30

    Saparamadu’s book

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: